A/L Econ and BS club

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ada man dannam ,mata free ekk thnawa ,
    මේ එකම විෂයකට කියන නම් දෙකක් කියල තම අලුත් විෂය නිර්දේශය තුල කියන්නේ ,එක යොදා ගන්නා අවස්ථාව අනුව බාවිතා කරන්න කියලත් අවදාරණය කරනවා ,කොහෙහැටි වෙතත් උසස් පෙළ විෂය 1997 වෙනකම් නම තිබ්බේ ගණකාධිකරණය කියල එතකොට පිරිවැය ගිණුම් කරණය හා කළමනාකරණ ගිණුම්කරණය තිබ්බේ නැ .එදෙක ආවට පස්සේ තමයි ගිණුම්කරනය කියල නම් ආවේ ,එත් සමහර පොත් වල කියනවා පොත් තැබීම වෙනකම් ගණකාධිකරණය අනික් පියවර අවමගිණුම්කරණයකියල ,මන් මේගැන මගේ ගුරුතුමාගෙන් අහල කියනම් හරියටම
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    555sbc.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2015 වසරේ හෙරිටේජ් පදනම විසින් ගණනය කරනු ලබන ගෝලීය ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ ලකුණු 58.6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව රටවල් 178ක් අතරෙන් 101 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
    මෙම දර්ශකයට අනුව 2001-2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස දැඩි පසු බෑමකට ලක්වී ඇත.
    කෙසේ වෙතත් අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී මෙම කාලය තුළ 66 වැනි ස්ථානයේ සිට 119 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට වැටී ඇත.
    පශ්චාත් යුද සමයේදී මෙම ඍණ ප්‍රවණතාව වෙනස් කරමින් යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වුවද එම ප්‍රගතිය කෙටි කාලීන ප්‍රවණතාවක් බව පෙනී යයි. 2013-2014 වසර දෙක තුළ නැවැතත් ආර්ථික නිදහස පසුබෑමක් පෙන්නුම් කරයි. මෙහිදී වෙළෙදාමට සහ ආයෝජනයට ඇති නිදහස සීමා වීම විශේෂයෙන් කැපී පෙනෙයි.

    හෙරිටේජ් පදනම 1995 සිට මෙම දර්ශකය ගණනය කරනු ලබයි. මෙහිදී පුළුල් ක්‍ෂේත්‍ර 04ක් ඇගැයීමට ලක් කරයි. එනම් නීතියේ පාලනය, රජයේ සීමිත බව, රෙගුලාසිවල කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළ විවෘත භාවය යන ක්‍ෂේත්‍ර 04යි. ආර්ථික නිදහස රටකට වැදගත් වන්නේ මෙම නිදහස සහ අනෙකුත් ආර්ථික සාධක අතර ධනාත්මක සම්බන්ධයක් ඇති බැවිනි. උදාහරණයක් ලෙස පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ රටක ආර්ථික නිදහස සහ මානව සංවර්ධන දර්ශක අතර ධනාත්මක සංවර්ධනයක් ඇති බවය.
    එසේම ආර්ථික නිදහස වැඩි රටවල බහුමාන දරිද්‍රතාව අඩු බවද පර්යේෂණ මඟින් පෙන්වා දේ. බහුමාන දරිද්‍රතාව, තනි පුද්ගලයකුට අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇතිඅපහසුතාව සහ ජීවන තත්ත්වය ඇගැයීමට ලක් කරන නිර්ණායකයකි. රූප සටහන් 1 මගින් පෙන්වා දෙන පරිදි මෙම දර්ශකය ගණනය කිරීමේදී මෙම ක්‍ෂේත්‍ර 04 නිර්ණායක 10ක් ආශ්‍රයෙන් ඇගැයීමට ලක් කරනු ලබයි.
     
    • Like
    Reactions: King_cobra

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියම වැඩක් මචං කීප් ඉට් අප් :D
    මේ අවුරුද්දේ ලියනවා නම් ගෘප් එකට රික්වෙස්ට් කරන එක වැසි වෙයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාල් මාක්‌ස්‌,
    ධනවාදය බිඳවැටීම කල්තියා දුටු ශ්‍රේෂ්ඨයා

    කාල් මාක්‌ස්‌

    ප්රුසියානු රාජ්‍යයේ රයින්ලන්තයෙහි නගරයක්‌ වූ ට්‍රීර්හි දී 1818 වසරේ කාල්මාක්‌ස්‌ උපත ලැබී ය. ඔහුගේ පියා නීතිඥයකු වූ අතර මව වැඩිදුර අධ්‍යාපනයක්‌ නොලද ගැහැනියක වූවා ය. බොන් හා බර්ලින් සරසවිවල දී නීතිය, දර්ශනය හා ඉතිහාසය හැදෑරූ මාක්‌ස්‌ 23 වැනි වියේ පසුවෙද්දී එනම් 1841 වසරේදී දර්ශනය පිළිබඳ සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ය. රැඩිකල් කණ්‌ඩායමක්‌ හා සම්බන්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔහු කථිකාචාර්යවරයකු වීම පිණිස සිත තුළ වූ අදහස එහෙමම හැර දැමුවේ ඒ වෙනුවට Rheinishe Zeitung සඟරාවේ මාධ්‍යවේදියෙක්‌ බවට පත් වීම සඳහාය. මෙසේ එම සඟරාවේ කටයුතුවල නියෑලී ඉන්නා අතරේ ශීඝ්‍රයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න කෙරේ ව්‍යාවෘත වූ ඔහු ප්රූසියානු රජය හා එහි මර්දනකාරී දේශපාලනය හා ප්‍රතිපත්ති දැඩි විවේචනයට බඳුන් කරමින් සඟරාවේ සෑම කලාපයකටම ලිපි රචනා කරමින් සිය දායකත්වය සැපයී ය. සමහරු පවසා සිටියේ මාක්‌ස්‌ගේ රචනා හාස්‍ය දනවන තරම් වැල්වටාරම්වලින් ගහන බවයි. එහෙත් ඒ වනාහි සත්‍යයට බොහෝ ඈතින් පවත්නා අදහසකි. මාක්‌ස්‌ තරම් බුද්ධිමය වශයෙන් ඉතා ඉහළ අගයක්‌ ගන්නා වූ ද, ප්‍රතිභාසම්පන්න වූ ද එසේම මනා උත්තේජනයක්‌ සපයන්නා වූ ද අයුරින් දේශපාලනය, ආර්ථික විද්‍යාව හා දර්ශනය පිළිබඳ ලියූ අන් ලේඛකයකු මට නම් කිසිදාක හෝ හමු වී නැත.​

    ඔහු වැල්වටාරම්කරුවකු වී නම් ධනවාදීහු මෙතරම් ඔහුට බිය නොවනු ඇත්තා හ. ඔහු සෑම විටම සාරගර්භ ලේඛකයෙක්‌ ද වූවේ ය. ඔහුගේ ප්‍රධාන කෘතීන් අතරෙහි ආර්ථීක හා දාර්ශනික අත්පිටපත්, ජර්මානු දෘෂ්ටිවාදය (එංගල්ස්‌ සමඟ) කොමියුනිස්‌ට්‌ ප්‍රකාශනය (එංගල්ස්‌ සමඟ) දේශපාලන ආර්ථික විද්‍යාවට විවේචන, ප්‍රාග්ධනයේ I, II හා III මෙතරම්, අතිරික්‌ත වටිනාකම පිළිබඳ න්‍යාය, ගෝතා වැඩසටහන් පිළිබඳ විවේචන යන්න ඇතුළත් ය. ඊට අමතරව ඔහු දේශපාලන, ආර්ථික හා සමාජ ගැටලූ අරභයා ලියූ ලිපි සිය ගණනකි. එසේම ඒ අතරේ ඔහු සිය දේශපාලන සගයන්ට මෙන්ම පසමිතුරන්ට ද ලියූ ලිපි දහස්‌ ගණනකි. ඔහු විසින් මේ සෑම රචනාවක්‌ම කරන ලද්දේ ධනවාදය මුලිනුපුටා දැමීමේ අරමුණෙනි. මාක්‌ස්‌ට අනුව ධනවාදය යනු සකලවිධ නූතන සමාජ අවාසනාවන්හී මූලයයි. ධනවාදය යනු පුද්ගලික දේපළ හිමිකාරිත්වය. නිදහස්‌ වෙළෙඳ පොළ තරගය, ලාභාපේක්‌ෂාව හා නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික හිමිකාරිත්වය මත පදනම් වන ආර්ථික ක්‍රමයකි. එහෙයින් මාක්‌ස්‌ගේ මූලික අවධානය යොමුව පැවතියේ ධනවාදය බුද්ධිමය වශයෙන් බිඳ හෙළීම කෙරෙහි ය. ඔහු ද හේගල් පරිදිම ප්‍රගතිකාරක ඉතිහාසයන් කෙරේ විශ්වාසය තැබුව ද හේගල්ට වෙනස්‌ව යමින් ධනවාදයේ පරිහානිය අපේක්‌ෂා කළේ, එහෙයින්ම තරුණ වියේ සිට දිවා රෑ නොබලා මේ අරමුණ මස්‌තකප්‍රාප්ත කර ගැනීම උදෙසා සුවිශේෂී ශාස්‌ත්‍රීය ප්‍රතිභානයකින් හා නොනිවෙන විප්ලවීය ජීවගුණයකින් යුතුව වෙහෙස නොබලා ක්‍රියාකාරී වීමෙනි. මාක්‌ස්‌ කිසිම විටෙකත් ඇඩම් ස්‌මිත්, ඩේවිඩ් රිකාඩෝ හා තෝම්ස්‌ මැල්තස්‌ විසින් හඳුන්වාදෙන ලද දේශපාලන ආර්ථීක විද්‍යාව සමඟ එකඟ වූයේ හෝ ඒ ගැන තෘප්තිමත් වූයේ නැති. ඒ වෙළෙඳපොළ ක්‍රමයට රාජ්‍යය මැදිහත් නොවීමේ ඔවුන්ගේ න්‍යාය මගින් කරන ලද්දේ දිළින්දා හා පීඩිතයාට එරෙහිව සිය සූරාකෑමේ යාන්ත්‍රණය නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ධනපතියන් හට පදනමක්‌ සැපයීම හා එය සාධාරණීකරණය කිරීම පමණක්‌ම වූ හෙයිනි. මාක්‌ස්‌ සිය අග්‍ර කෘතිය වූ ප්‍රාග්ධනයේ මේ ධනවාදී ආර්ථීක ක්‍රමය වෙත සිය විවේචනය සුපැහැදිලිව හා විස්‌තරාත්මකව ඉරිපත් කළේ ය. මාක්‌ස්‌ විසින් මෙහි පළමු වෙන්ම 1867 දී පළ කරන ලද අතර දෙවන හා තෙවන වෙළුම් පිළිවෙළින් 1885 හා 1894 දී පළ කරන ලද්දේ ය.​

    ප්‍රාග්ධනය​

    මාක්‌ස්‌ ධනවාදය සිය විනාශය කැඳවා ගන්නා ආකාරය පිළිබඳ පුරෝකථනය කළේ 'ප්‍රාග්ධනය' කෘතිය තුළින් බව වටහා ගැනීමත් සමඟ ම එම කෘතියේ අලෙවිය වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. (මාක්‌ස්‌ගේ ප්‍රාග්ධනය කෘතිය විසිවන සියවස තුළ ඉහළමඅලෙවිය සහිත කෘති තුන අතරට ඇතුළත් වෙයි. අනෙක්‌ කෘති දෙක වනුයේ 'ශු. බයිබලය' හා නීට්‌ෂේගේ 'සරතුස්‌ත්‍රා මෙසේ කීය' යන්නයි.) 2008-2009/2010 ආර්ථීක අවපාත සමයේ දී විශේෂයෙන්ම ඉන් බලපෑමට ලක්‌ වූ ධනවාදී රටවල නායකයන් හා ධනවාදී ආර්ථීක විද්‍යාඥයන්, ධනවාදය සැබැවින්ම අවසන් හුස්‌ම හෙළමින් සිටින්නේ දැයි සැක හැර දැන ගැනීම සඳහා සහ තවදුරටත් ලිප්සේ හා කේන්ස්‌ යන ධනේශ්වර ආර්ථීක විද්‍යාඥයන් විසින් අනාවරණය කරන ලද පරිදි මාක්‌ස්‌ට සිය න්‍යායාත්මක මැදිහත්වීම් තුළ වැරදී ඇති දැයි තහවුරු කරගැනීම සඳහා මාක්‌ස්‌ගේ ප්‍රාග්ධනය කියවීමට පටන් ගත්තෝ ය. (ලිප්සෙ-Lipset) පවසා සිටියේ මාක්‌ස්‌ගේ විග්‍රහයන් සපුරා වැරදි බවයි. ඒ අතර කේන්ස්‌ කීවේ එම විග්‍රහය සංකීර්ණ හා රැවටිලි සහගත බවයි.) එහෙත් සත්‍යය වනුයේ මාක්‌ස්‌ගේ ප්‍රාග්ධනය ඉමහත් ගෞරවයෙන් සැලකුම් ලබන අතරම දැඩි සේ අපේක්‌ෂා භංගත්වයට පත් ධනවාදීන් විසින් එය යළි හැදෑරීමට පටන් ගනු ලැබ ඇති බවයි. ධනවාදීන් ඒ බව එළිපිට පිළිගැනීමට අකමැති නමුදු, ඔවුහු තමන්ගේ ආදරණීය දෙව්මැදුර බිඳවැටෙමින් පවතින බවත් එය ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින බවත් හද පත්ලෙන්ම වටහාගෙන සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ආර්ථීක අවපාතය නිර්වචනය කළේ 'ලෝක ආර්ථීක වර්ධන අනුපාතය 3% හෝ ඊට පහළ අගයක්‌ ගැනීම ලෝක ආර්ථීක අවපාතයට සමාන තත්ත්වයකි' යනුවෙනි. මේ නිර්ණායනය අනුව බලද්දී 1980 ට පෙර ධනවාදී ආර්ථීකය තුළ හටගත් චක්‍රීය අවපාත නොසලකා හැරිය ද, 1985 සිට මේ දක්‌වා අවම තරමින් අවපාත 4 ක්‌ එම මිනුම සාධාරණීකරණයට ලක්‌ කරයි, ඒවා නම් 1990-93, 1998, 2001-2001 සහ 2008-2009. මේ අතර 2008 වසරේදී මතු වූ ආර්ථීක අවපාතය ධනවාදයට අපේක්‌ෂා මාත්‍රයක්‌ හෝ ඉතිරි නොකර මේ දක්‌වා අඛණ්‌ඩව ඇදී යයි. ඔවුන් විශේෂයෙන්ම 2008-2009 අවසාන සමයේ මතුව ආ පහත දැක්‌වෙන පැහැදිලි දත්ත හා සංඛ්‍යා කෙරේ කෙසේ අන්ධව සිටින්නද?​


    ඇමෙරිකාව​

    1. 2008 නොවැම්බර් සිට රැකියා අහිමි වූ සංඛ්‍යාව මිලියන 12 කි.​

    2. කාර්මික නිෂ්පාදනයන්ගේ පහත වැටීම 1.6% කි.​

    3. ජෙනරල් මෝටර්ස්‌ සමාගමේ නිමැවුම් පහත වැටීම 40%.​

    4. දළ ජාතික නිපැයුම පහත වැටිම 12%.​

    5. ණය බර - ඩොලර් ට්‍රිලියන 50.​

    6. ඉරාකයේ හා ඇෆ්ගනිස්‌ථානයේ යුද්ධය වෙනුවෙන් පමණක්‌ දරන ලද වැයබර ඩොලර් ට්‍රිලියන 3 කි. දැන් ඇදී යන ලිබියානු යුද්ධයේ වියදම් තවමත් ගණන් බලා නැත.​

    ජපානය​

    1. අපනයනය හා ජාතික ආර්ථිකයේ පහත වැටීම 8%.​

    2. නිසාන්, හොන්ඩා සහ ටොයෝටා සමාගම්වල නිපැයුම් පහත වැටීම 35%-40%.​

    3. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානය ඩොලර් බිලියන 150 ක සහන පැකේජයක්‌ ඉල්ලා සිටී.​

    ඕස්‌ට්‍රේලියාව​

    1. ලක්‌ෂයක ජනතාවට සිය රැකියා අහිමිව තිබේ. විරැකියාව අඛණ්‌ඩව ඉහළ යමින් පවතී.​

    වැටුප් පහත වැටී තිබෙන අතර අධ්‍යාපන හා සෞඛ්‍ය තවදුරටත් ක්‍රියාත්මක වේ.​

    ප්‍රංශය​

    රැකියා කප්පාදුවක්‌ ක්‍රියාත්මක වන අතර සර්කෝසි සමාගම් සඳහා ඇප දෙන මෙන් ඉල්ලා සිටී. දැනට ආර්ථිකය දිවෙනුයේ සහන පැකේජයන් මත ය. ඒ අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය උදෙසා වන අරමුදල් අඩු කෙරේ.​

    චීනය​

    2007 වසරේ පුරෝකථන වර්ධන අනුපාතය 8% වුව ද අවපාතයේ බලපෑම චීනයට දැනුණ අවස්‌ථාවේ දී ඔවුන් පවසා සිටියේ තම රටට 8% ඉක්‌මවූ වර්ධන අනුපාතයක්‌ අත්කර ගත නොහැකි බවයි. අපනයන ආර්ථිකය 25.7% කින් පහළ වැටෙද්දී ජාතික වෙළෙඳාම 18% කින් පහත වැටී තිබේ. මේ අතර ඉතාලිය එළිදරවු කර සිටියේ 2009 වසර තුළ එරට 35% ක ආර්ථීක අවපාතයකට මුහුණදෙමින් ඉන්නා බවයි.​



    එක්‌සත් රාජධානිය​

    1. 2014 වසර වන විට රජයේ අංශයේ රැකියා 290,000 ක්‌ කප්පාදු වීමේ අනතුරක්‌ පවතී. (එංගලන්තයේ නගර සඳහා වන පර්යේෂණ ආයතන කේන්ද්‍රය)​

    2. එළඹෙන වසරවල් තුළ රාජ්‍ය අංශයේ රැකියා 500,000 අධික ප්‍රමාණයකින් කපාහැරෙනු ඇත. (පිරිස්‌ සහ සංවර්ධනය උදෙසා වන වරලත් ආයතනය)​

    3. මූල්‍ය හිඟය පවුම් මිලියන 90 ක්‌ තරම් අධික අගයක්‌ ගනී.​

    4. ඉඩම්, නිවාස රන්වල වටිනාකම හා දළ ඒකපුද්ගල ආදායම ත්‍රස්‌තකරනසුලූ ප්‍රතිශතවලින් පහත වැටෙයි.​

    5. මිලියන 3 ක ජනයාගේ රැකියා කප්පාදු වී තිබේ. (ලන්ඩන් ටෙලිග්‍රාµa පුවත්පත (2009 පෙබ.) බ්‍රිතාන්‍ය අගමැති කැමරන් තැපැල් සේවකයන් 1700 ක්‌ ගෙදර යවා තිබේ.​

    6. අධ්‍යාපන, සෞඛ්‍යය හා අනෙක්‌ සමාජසේවා යන ක්‌ෂේත්‍රයන්හි වියදම් කපාහැරේ.​

    7. බැංකු අර්බුදවලට මුහුණ දෙමින් සිටී. සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ඇතැම් බැංකු වසා දමා තිබේ.​

    චිකාගෝ සරසවියේ රොබට්‌ ඇලිබර් 'මූල්‍ය ඉතිහාසය' නමින් ලිපියක්‌ ලියමින් පවසා සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය ඉතිහාසයේ කැළඹිලි සහගතම කාල පරිච්ඡේදය වනුයේ ගෙවුණ තිස්‌පස්‌ වසරක කාලය බවයි. අන් කවර පූර්ව කාලපරිච්ඡේදයකටත් වඩා එම කාලය තුළ ජාතික බැංක පද්ධති බිඳවැටී තිබේ. මෙසේ සිදුවනුයේ කුමන හේතුවක්‌ නිසාද? ඊට පිළිතුර මාක්‌ස්‌ සතුව තිබේ. 'ප්‍රාග්ධනයේ හිමිකරුවන් කම්කරුවන්ට මිල අධික භාණ්‌ඩ, නිවාස හා තාක්‌ෂණය වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පෙළඹවීම් කරමින් ඔවුන්ට දරාගත නොහැකි මට්‌ටමට ණය බර උග්‍ර වන තුරු, ඉහළ පොලී යටතේ ණය ගැනීමට බලපෑම් කරනු ඇත. එසේ නොගෙවා ඉතිරිවන ණය අවසන බැංකු බංකොලොත්භාවයට ඇදහෙළනු ඇත.' (මාක්‌ස්‌ ප්‍රාග්ධනය 1 වෙළුම 1896)​

    (මාක්‌ස්‌ ප්‍රාග්ධනයේ 3 වෙළුමෙහි සර්පිලාකාර ණය ව්‍යqහයන්හි අන්තරාදායක බව පිළිබඳව විශේෂයෙන්ම ලියා තැබුවේ ය.) ඉදින් යමකු මාක්‌ස්‌ පිළිබඳව තමා තුළ වන සියලු අගති සහගත හැඟුම් පසෙකලා ඉහත ප්‍රකාශය මනාව වටහා ගන්නේ නම්, ධනවාදය පිළිබඳව සිය විග්‍රහය තුළ මාක්‌ස්‌ සපුරා නිවැරදි බව ඔහුට හෝ ඇයට ඉඳුරාම තහවුරු වනු නියත ය. මාක්‌ස්‌ ඉහත නිරීක්‌ෂණය කළ දා සිට කෙතරම් බැංකු සංඛ්‍යාවක්‌ වසාදමා තිබේද? ඇඩම් ස්‌මිත්ගේ සිට මේනාඩ් කේන්ස්‌, ඇල්ප්‍රඩ් මාෂල්, µs්‍රඩ්මන්, හා ලිප්සෙ දක්‌වා සියලුම ධනවාදී ආර්ථීක විද්‍යාඥයන් ධනවාදයේ මේ කලින් කලට මතු-වන අර්බුද සඳහා ස්‌ථීරසාර විසඳුමක්‌ සෙවීමට උත්සාහ දරා ඇත ද, ඔවුන්ගේ ඒ උත්සාහයන් අවසන් වී ඇත්තේ මුළුමනින්ම අපේක්‌ෂා භංගත්වයෙන්ම පමණි. ප්‍රාග්ධනයේ සැබෑ ගැටලුව නිවැරදිව අඳුනා ගත්තන් එහි පසුකාලීන බිඳවැටීම පිළිබඳව පුරෝකථන කළේත් මාක්‌ස්‌ ය. ධනවාදය පිළිබඳ මාක්‌ස්‌ගේ විවේචනය යල්පැන ඇති බවත්, එහෙයින්ම බටහිර අධි-තාක්‌ෂණික ධනවාදය හමුවේ අද වන විට එම විවේචනය අභාවයට ගොස්‌ ඇති බවටත් ඇතැමෙක්‌ තර්ක කරති. එහෙත් යමකු ඉතා අවධානයෙන් හා ගැඹුරින් මාක්‌ස්‌ කියවීමට පෙලඹෙන්නේ නම් වටිනාකම් උත්පාදන ක්‍රියාකාරකයක්‌ ලෙස ශ්‍රමය පිළිබඳ සිය විග්‍රහයේ දී මාක්‌ස්‌ මේ ගැන පූර්ණ ලෙස විස්‌තර කර තිබෙන අයුරු ඔහුට වැටහී යනු නිසැක ය. නිෂ්පාදනයේ දී ධනවාදි අධි-තාක්‌ෂණ මාදිලිය තුළ අධි-තාක්‌ෂණ ශ්‍රමය විසින් කරනු ලබන්නේ ඇග්නස්‌ හෙලර් “Theory of needs in Marx” නම් කෘතිය තුළ සංක්‌ෂිප්තවත් Critique of Political Economy of​
    theSign Z කෘතිය තුළත් මතුකර දක්‌වන පරිදි ජනයා තුළ නව අවශ්‍යතා (වටිනාකම්) උත්පාදනය කිරීමයි. මුල්කාලීන ධනවාදය මෙන්ම, සමකාලීනව අනම්‍ය යථාර්ථවාදී ධනවාදය ද කෙසේවත් සිය ලාභාපේක්‌ෂාවන් හෝ සූරාකෑම වෙත යොමු ව පරපීඩාකම් මානසික මෙහෙයුම් කෙසේවත් අත්හැර දමා නැත. මාක්‌ස්‌ යළි යළි විග්‍රහකර ඇති පරිද්දෙන්ම ධනවාදයේ පැහැදිලි අංග ලක්‌ෂණය වනුයේ වෙළෙඳපොළ ආර්ථීකය හා පුද්ගලික දේපළ හිමිකමයි. මෙය මුල්කාලීන ධනවාදයට මෙන්ම සමකාලීන අධි-තාක්‌ෂණ ධනවාදයට ද එකසේ පොදු සත්‍යයකි. පැහැදිලිව දැකිය හැකි එකම වෙනස වනුයේ වෙළෙඳපළ ස්‌වභාවයේ ඇති වෙනස පමණි, සම්භාව්‍ය ධනවාදී ආර්ථීකය විකිණුවේ භාණ්‌ඩ පමණි. එහෙත් අධිතාක්‌ෂණ ධනවාදය වටිනාකම් හෝ සංඥා හෝ සංකේත විකුණයි. සැබැවින්ම අධිතාක්‌ෂණ ධනවාදය තුළ නියම නිපැයුම් විකිණීමට පෙර සංඥාව හෝ සංකේතය විකිණීම අවශ්‍ය වෙයි. එහෙයින් ලාභාපේක්‌ෂාව යන්න මේ අවස්‌ථා දෙකෙහිම කේන්ද්‍රය බවට පත්වෙයි. ශ්‍රමය වියුක්‌ත, වටිනාකම් නිර්මාණය කරනා ක්‍රියාවලියක්‌ බවට පිරිහෙළනු ලබනා සෑම අවස්‌ථාවකදීම ධනවාදය ක්‍රියාත්මකව පවතී. ධනවාදයේ මූලික අරමුණ වනුයේ අධිපතිවාදයේ අකතෘක හා වියුක්‌ත ආකෘතීන් සැම විටම ග්‍රහණය කර ගැනීමයි. සැබැවින්ම වර්තමානයේ දී අධිතාක්‌ෂණ ධනවාදය කරනුයේ මෙයයි. එය අලෙවිය සඳහා වියුක්‌ත වටිනාකම් නිර්මාණය කරයි (නැතිනම් නිපදවයි). සැබැවින්ම මාක්‌ස්‌ ධනවාදයේ මේ පරිහානිය පිළිබඳව පුරෝකථනය කළේ ය. එසේම මගේ මතය නම්, ඔහු ඉඳුරාම නිවැරදි බවයි. මාක්‌ස්‌ගේ ධනවාදය පිළිබඳ විවේචනය එහෙයින්ම ධනවාදය පවත්නා තුරුම වලංගු ව පවතිනු ඇත. සැබැවින්ම මාක්‌ස්‌ වළලා දැමීම කළ නොහැක්‌කේ එහෙයිනි. ගෙවෙනා දිනක්‌ පාසාම මාක්‌ස්‌ගේ පුරෝකථනයන් වඩ වඩාත් සත්‍ය බවට පැමිණෙද්දී කෙසේ නම් ඔහු වළලා දමන්නද?​

    1844 වසරේ දී මාක්‌ස්‌ පරත්වාරෝපිත ශ්‍රමය යන්න ධනවාදයේ ලාංඡනය සේ හඳුනා ගත්තේ ය. වෙනකක්‌ තබා මේ අධිතාක්‌ෂණ ධනවාදී සමාජය තුළ ශ්‍රමය පරාත්වාරෝපිත බවට පැමිණෙනවා පමණක්‌ නොව හුදෙක්‌ තාක්‌ෂණ විශේෂඥතාව මත පමණක්‌ නොව වගකීම සහ සඵලදායක බව අතින් ද වඩ වඩාත්ම දැරිය නොහෙනා මට්‌ටමින් යාන්ත්‍රික බවට පැමිණෙයි. වේගයෙන් චලනය වන වෙළෙඳපොළ උදෙසා මහාපරිමාන මට්‌ටමින් භාණ්‌ඩ නිපැයුම සිදු වුව ද, කම්කරුවාට තම නිපැයුම් සඳහා කෙසේවත්, කිසිදු හිමිකමක්‌ නම් නොලැබෙන්නේම ය. සැබැවින්ම ඔවුන්ට සිය නිෂ්පාදන අත්පත් කර ගත හැක්‌කේ ඔවුන් ද අනෙක්‌ පාරිභෝගිකයන් කරනා ආකාරයටම ඒවා මිලට ගත්තේ නම් පමණි. මෙය බෙහෙවින් සානුකම්පිත හා පිළිකුල දනවන තත්ත්වයක්‌ නොවන්නේද? තම ශ්‍රමයෙන් නිපදවනු ලබනා නිපැයුම් පරිභෝජනය සඳහා භාණ්‌ඩයේ සැබෑ නිපැයුම්කරුවන්ට කිසිදු හිමිකමක්‌ නොලැබෙන්නේ නම් ඔවුහු පරාත්වරෝපණයට ලක්‌වනු ඇත්තේ ය. මේ අනුව බලන විට මාක්‌ස්‌ගේ විග්‍රහය අනුව අධිතාක්‌ෂණ ධනවාදී සමාජය තුළ පවා වෙනස්‌ ආකෘතියක්‌ තුළ පරත්වාරෝපිත ශ්‍රමය පැවතිය හැක්‌කේ ය. මාක්‌ස්‌ වෙත ධනවාදයට එරෙහිව සදාචාරමය විවේචනයන් ද තිබිණි. එයට පදනම වූයේ ධනවාදය මනුෂ්‍ය ජීවියා ධනතෘෂ්ණාවට යටත් කරන්නේ ය යනුවෙන් ඔහු තුළ වූ තහවුරුවයි. පවත්නා ලෙසම ආර්ථීකයේ පුද්ගලික දේපළ හිමිකම මත පදනම්ව ධනවාදය, සෑම දෙනකුම සඳහාම වැදගත් දිවි පෙවෙතක්‌ සඳහා විභවයන් පවතිද්දීම අප්‍රමාණ අසමානතාවක්‌ හා දරිද්‍රතාවක්‌ නිර්මාණය කරයි. ඉතා සුළු රටවල් සංඛ්‍යාවක්‌ හැරුණු විට ලොව පුරා බොහෝ රටවල් කරුණු හා සංඛ්‍යා අතින් තහවුරු කර ඇත්තේ සිය නිරීක්‌ෂණ තුළින් මාක්‌ස්‌ ඉඳුරාම නිවැරදි බවයි. මම මාක්‌ස්‌ව අභිනන්දන කිරීම පිණිස ඔහුගෙන්ම උපුටා ගත් යෙදුමකින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමි. 'සිය පෞරාණික වූත්, පූජනීය වූත්, ප්‍රාග් විනිශ්චයන් සහ මත සහිත පාෂාණීභූත යකඩ මලබැඳුණු වියළි සබඳතාවන් විනාශ වී යන අතර අලුතින් ඇතිවන සියලු සබඳතාවයන් අස්‌ථීකරණයට භාජනය වීමටත් පෙර ඒවා යල්පැන යයි. ඝන වූ හැම දෙයක්‌ම උණු වී වාතය බවට පෙරළෙයි. ශූද්ධ වූ හැම දෙයක්‌ම කෙලෙසෙන්නේ ය. (මාක්‌ස්‌-කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ ප්‍රකාශනය - (අවධාරණය මගේ ය.)​


    මහාචාර්ය ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි විසින් ෂික්‌බා ඵසාඇeන සඳහා ලියූ Karl Marx: The Prophet who predicted the Downfall of Capitalism නැමැති ලිපියේ සිංහල පරිවර්තනය​
    පරිවර්තනය​
    චූලානන්ද සමරනායක​





    පරණ ලිපියක් උනත් මේක උපුටා ගත්තේ අද කාලෙට ගැලපෙන නිසා.උපුටා ගැනිම දිවයින web අඩවිය මගිනි


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ජීවන තත්ත්වය යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍යතා සපුරා ගත් මට්ටමයි.පුස්ගලයින්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට බලපාන කරුණු තුනකී.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]01.විභව නිමැවුම[/FONT][FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන ධාරිතාව නිෂ්පාවන ශඛ්‍යතාව හෝ නිෂ්පාදන හැකියාව ලෙස මෙය හැදින්වේ.කෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ආර්ථිකයට නිපදවා ගැනීමට ශක්තියක් ඇථිද යන්න මෙයින් කියවෙයි.රටක විභව නිමැවුම තීරණය වීමට බලපාන කරැණු දෙකකි.එනම්,[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]සාධක සේවා වෙළඳපොළ.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]සාධක සේවාවල ඵලධායිතාවය.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ආර්ථික වෘද්ධියක් ලෙස සැලකෙන්නේ රටක මූර්ථ නිමැවුවේ දිගු කාලීන ඉහල යෑමයි.නැතිනම් නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වර්ධනයකි.එය සිදු වන්නේ ඉහත කරුණු දෙකෙහි වර්ධනය මඟිනිය.[/FONT]















    [FONT=&quot]02.නිෂපාදන සම්පත්වල උපයෝජනය.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]විභව නිමැවුමෙන් ප්‍රයෝජනයට ගෙන ඇති ප්‍රමාණයද පුද්ගලයින්ගේ ජීවන තත්වවයට ලතපානු ඇත. ව්භව නිමැවුම මුළුමුන්නින්ම ප්‍රෙයා්ජනයට ගත හැකිනම් ඉහළ ජාතික නිමැවුමක් බිහි කළ හැකිය.එය රටක මහජනතාවයට භාවිති කළ හැකිවන අතර එසඟින් ජීවන මට්ටම ඉහළ යනු ඇත.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නමුත් ලොව කිසිදු රටකට, ප්‍රායෝගික කරුණුමත එසේ සමස්ත නිෂ්පාදන හැකියාවන මුළුමනින්ම භාවිතා කල නොහැකි වේ.ඊට බලපාන කරැණු රාශියක් ඇත.ඒවා අඩු වරඩි වශයෙන් සෑම රකෙටම ක්‍රියාත්මන වේ.මෙම කරුණු අතර ,[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]සම්පත්වල ඌන උපයෝජනයට බලපාන කරුණු.[/FONT]

    [FONT=&quot] [/FONT]


    • [FONT=&quot]වැඩ වර්ජන, කම්කරු ආරවුල්, යුධමය තත්වය හෝ සිවිල් අරගල වන නිමැවුම පහල යෑම.[/FONT]
    • [FONT=&quot]නියඟය, ජල ගැලීම්, භූමිකම්පා වැනි කරුණු මග කෘෂි නිමැවුවේ පහළ වැටීම.[/FONT]
    • [FONT=&quot]අපනයන වලට ඇති ඉල්ලුම අඩු වීම හෝ සමාහාර ඉල්ලුමේ අඩු වීම මග නිමැවුමේ පහළ වැටීම.[/FONT]
    • [FONT=&quot]සමස්ථ ආර්ථික සේවා පසු බැස්මක් නිසා භාණ්ඩ ඉල්ලුම අඩු වීමෙන් දේශීය නිෂ්පාදනය පහත වැටීම.[/FONT]
    • [FONT=&quot]සම්පත් නාස්තිය හෝ අපතේ යෑම සිදු වීම.[/FONT]
    • [FONT=&quot]කළමණාකණය දුබල වීම නිසා සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම.[/FONT]
    • විදුලිය කපා හැරීම, ජල පහසුකම් විසන්දි කිරීම හෝ කම්හල් වසා දැමීම.


    මෙම කරුණු සියල්ලක්ම[FONT=&quot] [/FONT][FONT=&quot]සාධක සේවා ප්‍රමාණයේ භාවිතය හෝ,[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]සාධක සේවාවල ඵලදායිතාවයේ අභාවිතය යනු කරැණු දෙකින් එකකයෙටත්වනු ඇත.මේවා දිගුකාලීන කරුණු නොවන අතර කෙටි කාලීන කරුණු බව සැලකිල්ලට ගත යුතුයි.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]රජයක කාර්යභාරය අතර නිෂ්පාදනය විභව මට්ටමේ හෝ ඊට හැකිතාක් ආසන්නව තබා ගැනීමට ක්‍රියා කිරීමවේ.විභව නිමැවුම මත නිපදවීම ආර්ථික ස්ථායීකරණය වශයෙන් ද විභව නිමැවුමේ වර්ධනය ආර්ථියේ වර්ධනය වශයෙන් ද හැඳින්විය හැකිය.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]03.නිමැවුමේ බෙදී යෑම.[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]රටක නිමැවුම කොතරම් ඉහළ මට්ටමක පැවතියත් එය එක් කොටසක් තර සංකේන්ද්‍රණය වන්නේ සෑම දෙනාටම අවශ්‍යතා සපුරා ගැනීමට එය ඉවහල් නොවේ.මේ නිසා පුද්ගල අවශ්‍යතා වඩාත් හොඳින් සපුරා ගැනීමට, නිමැවුම පුද්ගලවින් අතර බේවී යා යුතුයි.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිර්වචනය,[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]යම් දෙන ලද අවස්ථාවක ආර්ථියක් සතු වර්තමාන නිෂපාදනය සඳහා යොදා ගත හැකි සියලුම සම්පත් දෙන ලද තාක්ෂන මට්ටමක් යටතේ පූර්ණ වශයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවක් සහිතව උපයෝජනය කරණු ලැබුවහෝත් විකල්ප භාණ්ඩ දෙකෙන් නිෂ්පාදනය කළ හැකි උපරිම භාණ් ඩ හා සේවා සංයෝගය කරමින් අඳින වක්‍රය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වේ. [/FONT]




    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිමකින් පසුපස ඇති උපකල්පන.[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම වැනි සංකල්පයක් විස්තර කිරීමේදී ප්‍රායෝගික ලෝකයේ ඇති සංකීර්ණ බව එලෙසින්ම ගෙන එය සිදු කිරීම අසීරුය.ඒ නිසා පවතින සංකීර්ණ බව වඩාත් සරල කිරීම සඳහා යම් යම් සිතා ගැනීම් කිහිපයක් සිදු කිරීමට සිදු වේ.නැතිනම් යම් යම් සීමාකම් වලට යටත්ව නිෂ්පාදන හැකියාව දැක්වීමට සිදු වේ.ඒවා බොහෝ විට ප්‍රායෝගික නොවිය හැක. එහෙත් එය අපගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවේ.ආර්ථික විද්‍යා සංකල්ප ඉදිරිපත් කිරීමට එය ගැලෙුවක් නොවන බැවින් එකී උපකල්පන වල ප්‍රායෝගික බව ගැටලුවක් නොවේ.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]මේ සඳහා ප්‍රධාන වශයෙන් කොටස් 04 පදනම් කර ගෙනය.[/FONT][FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]


    1. [FONT=&quot]සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකයක් සතු සම්පත් සම්භාරය ස්ථාවරව පවත්න බව.(ආර්ථිකය සතු සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව වෙනස් නොවන බව.) [/FONT][FONT=&quot] [/FONT]
    2. [FONT=&quot]සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්තිය සහ නිෂ්පාදන කාර්යක්ෂම තාවය ඉටු වන ලෙස භාවිතා කරන බව.[/FONT][FONT=&quot] [/FONT]
    3. [FONT=&quot]ආදාල කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස්ව පවතින බව.[/FONT][FONT=&quot] [/FONT]
    4. [FONT=&quot]භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරන බව.[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT]




    නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ එම අවස්ථාවේ දී ආර්ථිකය සියලු නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත කර ඇති බවත් ආර්ථිකය නිෂ්පාදන කාර්යක්ෂමතාවේ පසු වන බවයි.පහත සඳහන් අවස්ථාවලදී ආර්ථිකයක් නිෂ්පාදන හැකියා මායිම මත සිටිමින් ක්‍රියා කරයි.[FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]


    1. [FONT=&quot]ආර්ථිකයක් පූර්ණ වශයෙන් උපරිම කාර්යක්ෂමතාවක් සහිතව සම්පත් සේවා නියුක්ත කරන විට.[/FONT]
    2. [FONT=&quot]සම්පත් පූර්ණ සේවා නියුක්ත කර ඇති විට.[/FONT]
    3. [FONT=&quot]ආර්ථිකය නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙ පසු වන විට.[/FONT]
    4. [FONT=&quot]ආර්ථිය පූර්ණ නිෂ්පාදනයක් අත් කර ගන්නා විට.[/FONT]
    5. [FONT=&quot]ආර්ථිකය උපරිම/ප්‍රශ්ස්ථ ලෙස තාක්ෂණ භාවිතා කරන විට.[/FONT]
    6. [FONT=&quot]ආර්ථිකය ප්‍රශස්ථ ධාරිතාවයෙන් ක්‍රියා කරන විට.[/FONT]
    7. [FONT=&quot]ආර්ථික විභව නිමැවුමේ පවතින විට.[/FONT]
    8. [FONT=&quot]ආර්ථිකයෙ නිමැවුම් පරතරය ශුන්‍ය වන විට.[/FONT]
    9. [FONT=&quot]ආර්ථිකය ස්වභාවික සේවා වියුක්තියේ පවතින විට.[/FONT]



    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT][FONT=&quot][/FONT]



    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ එම අවස්ථාවේ ආර්ථිකයේ සියලුම නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් සේවාවට යොදා ගෙන නොමැති බවත් ආර්ථිකය නිෂ්පාදන අකාර්යක්ෂමතාවයේ පවතින බවත්ය.ආර්ථිකයක් නිෂ්පාදන හැකීයා මායිම ඇතුළත පිහිටි ලක්ෂයක ක්‍රියා කරන විට,[/FONT]

    [FONT=&quot] [/FONT]



    1. [FONT=&quot]ආර්ථිකය විසින් පූර්ණ වශයෙන් හා උපරිම කාරෟයක්ෂමතාවක් සහිතය සම්පත් භාවිතා නොකරයි.[/FONT]
    2. [FONT=&quot]සම්පත් ඌණ සේවා නියුක්ත කර ඇත.[/FONT]
    3. [FONT=&quot]ආර්ථිකය නිෂ්පාදන අකාර්යක්ෂමතාවයෙ පවතින විට.[/FONT]
    4. [FONT=&quot]ආර්ථිකයක් යම් පසුබැමක් දක්නට ලැබෙන විට.[/FONT]
    5. [FONT=&quot]ආර්ථිකය ඌණ ධාර්තාවයෙන් ක්‍රියාකකරන විට.[/FONT]
    6. [FONT=&quot]ආර්ථිකයේ නිමැවුම් පරතරය සෘණ වේ.[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිමට පිහිටි ලක්ෂයක ක්‍රියා කිරීම[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිමට පිහිටි ලක්ෂයක පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයක් අත් කර ගැනීම.පවත්නා සම්පත් සම්භාරය සහ තාක්ෂණය යටතේ කළ නොහැක.වක්‍රය මත පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයට වඩා විශාල භාණ්ඩ සංයෝගයක් වක්‍රෙයන් පිටත පිහිටි ලක්ෂයක දැක්වේ.එබැවින් හැකියා මායිමෙන් පිහිටි පිහිටි ලක්ෂයකින් කියැවෙන්නේ,[/FONT]

    [FONT=&quot] [/FONT]


    1. [FONT=&quot]ආර්ථිකයට හිඟකමටකට මුහුණ දී ඇති බවයි.[/FONT]
    2. [FONT=&quot]අන්වර්ජාතික වෙළඟාම හරහා ඉහළ පාරිභෝජන මට්ටමක් අත්කර ගත හැකි බව.[/FONT]
    3. [FONT=&quot]ආර්ථිකය අධිධාරිතාවයෙන් ක්‍රියාකරන බව.[/FONT]
    4. [FONT=&quot]ආර්ථිකයේ විභව නිමැවුමට වඩා සත්‍ය නිමැවුම වැඩි වීම.[/FONT]
    5. [FONT=&quot]ආර්ථිකයේ නිමැවුම් පරතරය ධන අගයක් ගන්නා බව. [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වීතෑන් වීම.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වීතෑන් වීමට බලපානුයේ හැකියා මායිම් ආදර්ශයේ දී ගොඩ නගනු ලබන උපකල්පනයක හෝ කිහිපයක බිඳවරටීමකි.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් දකුණට වීතෑන් වීම.[/FONT][FONT=&quot] [/FONT]


    1. සම්පත් සම්භාරයේ වැඩි විමක්.[FONT=&quot] [/FONT]
    2. [FONT=&quot]තාක්ෂණයේ දියුණුවක්[/FONT][FONT=&quot]. [/FONT]
    3. [FONT=&quot]ඵලදායිතාවයේ වර්ධනයක්.[/FONT][FONT=&quot] [/FONT]
    4. [FONT=&quot]අන්තර්ජාතික හුවමාරැ අනුපාතිකයේ වාසිදායක හැසිරීමක්.[/FONT][FONT=&quot] [/FONT]
    5. [FONT=&quot]පිටරට පුහුණු ශ්‍රමිකයන් මෙරටට පැමිණිමක්.[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වමට වීතෑන් වීම.[/FONT][FONT=&quot] [/FONT]


    1. සම්පත් සම්භාරයේ අඩුවීමක්.[FONT=&quot] [/FONT]
    2. [FONT=&quot]තාක්ෂණයේ පිරිහිමක්.[/FONT][FONT=&quot] [/FONT]
    3. [FONT=&quot]ඵලධායිතාවයේ අඩු වීමක්.[/FONT][FONT=&quot] [/FONT]
    4. [FONT=&quot]අන්තර්ජාතික ආර්ථික සම්භිධකවලට ගොදුරු වීමක්.[/FONT][FONT=&quot] [/FONT]
    5. [FONT=&quot]ආර්ථික අවපාතයක් හා ආර්ථික පිරිහිමක්.[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ආවස්ථික පිරිවැය සංකල්පයට අනුව හැකියා මායිම් වක්‍ර ගොඩ නැඟීමේ දී වැදගත්වන ප්‍රධාන සංකල්ප 03 කි.[/FONT]



    1. [FONT=&quot]ස්ථාවර ආවස්ථික පිරිවැය.[/FONT]
    2. [FONT=&quot]වැඩිවන ආවස්ථික පිරිවැය.[/FONT]
    3. [FONT=&quot]අඩුවන ආවස්ථික පිරිවැය.[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]1.ස්ථාවර ආවස්ථික පිරිවැය.[/FONT]


    [FONT=&quot] [/FONT]

    mail


    [FONT=&quot]ස්ථාවර ආවස්ථික පිරිවැයට බලපාන කරුණු 03 කි.[/FONT][FONT=&quot] [/FONT]


    1. [FONT=&quot]නිෂ්පාදන සාධක විකල්ප භාවිතා සඳහා පරිපූර්ණ ලෙස හැඩ ගැසීමට සමත් වන බව.[/FONT][FONT=&quot] [/FONT]
    2. [FONT=&quot]නිෂ්පාදන ක්‍රම ශිල්ප සමානවන බව.[/FONT]
    3. [FONT=&quot]එක සමාන කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බව.[/FONT]

    [FONT=&quot]ස්ථාවර ආවස්ථික පිරිවැයට අනුව අඳින නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් සරල රේඛීය වේ.[/FONT]




    mail

    [FONT=&quot]සරල රේඛීය නිෂපාදන හැකියා මායිම මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සෑම ව්ටම ස්ථාවර බව මෙයින් කියැවේ.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]2.වැඩිවන ආවස්ථික පිරිවැය.[/FONT]


    [FONT=&quot]වැඩිවන ආවස්ථික පිරිවැයට බලපාන කරුණු 03 කි.[/FONT]


    1. [FONT=&quot]නිෂපාදන සාධක විකල්ප භාවිතා සඳහා පරිපූර්ණ ලෙස හැඩ ගැසීමට අසමත් වන බව.[/FONT]
    2. [FONT=&quot]යොදා ගන්නා නිෂ්පාදන ක්‍රම ශිල්ප අසමානවන බව.[/FONT]
    3. [FONT=&quot]කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහාවඩාත් යොග්‍ය සාධකයක් වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනෙහිලා එතරම් යොග්‍ය නොවේ.[/FONT]

    [FONT=&quot]ඉහත ආර්ථික සිද්ධාර්ත මත ගොඩ නඟනු ලබන නිෂ්පාදන හැකියා මයිමි චක්‍රය මුලයේ සිට බලන විට පිටතට නෙරා ගිය හැඩයක් ඇති අවතල චක්‍රයකි.[/FONT]


    [FONT=&quot]ඉහත මුලයට අවතල චක්‍රෙයන් වැඩෙන ආවස්ථික පිරිවැය නිරැපනය කිරිම සඳහා හැකියා මායිමි මත පිහිටි ලක්ෂයන් කිහිපයක් යොදා ගනි.එහි දී [/FONT]x[FONT=&quot]නිෂ්පාදනයේ අඩු විම සෑම විටම ස්ථාවර යුයි සිතන්න.ඒ අනුව හැකියා මයිමි මත පිහිටි එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරිමේ දී කිසියමි තෝරා ගැනිමක් වෙනුවෙන් වැඩි වන නිසා මුලට අවතල චක්‍රයට වැඩෙන ආවස්ථික පිරිවැයක් ඇති බව ඹප්පු කළ හැකිය. [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සම්පත්
    [FONT=&quot]නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සියලුම යෙදවුම් නිෂ්පාදන සම්පත් වශයෙන් හැඳින්විය හැකිය[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ලෙසට වර්ග කෙරේ.[/FONT]
    [FONT=&quot]ආර්ථික සම්පත්[/FONT]
    [FONT=&quot]අසීමිත වුවමනාවන්ට සාපේක්ෂ සැපයුම සීමාසහිත හෝ හිඟ සම්පත් ආර්ථික සම්පත් ලෙස සැලෙකේ.ආර්ථික සම්පත් වල මූලික ලක්ෂනයක් වන්නේ හිඟකමයි.මේ අනුව නිෂ්පාදන සම්පත් අතුරෙන් සීමා සහිත සැපයුමක් ඇති සම්පත් ආර්ථික සම්පත් හෙවත් හිඟ සම්පත් වශයෙන් හදුන්වනු ලැබේ.ආර්ථික සම්පත් සඳහා මිලක් ද පවත්න අතර විකල්ප ප්‍රයෝජන ද ඇත. මේ නිසාම ආවස්ථික පිරිවැයක් දක්නට ලැබේ.කවර සමාජයක වුව ද යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරිමෙහිලා යොදා ගත හැකි ආර්ථික සම්භාරය සීමා සහිත වේ.[/FONT]

    [FONT=&quot]ආර්ථික [/FONT][FONT=&quot][FONT=&quot]සම්පත්[/FONT] වල ලක්ෂන:-[/FONT]

    [FONT=&quot]ආර්ථික සම්පත් සිමා සහිතයි/අසීමිත ලෙස ලැබි නොමැත.[/FONT]
    [FONT=&quot]වුවමනාවන්ට සාපේක්ෂව ආර්ථික සම්පත් හිඟයැයි ප්‍රකාශ කෙරේ.[/FONT]
    [FONT=&quot]ආර්ථික සම්පත් විකල්ප ප්‍රයෝජනවල යෙදවීමට පුළුවන, එබැවින් ආවස්ථික පිරිවැයක් පවතී.[/FONT]

    [FONT=&quot]ආර්ථික නොවන සම්පත්.[/FONT]

    [FONT=&quot]සැපයුම අසීමිත සම්පත් නොමිල සම්පත් වශයෙන් හැඳින් වේ.ශුන්‍ය මිළකදි වුවද ඒවායේ සැපයුම අසීමිතව පවතී.ආවස්ථික පිරිවැයක් දක්නට නොමැත.[/FONT]
    [FONT=&quot]

    නිෂ්පාදන සම්පත් ප්‍රධාන ප්‍රභේද හතරට වෙන් කළ හැකිය.[/FONT]



    1. [FONT=&quot]භූමිය[/FONT]
    2. [FONT=&quot]ශ්‍රමය[/FONT]
    3. [FONT=&quot]ප්‍රාග්ධනය[/FONT]
    4. [FONT=&quot]ව්‍යවසායකත්වය[/FONT]
    [FONT=&quot]නිෂ්පාදන සම්පත් දේපොළ සම්පත් සහ ප්‍රාග්ධන සමපත් ලෙස වර්ගිකරණය කිරිම.[/FONT]

    [FONT=&quot]දේපොළ සම්පත්[/FONT]
    [FONT=&quot]ස්වභාවික සම්පත්[/FONT][FONT=&quot]
    ප්‍රාග්ධන සම්පත්[/FONT]

    [FONT=&quot]මානව සම්පත් [FONT=&quot]([/FONT]ශ්‍රමය සහ ව්‍යවසායකත්වය)[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]සම්පත් සම්භාරය.[/FONT]
    [FONT=&quot]කොතරම් භණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවා ගැනීමට ශක්තියක් ආර්ථිකය සතුව පවතිද?යන්න තීරණය වන්නේ ආර්ථිකය සතු සම්පත් සම්භාරයවතයි.එමෙන්ම රටක නිෂ්පාදන හැකියාවල නිෂ්පාදන ධාරිතාවය විභව නිමැවුම තීරණය වන්නේ ද සම්පත් සම්භාරය මඟින්ය.[/FONT]
    [FONT=&quot]සම්පත් සම්භාරයේ මූලිකාංග දෙකකින් සමන්විත වෙයි.[/FONT]
    [FONT=&quot]නිශ්පාදන සාධක හා සේවා ප්‍රමාණය.[/FONT]
    [FONT=&quot]සාධක වල ඵලධායිතාවය.

    [/FONT]
    [FONT=&quot]භුමිය[/FONT]


    [FONT=&quot]නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගත හැකි ස්වභාව ධර්මයේ දයාද වශයෙන් මිනිසාට ලැබි ඇති වගා කළ හැකි ඉඩකඩම්ය, වනාන්තර, ඛනිජ ද්‍රව්‍ය, ඛන්ජ නෙල්, ජලය, වාතය, හිරු එළිය වැනි නිෂ්පාදනයට යොදා ගත හැකි සියළුම ස්වාභාවික සම්පත් භුමිය ලෙසට සැලකේ.මේ අනුව පොදුවේ ස්වාභාවික සම්පත් වශයෙන් සැලකෙන සියළුම දෑ භුමිය යන නිෂ්පාදන සාධනය තුළ අන්තර්ගත වේ.[/FONT]

    [FONT=&quot]භුමියේ ප්‍රධාන ලක්ෂන[/FONT]

    • [FONT=&quot]ස්වභාව ධර්මයේදායාදයක් ලෙස ලැබී තිබිම[/FONT]
    • [FONT=&quot][FONT=&quot] [/FONT]ස්වභාවික සාධකයක් විම[/FONT]
    • [FONT=&quot]භුමියේ සැපයුම වෙනස් කළ නොහැකි බව[/FONT]
    • [FONT=&quot]එනම් සැපයුම අනම්‍ය වේ[/FONT]
    • [FONT=&quot]එහෙත් ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගන්නා භුමියේ සැපයුම වැඩිකළ හැකි වේ[/FONT]
    • [FONT=&quot]භුමියට සංචලතාවය පිළිබඳ සීමාවක් පවතී[/FONT]

    • [FONT=&quot]ඵලදායිතාවය වර්ධනය කළ හැකි වීම[/FONT]

    • [FONT=&quot]භුමියට ගෙවන ගාස්තුව බදු කුලිය ලෙසට හදුනා ගැනේ[/FONT]


     
    Last edited: