EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    උසස් පෙළ විභාගයට අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ, අනුව මීට පෙර වර්ෂයක පවත්වන ලද උසස් පෙළ විභාගයකදී එම විෂයට පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් එම සිසුන් නැවත වරක් එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා පවසයි.

    ඒ අනුව මීළඟ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවශ්‍යතාවය සඳහ එම ලකුණු ප්‍රමාණවත් බව දැනුම් දෙයි.


    Source> http://sinhala.adaderana.lk/news/144563/උසස්-පෙළ-සිසුන්ට-වැදගත්-පණිවුඩයක්