සත්*ය කතාවක් " චූටි ..ඔන්න සුදු රෙදි ගෙනාව..තමුසෙලගෙ ආච්චිත් වලකජ්ජ ගැහුවෙ අපේ අතේ පිච්චියක් නැති දවසක තම*යි" කාබරයට එබෙන ගමන් සෝමසිරි කියද්දි මට දරාගන්න බැරි තරහක් ආවා.
"මැරිච්ච මිනිස්සුන්ට මැරිලවත් සැනසිල්ලෙ ඉන්න නෑ ..ඒ ඇරත් තමුසෙගෙ අතේ කවද්ද සල්ලි තිබ්බෙ "කදුළු පිහදාන ගමන් මම කියාගෙන කියාගෙන ගියේ හිතේ තිබ්බ වේදනාවටමයි.
"ඔව් ඉතින් ඒ ලෝබ ගෑනි අච්චර මෙච්චර වතු තිබ්බා කියල කියෙව්වට අපිට කියල අගලක්වත් දීලද මලේ...තමුසෙලාගෙ ජාතියේ හැටි ඕයි.." මට පාච්චල් හිනාවක් දාගෙන සෝමසිරි ඇද යට තිබබ කැටය අතට ගත්තා.
"සෝමෙ මේ පව් පුරවගන්නෙ නැතුව ඉනනවා..කැටේටනම් අත තියන්න එපා මම සතේ සතේ එකතු කරලා පුරවගත්තෙ..මෙන්න මෙහෙට දෙනව " මම කැටය උදුරල ගත්තා.
"හිහ් මගේ චූටි මැණිකෙ එහෙනම් දිවිය ලෝකෙ යද්දි උපාදියයි කැටෙ*යි ඇන්න යන්ට මම යනව මළගෙදර" සෝමසිරි වෙනදා වගේම මගෙ උපාදියට හින්ට් එකක් ගහන ගමන් කාබරෙන් පිට උනා.
"උපාදි ගහලා කාටද හරිගියේ සකූ..මම ලොකු මාමාත් එක්ක කතා කරල තියෙන්නෙ මෑන්ස්ට දැන් මාර සරුයි මාව එහෙ ගෙන්නගන්නවා කියලා තමයි පාස්පෝට් එක හදාගන්න කිව්වේ"මට පාස්පෝට් එකපෙන්නන ගමන් ඔයත් ඉස්සර මට හිනාඋන හැටි මට මතක් උනා.
ඇද වියල අල්ලගෙන මම ආයෙත් ඇදට බර උනා.සෝමසිරි වගේ පව්කාර මිනිහෙක්ව බදින්න මම මොනපවක් කලාද? අප්පච්චිලා මට මෙහෙම කලේ ඇයි? මට ආයෙත් ඇඩුම් ආවා.
"චන්දන පුතා තරහා වෙන්න එපා අපි කැමති නෑ අපේ කෙල්ල දුක් විදිනව බලන්න ..අනික හරිහමන් රස්සාවක් වත් නැති නිකමෙක්ට මගේ කෙල්ල මම කොහොමත් දෙන්නෙ නෑ..ඒකිව විශ්*ය විද්*යාලෙ ගිහින් හොද තැනකට ආවම උබ මොකද කරන්නෙ? නිකන් නිකම වගේ උඩ බලන් ඉන්නවද?"එහෙව් කියාපු මගේ රත්තරන් අප්පච්චි මාව මේ කාලකන්නි මිනිහට බන්දලා දුන්නෙ මොන යකෙක් වැහිලද මන්දා.
"මේ මනමාල අයියගෙ තාත්ත වෙන්න ඇති" සෝමසිරි දිහා බලාන දෙවෙනි මන්මාලයගෙන් පියුමි අහද්දි මට පුදුමයකටත් වඩා අති උනේ දුකක්.
"නෑ පියුමි..මේ..මේ තමයි සෝමසිරි "මම ගොතගහමින් කියදි පියුමිගෙ ඇස් උඩ ගිය හැටි මට තාමත් මතකයි.
මෙව්වා දැන් කොච්චර මතක් කරලා හිත රිද්ද ගත්තත් වැඩක් නෑ මම එහෙන් මෙහෙන් සුදු සාරියකුත් ඇදගෙන ගෙදරින් පිටත් උනේ මැරිච්ච ආච්චි මේවට පලි නැති නිසයි.
මළගෙදර එකම ගෝසාවක්..කට්ටියක් අඩනවා..තවත් කටිටියක් අස් පස් කරනවා..
මම යද්දි මාතර නැන්දලත් ඇවිත්.
" ආ චුටි අල්ලපු වැටේ ඉදන් මෙතෙන්ට එන්න අපිටත් වඩා වෙලා ගිහින්නෙ උබට"
මාතර නැන්දා මගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා.
"ඇදිලා ගිහින්..චන්දනටත් මම කිව්වා අච්චි මැරිච්ච වග..ඔන්න අඩන්න පටන් ගත්තා පොඩි එකා වගේ එවෙලෙම ටිකැට් බුක් කොරාන එනවා කියලා තමා මයෙ කොල්ලා කිව්වෙ" මාතර නැන්දා කදුළු පිහිද්දි අතේ වළළු සට සට ගාලා හෙල උනා.
චන්දන දකින්න කොච්චර ආස උනත් මම ඒ වගක් නොකියන්න හිතාගත්තා.
(දින දෙකකට පසු )
මම සෝමෙ ගෙනාපු සුදු රෙදිවල බැනර් එක අදින ගමන් නිකමට එලිය බැලුවෙ කාර් එකක සද්දයක් ඇහුන නිසා. දෙයියනේ මේ ඔයාමද? හැදි දැඩි වෙලාතියන තරම්..කොන්ඩෙත් තබ පාටයි .ඒ ඔක්කොටම වඩා ඔයාගෙ අතේ සුදුම සුදු සුදු පැටියෙක්.!
නිමි..
~සමනලී~
a person i knw
hmm
true ..i was shocked when i heard this !