~ A113 සැබවින්ම මේ අංකය කුමක් ? ~
අපි බොහෝ දෙනෙක් ඩිස්නි සහ පික්සාර් (Disney and Pixar) සමාගම් වලින් නිර්මාණය කෙරෙන ඇනිමෙටඩ් චිත්‍රපට නැරඹීමට කැමතියි. මේ චිත්‍ර පට වලට වයස් බේදයකින් තොරව බොහෝ දෙනා ඇලුම් කරනවා. මේ චිත්‍රපට බොහොමයක් ඔබත් නරඹා ඇති බවට කිසිඳු සැකයක් නෑ. ඉතින් මේ චිත්‍රපට ඔබ හොඳින් සමීපව නරඹා තිබෙනවා නම් මේ සමාගම් නිෂ්පාදනය කරන බොහෝ චිත්‍රපටවල කවර හෝ ස්ථානයක A113 යන අංකය ඇතුලත් වන ආකාරය දැකගැනීමට හැකිවනු ඇති. වසර ගණනාවක් පුරාවට ඔවුන් අතින් නිෂ්පාදනය කෙරුණු මේ සිනමා නිර්මාණ වල මේ අංකය දැකගැනීමට හැකිවනවා
සැබවින්ම මේ අංකය කුමක් ද ? එහි පසුපස ඇති කතාව ඔබ දන්නවා ද ? A113 කියන්නේ කැලිෆෝනියා චිත්රකලා අධ්‍යන ආයතනයේ පන්තිකාමරයක්. මුල්කාලයේ මේ ඇනිමේෂන් නිර්මාණකරුවන් ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම අනෙක් දේවල් ද ඉගෙන ගත්තේ මේ පන්තිකාමරයේ ඉඳලා. මේ ඉගෙනගත් පිරිස අතරින් බොහෝදෙනෙක් සේවය කරන්නේ Disney සහ Pixar Studios සමාගම් වලයි. ඉතින් තමන් ඉගෙන ගත් පන්තිකමරයටත්, ගුරුවරුන්ට වගේම අධ්‍යන ආයතනයටත් කෘතගුණ දැක්වීමක් වශයෙන් තමයි ඔවුන් මේ අංකය ඔවුන්ගේ නිර්මාණ වලට ඇතුලත් කරන්නේ. අපුරුයි නේද?