aaaලාංකේය ගුවන්සේවා පුරාවෘත්තය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    aaaලාංකේය ගුවන්සේවා පුරාවෘත්තය

    Sri Lanka Aviation History - ලාංකේය ගුවන්සේවා පුරාවෘත්තය




    මුලු ඉතිහාසයම පින්තූර වලින්


    12.09.1911 – බ්ලෙරියෝට් ගුවන් යානය නෞකාවකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම

    1.jpg


    07.05.1931 – බොම්බායේ සිට පළමු ජාත්‍යයන්තර ගුවන්යානය කොළඹ තුරඟ තරඟ පිටිය වෙත පැමිණීම


    3.jpg



    28.02.1938 – Formal opening of the Ratmalana Airport by Governor Sir Andrew Caldecott


    4.jpg


    28.02.1938 – Launch of Air Mail service between Colombo and Mumbai


    6.jpg
    8.jpg

    7.jpg



    1939 – Construction of Palavi Airport at Puttlam as an emergency airfield

    9.png




    30.03.1943 – Landing of seaplane at Koggala Lagoon

    11.jpg


    13.11.1946 – Landing of Autocrat aircraft of Mr.J.P.Obeysekara at Ratmalana with 31 intermediate stops after taking off from London

    12.jpg
    14.JPG


    February 1947 – Commencement of air services by Ceylon Airways with three DC-3 aircraft under the Ministry of Communications and Works

    16.jpg


    18.jpg
    19.png


    01.11.1957 – Handing over of Katunayake Royal Airbase to Sri Lanka by the British Government

    20.jpg


    1960 – Commencement Upali Air, first domestic airliner in Sri Lanka

    20A.jpg


    11.09.1971 – Boeing Jumbo jet (B747) operated by Condor German Airline landed at Colombo International Airport


    22.jpg


    1972 - Sri Lanka Air Force registered a company called “Helitours” to promote tourism industry

    24B.jpg
    24A.jpg


    04.12.1974 – Martin Air DC-8 aircraft accident at Seven Virgin Hills at Maskeliya killing 191 persons onboard

    26.jpg

    26A.gif


    26B.gif

    25.jpg


    15.11.1978 – Icelandic Airlines DC-8 accident at Kimbulapitiya killing 184 out of 264 persons onboard

    32.jpg


    07.11.1978 – Explosion of Air Ceylon HS-748 aircraft by LTTE terrorists at Ratmalana Airport



    31.jpg
    30.jpg


    01.09.1979 – Birth of Air Lanka and its inaugural flight to Bangkok

    31A.jpg



    30.06.1982 – Alitalia B747 aircraft with 340 passengers, high jacked by Sri Lankan landed at Bangkok International Airport

    35.jpg


    37.jpg




    1984 – Commencement of construction of new runway at Katunayake Airport


    38.jpg



    October 1986 – Opening of the new runway for commercial operations

    39.jpg



    03.05.1986 – Explosion of Air Lanka TriStar L-1011 aircraft at BIA by the LTTE terrorists killing14 passengers onboard

    40.jpg


    41.jpg


    1992 – Amendment of the Air Navigation Act for elevation of the Post of Director of Civil Aviation to Director General of Civil Aviation
    “Air Lanka” added it’s first “Airbus” aircraft to the fleet and registered as “4R –ABA”. It was a A320 aircraft.

    43.jpg


    1993 – “Sky Cabs” started international cargo services by using AN12 aircraft and it was the first Sri Lanka registered private airline which commenced international operations


    44.jpg


    29.09.1998 – AN-24 aircraft leased by Lion Air flight 602, with 55 persons onboard went missing exactly ten minutes after takeoff from Jaffna Airport

    46.jpg


    47.jpg


    01.04.1998 – Emirates took over control of AirLanka under a management agreement of 10years with the Government

    45.jpg


    24.03.2000 – AN 12 aircraft of “Sky Cabs” airline crashed at Kadirana near Negombo

    48.jpg



    24.01.2001 – LTTE infiltrated into the Katunayake Air Force base and destroyed eight military aircraft on the Air Force side and two Airbus A340, one Airbus A330 aircraft and one Airbus 320-200 aircraft

    49.jpg



    27.12.2002 – Abolition of the Department of Civil Aviation and establishment of Civil Aviation Authority of Sri Lanka under Act No.34 of 2002

    DCA.jpg


    2004 – Total movement of passengers, cargo and aircraft in and out of Sri Lanka exceeded 4,000,000, 152 metric tons and 30,000 respectively
    “Sri Lankan” airlines commenced float plane operations as “Air Taxi” to selected water aerodromes around the country

    51.gif



    15.11.2005 – Bandaranaike International Airport expansion projects under the Stage 1, PhaseII Expansion Project opened with a pier with eight aero-bridges

    52.jpg


    53.jpg


    27.10.2006 – Birth of Mihin Lanka as as a fully State owned Company fully funded by the General Treasury

    54.jpg

    55.jpg


    27.11.2009 – Launch of the Project for the construction of international airport at Mattala, Hambantota

    56.jpg


    24.10.2010 – ICAO conducted an Audit on the Safety Oversight capabilities of Sri Lanka
    “SriLankan” Airlines recommenced “Air Taxi” service

    56A.jpg


    16.10.2012 – The first aircraft engaged in flight calibration landed at Mattala International Airport

    58.jpg


    08.01.2012 – Landing of Emirates A380 aircraft at Bandaranaike International Airport

    57.jpg


    18.03.2013 – Opening of the Mattala Rajapaksa International Airport

    59.jpg


    60.jpg


    61.jpg


    22.06.2014 - Ceremonial inauguration of the aviation refueling terminal with fuel hydrant facilities at MRIA by the President, His Execllency Mahinda Rajapakse

    Capture21.JPG

    Capture.41JPG.JPG

    Capture.JPG


    09.06.2014 - Opening of CAA office at MRIA by the Minister of Civil Aviation Hon.Piyankara Jayaratne

    caa-entrance.jpg


    6.jpg
    dsc_0488.jpg


    20.10.2014- Seth Pirith chanting ceremony at Weerawila Bungalow in preparation for official opening


    4OeNirt.jpg



    2015.02.11 - Air China airlines commence four weekly direct flights from Chengdu to Bandaranaike International Airport, Colombo using Airbus A330 aircraft .

    CCA.JPG


    2015.12.14 - Hon. Nimal Siripala De Silva, Minister of Transport and Civil Aviation laid the foundation for the construction of CAA Headquarters at Katunayake BIA premises. The estimated cost of the building is Rs.803 million.

    2ylNyB8.jpg


    2018.03.29 :Opening of the CAASL Head Office Building at Katunayake

    Hon. Nimal Siripala de Silva, Minister of Transport and Civil Aviation declared open the Head office building of the Civil Aviation Authority of Sri Lanka at 1000hrs on 29th March 2018 at 152/1, Minwangoda Road, Katunayake in the presence of Mr.Ashok Abeyasinghe, Deputy Minister of Transport and Civil Aviation, Mr.G.S.Withanage, Secretary, Ministry of Transport and Civil Aviation at the invitation of Mr. Ananda Wimalasena, Chairman and Mr. H.M.C.Nimalsiri, Director General of Civil Aviation and Chief Executive Officer of the Civil Aviation Authority of Sri Lanka. The building was constructed by the State Engineering Corporation at the cost of Rs.803 million, which was wholly financed by the CAASL own funds.

    ytGJoM3.jpg


    2018.03.25- Opening of Batticaloa Airport for Civil Aviation Operation

    The commencement of the Batticaloa Development project planned for an extension and overlay to the existing runway, fixing of runway lights and construction of a new terminal building as well as the apron; the area where aircraft are parked. As the Batticaloa runway is locked at either ends between the lagoon, it could not be extended beyond 1,560 meters, which is adequate for operation of 60 seater aircraft. Runway expansion work was done initially by the Road Development Authority (60%) and the balance part was completed by Sri Lanka Air Force. The total budget allocated for the reconstruction of the runway, apron and terminal building which is Rs.1,400 million was borne by the General Treasury.

    Untitled.png


    BatticaloaAirport.PNG


    Civil Aviation Centenary of Sri Lanka
    1912-2012


    J9atlvH.jpg



    Centenary history download
    https://www.mediafire.com/file/fsioblpllr4sxru/history.pdf/file
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව

    1946 පෙබරවාරි මාසයේදී සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවක් නිර්මාණය කර, සහායට ප්‍රධාන ලිපිකරුවෙකු, තවත් ලිපිකරුවන් දෙදෙනෙකු සහ එක් කාර්යාල පණිවුඩකරුවෙකු සමඟ ලංකා සිවිල් සේවයේ එල්.එස්.බි. පෙරේරා මහතා සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ වශයෙන් පත් කිරීමේ පටන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කාර්යයන් රජයේ විධිමත් නියාමනයට යටත් කරනු ලැබ ඇත.

    ආරම්භයේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ස්ථාන ගතකර තිබුණේ ලෝටස් පාරේ පිහිටි, වර්තමානයේ ට්‍රාන්ස්වර්ක් හවුස් යනුවෙන් හඳුන්වනු ලබන, රජයේ වැඩ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ එවකට ගරාජයක් සහ ගබඩාවක් වශයෙන් පාවිච්චි කරන ලද ගොඩනැගිල්ලකය. මෙම ගොඩනැගිල්ලට වෙනස්කම් කිහිපයක් සිදු කරමින් 1994 දක්වා සිවිල් ගුවන් සේවා දෙපර්තෙන්තුව එහි පවත්වාගෙන යන ලදී. 1994 දි එය කොලඹ කොටුවේ සර් බාරොන් ජයතිලක මාවතේ අංක 18 දරණ ස්ථානයේ පිහිටි රිපබ්ලික් ගොඩනැගිල්ලේ කොටසකට ස්ථාන මාරු කරන ලදී.

    යලිත් එය 1997දි කොළඹ 03 , ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයෙහි “සුප්‍රීම්” ගොඩනැගිල්ලට ගෙන යන ලදී. 2000 වර්ෂයේදී සිවිල් ගුවන්සේවා සහ සංචාරක අමාත්‍යංශය වෙන වෙනම අමාත්‍යංශ දෙකක් බවට පත්වීමත් සමඟ සිවි; ගුවන් සේවා දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ටෙරස්හි අංක 29 දරණ ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙනයාමට සිදුවිය. 2001 වර්ෂයේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නැවතත් එය පෙර පිහිටුවා තිබුණු ස්ථානය වන කොළඹ 03, ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයට ආපසු මාරු කරන ලදී.

    ආරම්භයේදී වාණිජ ගුවන් ප්‍රවහන සේවා මෙහෙයුම් කිරීම ඇතුළු සිවිල් ගුවන් සේවාවට සම්බන්ධ සියළුම කාර්යන් ඉටුකිරීම සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට පැවරී තිබිණ.එයාර් සිලෝන් ආයතනය පිහිටුවීමත් සමඟ 1952 දී වාණිජ ගුවන් ප්‍රවාහන සේවා මෙහෙයුමට අදාළ කාර්යන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලදී. 1978දි, ගුවන් තොටුපොල සංවර්ධනය, මෙහෙයුම සහ නඩත්තුව සඳහා රජය විසින් ගුවන් තොටුපොල අධිකාරිය පිහිටවනු ලැබීමත් සමඟ එකී කාර්යන්ද සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කරන ලදී. 1982 දී රජය විසින්, රජයේ නියෝජිතයෙකු වශයෙන් “සී/ස ගුවන් තොටුපොල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) “ නමින් යුත් සම්පුර්ණයෙන්ම රජයට අයිති සීමිත වගකීම් සමාගමක් පිහිටුවන ලදුව ගුවන් තොටුපොළ මෙහෙයුම සහ ගුවන්ගුවන් සoතරණ පහසුකම් සහ සේවා සියල්ලට අදාළ සියළුම’ මෙහෙයුම් කටයුතු එම සමාගමට මාරු කරන ලදී. එතැන් පටන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නියාමන සේවා සැපයීමට පමණක් සීමාවූ ආයතනයක් බවට පත්විය. ශ්‍රී ලංකාව මතපැවරී ඇති නිරුපද්‍රිතතා සහ සුරක්ෂිතතා අධීක්ෂණ කාර්යන් ඉටු කිරීමේ වගකීම ඵලදායි අන්දමින් සපුරාලීම සඳහා අවශ්‍යවන රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ICAO විසින් කරන ලද නිර්දේශයකින් අනතුරුව, 1997 දී , ශ්‍රී ලංකා රජය, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමත්, ඒ වෙනුවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවීමටත් තීරණය කළේය.


    සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) සහ එහි පුර්වගාමී ආයතනය
    (ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවීම)


    සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1946 දීය. ආරම්භයේදී ගුවන් ප්‍රවාහන සේවා මෙහෙයුම් කිරීම,ගුවන් තොටුපොල මෙහෙයුම සහ ගගන නාවික සේවා සැපයීමද ඇතුළු සියළුම නියාමන , මෙහෙයුම් සහ වාණිජ කාර්යන් සිවිල් ගුවන්’ සේවා දෙපාර්තමේන්තුවට භාර වී තිබිණ.එවකට දෙපාර්තමේන්තුව ස්ථාන ගත කර තිබුනේ කොළඹ කොටුවේ පිහිටි ”ට්‍රාන්ස්වර්ක් හවුස් ” නමැති ගොඩනැගිල්ලටයාබද කුඩා ගොඩනැගිල්ලකය.



    තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක වූත් වානිජමය වශයෙන් තරඟකාරී වූත් පරසරයක කාර්යක්‍ෂම ගුවන් ප්‍රවාහන සමාගම් සහ ගුවන් තොටුපොල කළමනාකරණයකට හිතකර වූ පරිපාලනමය සහ මූල්‍යමය සුනම්‍යතාවයක් වැඩිපුර ලබාදීමේ අරමුණ සහිතව සියළුම වාණිජ සහ මෙහෙයුම් කාර්යන් සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවෙන් ක්‍රමයෙන් ඉවත්කොට සමාගම් පනත යටතේ පිහිටුවන ලද රජයට අයත් සීමිත වගකීම් සමාගම් වෙත මාරුකරනලදී.

    මේ අනුව 1979දී නිත්‍ය පොදු ගුවන් ප්‍රවාහන සේවා මෙහෙයවීම සඳහා සී/ස එයාර් ලංකා (ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්) සමාගමක් ,1983 දී, සිවිල් ගුවන් තොටුපොළ සංවර්ධනය,මෙහෙයුම සහ නඩත්තුව සඳහා සහ ගගන නාවික සේවා සැපයිම සඳහා සී/ස ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමක් පිහිටුවන ලදී.

    මෙලෙස සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නියාමන කාර්යන්ට පමණක් සීමාවිය. ගගන නාවික විද්‍යාවේ සවිමත් තාක්ෂණික දියුණුව සමඟ සීග්‍රයෙන් වර්ධනය වන ගුවන් සේවා කර්මාන්තයක් නියාමනය කිරීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා කලින්කල ඊට ගැලපෙන පරිදි] සකස් වීමේ අවශ්‍යතාව අවබෝධ කර නොගත් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රතිරුපාකාර රජයේ දෙපර්ටමේන්තු වයුහයම තවදුරටත් රඳවා ගත්තේය.

    ලෝක ගුවන් සේවා පාලන ආයතනය වන ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය 1997 දී පවත්වන ලද තක්සේරුවකදී සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ පැවති බරපතල ඌනතා හෙලිවනතුරු මෙම තත්වය අනාවරණය වී නොතිබිණ. ගුවන් සේවා කර්මාන්තයේ නිරුපද්‍රතතා අධීක්ෂණය පවත්වාගෙන යාම, ජාත්‍යන්තර නිරුපද්‍රතතා ප්‍රමිති සහ නිර්දේෂිත පරිචයන් ක්‍රියාත්මක කිරීම’, ගුවන් සේවා කර්මාන්තය සහතික කිරීම,මෙහෙයුම් සම්බන්ධ නිරුපද්‍රතතා සෝදිසිය පවත්වාගෙනයාම සහ නිරුපද්‍රතතා ප්‍රමිති, රීති සහ පරිචයන්ගෙන් අපගමනය වන අවස්ථාවන්හි ඒ සඳහා නිවරද කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම වශයෙන් වූ සියළුම කාර්යන්හිදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ පැවති දුර්වලතා සහ ඌනතා මෙහිදී හෙළිදරව් විය. සංවිධානය දුර්වලවීම, ප්‍රමාණවත් සංඛ්‍යාවක තාක්ෂණික කාර්යමණ්ඩලයක් නොතිබීම,ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා නොදීම, යල් පැනගිය ගුවන් සේවා නීති, රෙගුලාසි සහ ප්‍රබලකර ලෙස කර්මාන්තය නියාමනය කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් ලේඛන සහ ක්‍රියාවලින් හිඟ බව ආදී කරුණු ICAO වාර්තාවෙහි ඉස්මතු කර පෙන්වා තිබිණ.

    මෙසේ පැවති සංවිධානමය ඌනතා නිවරද කිරීමේ සෘජු පියවරක් වශයෙන් 2002 අංක 34 දරණ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනත යටතේ 2002 වර්ෂයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවන ලදී. එහි වගකීම් භාරයඉටුකිරීම සඳහා මෙම සංවිධානයට වැඩි කාර්යක්ෂමතාවයක් සහ ප්‍රබලත්වයක් ලබා දීම සඳහා ICAO නිර්දේශය පරිදි වැඩි ස්වතන්ත්‍රතාවක් සහ සුනම්‍යතාවක් අවශ්‍ය වී තිබිණ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නියම ත්‍රෙඩ්1ක් බ්‍රදර්..

    ඔය ඔබේසේකර බුලට්1 ලේඩිස් කොලේජ්1 උඩින් මූ වටයක් ගැහුවලු කෙල්ලො ටික ෆෝම් කරන්න වෙන්න ඇති.. ඒ වෙලාවේ ඉස්කෝලෙ ඉදපු ශිවා ඔබේසේකර ආඩම්බරෙන් කිව්වලු මගේ කොල්ල තමයි උඩින් එන්නේ කියල.
    ubata rep dilalu. aye passe dennam :yes::yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්මලාන එයාපෝට් එක වැඩි දියුණු කරලා ජාත්‍යන්තර තත්වෙට ගෙනාවනම් වටිනාකම කියල නිම කරන්න බෑ. එක අතකට ගුවන් තොටුපොළේ වී ගබඩා කරන නපුන්සක පාලකයෝ ඉන්නකම් රටේ ගුවන් සේවය බලු ගානට වැටෙන එක පුදුම වෙන්න දෙයක් නෑ:angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෑහෙන වටිනා ත්‍රෙඩ් එකක්...දිගටම මේ වගේ ත්‍රෙඩ් දාමු යාළුවා.

    ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.

    :love::love::love:
    :yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සෑහෙන වටිනා ත්‍රෙඩ් එකක්...දිගටම මේ වගේ ත්‍රෙඩ් දාමු යාළුවා.

    ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.

    :love::love::love:
    :yes::yes:

    Thanks friend
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සුද්දෝ ටික හොරු රැලකට රට බාර දීලා ගියා .

    මම ළමයෝ විෂ උරමි