1964 මාර්තු 14 වන දින අමීර් හුසෙන් ලෙස උපත ලද අමිර් ඛාන් ඉන්දියානු චිත්රපට නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ අධ්යක්ෂකවරයෙකි. ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්රපට විශාල ප්රමාණයකට සහභාගි වෙමින් හින්දි සිනමාවේ ප්රමුඛ නළුවෙකු බවට පත් වී ඇත "අමීර් ඛාන් නිෂ්පාදන"වල අයිතිකරු වන්නේද,ඔහූය.
අමීර් ඛාන් තම සිනමා ජීවිතය ආරම්භ කලේ නළුවෙකු ලෙස තම මාමා වු "නසීර් හුසෙන්" ගේ "යාදොන් කි බාර්සාත්(1973)චිත්රපටයෙනි. ඔහු තම සිනමා ජීවිතය නිල වශයෙන් ආරම්භ කලේ අවුරුදු එකොලහකට පසුව "හොලි" චිත්රපටයෙනි(1984).
ඔහුගේ ප්රථම වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්රපටය වුයේ, ඔහුගේ ඥාතියෙකු වන "මන්සූර් ඛාන්' ගේ "කියා මත්සෙ කියා මත් තක්.."(1988) ය. ඒ සඳහා ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උළලේදී "හොදම ප්රථම දර්ශන නළුවට” හිමි සම්මානය ප්රධානය කරන ලදි.
ඔහුගේ ප්රථම වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්රපටය වුයේ, ඔහුගේ ඥාතියෙකු වන "මන්සූර් ඛාන්' ගේ "කියා මත්සෙ කියා මත් තක්.."(1988) ය. ඒ සඳහා ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උළලේදී "හොදම ප්රථම දර්ශන නළුවට” හිමි සම්මානය ප්රධානය කරන ලදි.
කියා මත්සෙ කියා මත් තක් චිත්රපටියෙන් ...
1980 හා 1990 දී සත් වතාවක් නම් යෝජනා වීමෙන් පසුව, ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උලෙළදී ඔහුගේ ප්රථම සම්මානය වන "හොඳම නළුවාට" හිමි සම්මානය "රාජා හින්දුස්තානි"(1976) චිත්රපටය වෙනුවෙන් ලැබුනි. 2001 දී "ලගාන්" චිත්රපටය සඳහා "විද්වත් පර්ශද සම්මානය " සඳහා නම යෝජනා වු අතර එතුලින් ඔහු චිත්රපට නිෂ්පාදකයෙකු ලෙස ප්රථම වතාවට දර්ශනය විය. එහි ඔහු ප්රධාන චරිතය රඟපාමින්, ඒ සඳහා තම දෙවනි "හොඳම නළුවට" හිමි සම්මානය ලබන ලදී. අවුරුදු හතරක විරාමයකින් පසුව, ඔහුගේ ආගමනය නැවත සිදු වුයේ "කෙතන් මෙහෙත" ගේ "මන්ගල් පාන්ඩේ :The rising(2005)" චිත්රපටයෙනි. පසුව ඔහු විසින් "ෆිල්ම් ෆෙයාර්" උලෙළදි "හොඳම රඟපෑමට හිමි සම්මානය "රන්ග් දෙ බසන්ති"(2006) චිත්රපටය සඳහා ලැබුනි.
බොලිවුඩ් ඉතිහාසයේ වැඩිම අදායමක් ඉපයූ චිත්රපටිය - 3 Idiots
2007 දී, අධ්යක්ෂකවරයෙකු වශයෙන් ප්රථම දර්ශනය සිදු කලේ "තාරෙ සමීන් පර්"(like stars on earth)චිත්රපටයෙනි. ඒ සඳහා ඔහුට "හොඳම අධ්යක්ෂකවරයාට හිමි සම්මානය ද ලැබුනි. ඊට පසුව ඔහු විසින් නිෂ්පාදිත ගජිනි(2008) එම වසරේ වැඩිම ලාභ ඉපැයු චිත්රපටය විය. 2009 දී තිරගත වු "ත්රි ඉඩියට්ස්" වාණිජමය වශයෙන් වැදගත් වන අතර මේවන තුරු වැඩිම ලාභ ලැබු චිත්රපටය විය. 2010 දී ඔහු ඉන්දීය සිනමාවට සිදු කල දායකත්වය වෙනුවෙන් "පද්ම භූශන්"නම් සම්මානයෙන් පිදුම් ලැබීය.
අන්තර්ජාලයෙන්....



