රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්
ජනාධිපතිවරණය ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේද ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේ රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකු මෙලෙස පිල් මාරුවක් සඳහා සුදානම් වන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේද ප්‍රබල කි‍්‍රයාකාරින් රැසක් ආණ්ඩුවට සම්බන්ධකර ගැනිමට උත්සහා කරමින් සිටින බවත් එම පක්ෂයේ පිරිස් කියයි.
මේ සම්බන්ධයෙන් අප පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේ ක්‍රියාකාරි පිරිස් වෙතින් විමසීම් කල අතර එහිදි ඔවුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ තිරනාත්මක වෙනසක් මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවන බවය.
ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙකුගේ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර අපට පිලිතුරු ලබාදුන් ප්‍රකාශකයා කියා සිටියේ අපුරු කතාවකි.
ඒ ‘‘ සැමට සුභ අනාගතයක් මෛත්‍රි පාලනයක් මල්ලි ’’ යනුවෙන් කියා ඔහු දුරකතනය විසන්ධි කළේය.
http://www.hirunews.lk/sinhala/99834
