Abans PLC, Apple iPhone වංචාව- පාරිභෝගික හෙළිදරව්ව

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,170
    2,802
    113
    Abans PLC, Apple iPhone වංචාව- පාරිභෝගික හෙළිදරව්ව
    පූර්ව දැනුම්දීම සහ නීතිමය සටහන:
    මෙම හෙළිදරව්ව මහජනතාවගේ දැනගැනීම උදෙසා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම, මෙහි සඳහන් සියලුම තාක්ෂණික දෝෂ, සාක්ෂි සහ ලේඛන පිළිබඳව Abans PLC ප්‍රධාන කළමනාකාරීත්වය සහ Apple Singapore / USA ආයතන ලිඛිතව සහ නිල වශයෙන් දැනුවත් කර ඇත.
    මෙම ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට දැරූ සියලු උත්සාහයන්ගෙන් පසුව, Abans PLC- COO විසින් පැවසූ "පුළුවන් දෙයක් කරගන්න, අපි ඕනෑම දේකට ලෑස්තියි" යන ප්‍රකාශය සහ Apple ආයතනය විසින් අවසන් තීරණය නිවේදනය කිරීම හේතුවෙන්, පාරිභෝගික අයිතිවාසිකම් සහ මහජන යහපත (Public Interest) වෙනුවෙන් සත්‍ය තොරතුරු පමණක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවූ බව තහවුරු කරමි.

    1. නිට්ටඹුව Abans ප්‍රදර්ශනාගාරයෙන් සිදු වූ මිලදී ගැනීම සහ තාක්ෂණික දෝෂ:
    මම නිට්ටඹුව Abans ප්‍රදර්ශනාගාරයෙන් iPhone 13 උපකරණයක් Brand New Retail Unit එකක් ලෙස සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත්තෙමි (April 2025). Device එක issue කරන ලද්දේ ගම්පහ outlet එකෙනි. Invoice එක issue වූයේ නිට්ටඹුවෙනි. මිලදී ගත් දින සිටම එහි සාමාන්‍ය නොවන ලෙස බැටරිය බැස යාම (Abnormal Battery Drain) සහ පද්ධතිය තුළ අධික ලෙස රත් වීම් (Severe Heat Build-up) නිරන්තරයෙන් වාර්තා විය. මේ පිළිබඳව කොළඹ 07 Race Course හි පිහිටි Abans Apple Authorized Service Center වෙත දැනුම් දුන් විට, ඔවුන් පැවසූයේ දුරකථනයේ කිසිදු දෝෂයක් නොමැති බවත් සෘජුවම Apple Singapore ආයතනය ඇමතීමටත්ය. පසුව Abans හි Apple Brand Managerට තත්ත්වය තේරුම් ගත හැකි මුත් තමන්ට මේ සඳහා කිසිවක් කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

    2. Apple Singapore හි මතභේදාත්මක පිළිවෙත සහ Call Recordings සාක්ෂි:
    Apple Singapore හි ඇතැම් නියෝජිතයන් මෙම abnormal තාක්ෂණික දෝෂ හඳුනාගෙන තිබුණද, පසුව Apple Singapore ආයතනය මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ පැවැත්වීම මඟහැර සිටියේය. නමුත් Apple Singapore හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ පැවැති දුරකථන සංවාද පටිගත කිරීම් (Call Recordings) මගේ භාරයේ සුරක්ෂිතව පවතින අතර, Apple Singapore සමාගම වරින් වර ඔවුන්ගේ අදහස් සහ තීරණ වෙනස් කළ ආකාරය (Time-to-time opinion changes) පිළිබඳවද, මෙම iPhone 13 දුරකථනය Brand New Retail Unit එකක් ලෙස අලෙවි කිරීමට සුදුසු නොවන එකක් (Retail Ineligibility) බවටත් එම සංවාද සෘජු සාක්ෂි සපයයි (Manufactured year-2025, post manufactured unit after Apple's official discontinuation of iPhone 13). තවද Abans විසින් ඉදිරිපත් කළ Authorization Letter එකෙහි සරල ඉංග්‍රීසි භාෂාව භාවිත කර තිබීම, Apple Logo එක Blotted වී තිබීම සහ abnormal Block Letter Watermark පැවතීම නිසා එම ලේඛන අතිශය සැකකටයුතු බව Apple Singapore ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු පැහැදිලි කළේය. මීට අමතරව Apple Singapore/ USA සමාගම විසින් තහවුරු කල පරිදි Apple Devices- Brand new retail units ලෙස විකිනිය හැක්කේ Abans @ OGF සහ Abans @ CCC outlets වලින් පමණි. මෙලෙස නිට්ට්ඹුව ශාඛාවෙන්ද invoice කල නොහැක.

    3. Abans ප්‍රධාන කළමනාකාරීත්වයේ ප්‍රතිචාරය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ:
    සාධාරණ විසඳුමක් ලෙස මුදල් ආපසු ලබා දෙන ලෙස (Refund) ඉල්ලා සිටීමට මම Abans PLC ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) හමු වූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ පුළුවන් දෙයක් කරගන්නා ලෙසත් ඔවුන් ඕනෑම දේකට සූදානම් බවත්ය. පසුව මම එම සාකච්ඡාවේ කරුණු ඇතුළත් කර email එකක් යැවූ අතර, Abans නීති නිලධාරීවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඔවුන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක නොයෙදෙන බවයි. එමෙන්ම කොළඹ Race Course හි Abans Apple Authorized Service Center හි කළමනාකරු ප්‍රකාශ කළේ Apple සමාගම විසින් Discontinue කළ iPhone 13 මාදිලිය ආසියානු වෙළඳපොළ සඳහා නැවත නිකුත් කළ (Relaunched) බවයි. නමුත් Apple Singapore සහ Apple USA නියෝජිතයන් විමසීමේදී තහවුරු කළේ එවැනි නැවත නිකුත් කිරීමක් කිසිසේත්ම සිදු නොකරන බවයි.

    4. ගම්පහ පාරිභෝගික අධිකාරියේ පක්ෂපාතී පිළිවෙත සහ තර්ජන:
    ලබා දුන් ප්‍රතිචාර හමුවේ මම ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. පැමිණිලි විභාගයේදී ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් Abans ආයතනයේ නිලධාරීන්ගේ පාර්ශ්වයට දැඩි ලෙස පක්ෂපාතීව කටයුතු කළ අතර, Abans හි නියෝජිතයන් සහ සේවා මධ්‍යස්ථාන තාක්ෂණ ශිල්පියා විසින් ගම්පහ පාරිභෝගික අධිකාරිය වෙත සත්‍ය නොවන/ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කරන ලදී. මෙම ලේඛනවල සත්‍යතාව Apple සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස මම ඉල්ලා සිටි විට, CAA නිලධාරීන් පැවසූයේ Apple සමාගමෙන් විමසීමට තමන්ට කිසිදු බලයක් නොමැති බවයි. එහිදී මා පාරිභෝගික පනත පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ කළ විට, CAA නිලධාරීන් මගෙන් අසා සිටියේ "ඔයා CAA නිලධාරීන්ට පනත උගන්වන්නද හදන්නේ?" යනුවෙනි.

    5. නීතිමය නිවේදන (LOD) සහ CAA වාර්තා ලබා ගැනීමේ අභියෝගය:
    සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මම නීතිඥයෙකු මාර්ගයෙන් Abans ආයතනය වෙත නීතිමය නිවේදනයක් (Letter of Demand - LOD) යැවීමට කටයුතු කළෙමි. ඊට පිළිතුරු දෙමින් Abans ආයතනය පැවසූයේ මා අධිකරණමය ක්‍රියාමාර්ග වෙත ගියහොත් මට එරෙහිව ප්‍රති-නඩුවක් (Counter Sue) පැවරීමට තමන්ට හැකියාව ඇති බවයි. පසුව මම CAA ප්‍රධානියාගෙන් පැමිණිලි විභාගයේ වාර්තා (Inquiry Minutes) ඉල්ලා සිටි විට, ඔහු පැවසූයේ ඒවා නීතිඥයෙකු මාර්ගයෙන් ඉල්ලා සිටින ලෙසයි. Abans නිලධාරීන් විසින් සහතික කර තිබූ, ව්‍යාජ ලෙස සකස් කළ බවට සැකකෙරෙන අදාළ ලේඛන ලබා දීම වැළැක්වීමට ඔවුන් දැඩි ලෙස උත්සාහ කළහ.

    6. ජාත්‍යන්තර මට්ටමේ පැමිණිලි සහ Apple USA අත්හැර දැමූ NDA යෝජනාව:
    දැඩි උත්සාහයකින් පසුව මම CAA වෙතින් අදාළ ලේඛන ලබාගෙන Apple Singapore වෙත යොමු කළ අතර, කොළඹ CAA අධ්‍යක්ෂ ජනරාල්වරයාටද මෙම තත්ත්වය පිළිබඳව දැනුම් දුන්නෙමි. Apple Singapore හි Senior Support Agentවරයෙකු මගේ දුරකථනයේ abnormal battery health warnings පවතින බව පැහැදිලිවම පිළිගත් අතර, පසුව ඔහුද සිදුවීමෙන් මඟහැර සිටියේය. ඉන්පසුව මම Apple Executive Relations ඊ මේල් පණිවිඩ හරහ ලගා වූ අතර, Apple Singapore හි නියෝජිතවරියක් කතා කර පැවසූයේ Apple හි අවසන් තීරණය ලබා දී ඇති බැවින් පුළුවන් දෙයක් කරන ලෙසයි. පසුව මම Apple USA Cupertino ප්‍රධාන කාර්යාලය වෙත ලිපි යොමු කරමින්, තාක්ෂණික ශ්වේත පත්‍රිකාවක් (Technical White Paper) ප්‍රකාශයට පත් කරන බවත්, Apple Ethics Point සහ USA Federal Trade Commission (FTC) වෙත පැමිණිලි කරන බවත් දැනුම් දුන්නෙමි. මෙසේ පැමිණිලි කිරීමෙන් පසුව, හදිසියේම Apple Singapore හි Senior Executive නියෝජිතවරිය නැවත මා හා සම්බන්ධ වී, දුරකථනයේ මුල් වටිනාකම Refund කිරීම සඳහා NDA එකකට අත්සන් කරන ලෙස දැනුම් දුන්නාය. එහිදී ඔවුන්ගේ වාසිය සඳහා NDA එකෙහි දිනය පසුගිය දිනයකට (Backdating) යොදා තිබුණි. මෙම NDA අත්සන් කිරීමට යෝජනා කරන ලද්දේ මම දිගින් දිගටම Apple USA සහ Singapore සමාගම් වලට මේ සිදුවී අති ක්‍රියාවල බරපතලකම පැහැදිලි කල විටදී සහ මා සතුව තිබූ සාක්ශි මත පදනම්ව Apple Global Warranty Period එක පසුවී මාස 2ක් ගතවුනු අවස්තාවේදී වීමද විශේෂිතය.
    පාරිභෝගිකයා ලෙස මගේ ආරක්ෂාව උදෙසා සුදුසු Safe Clauses ඇතුළත් කිරීමට මම යෝජනා කළ විට, Apple සමාගම සම්පූර්ණයෙන්ම මෙම Case එක Dismiss කළ අතර, Apple Ethics Point Case එකද වසා දැමීය.

    7. පාරිභෝගික ජනතාවට කෙරෙන හෙළිදරව්ව:
    වසර දෙකක කාලය පුරා (Apple Global Warranty සහ Abans 2 Years Warranty කාල සීමාවන් තුළ) පාරිභෝගිකයෙකු ලෙස මට විඳීමට සිදු වූ මානසික සහ මූල්‍යමය පීඩනය අතිශය බරපතල වේ. Abans PLC, Apple Singapore සහ ගම්පහ පාරිභෝගික අධිකාරිය (CAA Gampaha) යන පාර්ශ්වයන්ගේ සැබෑ ස්වරූපය සහ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය පිළිබඳව අනෙකුත් පාරිභෝගිකයන්ගේ දැනගැනීම උදෙසා මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරමි. මෙම සිදුවීමට අදාළ සියලුම ලිඛිත සාක්ෂි, පරීක්ෂණ වාර්තා සහ ලේඛන පහත පෙනෙන Public Google Drive Link එක හරහා ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැක.

    Source -> here

    GoogleDrive
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    Apple Singapore හි Senior Executive නියෝජිතවරිය නැවත මා හා සම්බන්ධ වී, දුරකථනයේ මුල් වටිනාකම Refund කිරීම සඳහා NDA එකකට අත්සන් කරන ලෙස දැනුම් දුන්නාය.

    පාරිභෝගිකයා ලෙස මගේ ආරක්ෂාව උදෙසා සුදුසු Safe Clauses ඇතුළත් කිරීමට

    mu meh danna kiyapu clauses tika tiyenawada?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    මම භාවිතා කරන්නෙත් 13pro max එකක් 2012 ගත්තෙ. මේ මගුල පොලේම ගහල ඇති කිසිම හෙනයක් නම් නෑ අද වෙනකම්. වතාවක් අමතක වෙලා වාහනෙ බොනට් එකේ තියන් ගිහින් 100km/h පාරක සෑහෙන දුරක් ගිහින් ආය හරවන් ඇවිත් හොයාගත්තෙ watch එකෙන් බලල. අමු කැලෑවකට විසි වෙලා තිබිල හොයාගත්තෙ.

    මට හිතෙන්නෙ ලංකාවෙ මේ ෆොන් වලට කෙල වෙන්න හේතු තමා 128 ෆෝන් ගෙනත් 256/512 කරල විකුනන සීන් තියනව. ඒක වෙන්න පුලුවන්
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    උඹට සල්ලි ගෙවන්න ලැහැස්ති වෙනකොටත් උඹ බෑ කියලනෙ.

    ඉතිං තවත් මොනවද උඹ බලාපොරොත්තු වෙන්නේ?

    උඹ වගේ customer කෙනෙක් හම්බෙන ඕනම ආයතනයකට දෙයියන්ගෙ පිහිටයි.

    හෙනගහපං පාරිභෝගිකයා 😀
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    Process එකේ කොහෙ හරි පොරට වැරදීමක් වෙලා තියනව වගේ. මේ වගේ සීන් එකකට යනව නම් මේ සම්බන්ධ experience තියන හොද lawyer කෙනෙක් එක්කම යන්න ඕනෙ

    උඹට සල්ලි ගෙවන්න ලැහැස්ති වෙනකොටත් උඹ බෑ කියලනෙ.

    ඉතිං තවත් මොනවද උඹ බලාපොරොත්තු වෙන්නේ?

    උඹ වගේ customer කෙනෙක් හම්බෙන ඕනම ආයතනයකට දෙයියන්ගෙ පිහිටයි.

    හෙනගහපං පාරිභෝගිකයා 😀
    හුටා මේක හරියටම මීටර් උනේ මේ කමෙන්ට් එක දැක්කම. මස් රාත්තලම ඉල්ලල කෙලවන් නේද. පිස්සු
    ------ Post added on Aug 26, 2026 at 9:33 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    මෙහෙම හරි ගේම ඉල්ලපු එක ගැන මාර සන්තෝසයි. ගොඩක් උන් ඔහේ කර බාගෙන ඉන්න දෙකයි පනහේ කයිතන්ලා තමා.

    මෙතන NDA එක අත්සන් කරලා Refund එක ගත්තනම් හරි, අවුල තියෙන්නේ NDA එක sign කරලා අදාල මුදල refund කරේ නැති නම් තමා. අනෙක් ගැටළුව NDA එකේ මොනව ද තිබ්බේ කියන එක.

    අනෙක් ගැටළුව මු ඇයි බන් Abans එකේන් 13 එකක් ගන්න ගියේ?? 🥴 Abans එක ගැන කිරියෙත් thread දෙක තුනක් ගියා නේ ද? මිනිස්සු බඩු ගත්ත හැටි, ගත්ත ඒවට service දෙන හැටි පලු යන්න බනිනවා මුන්ට.. එහෙම එකේ රෙද්දක් කරන්න ගිහින්නේ ඉතිං.

    hand carrier කරපු phone අපි පාවිච්චි කරන්නේත්, Abans එකට නම් ලොවෙත් Apple Product එකක් නම් ගන්න යන්නේ නෑ මලත්.

    Process එකේ කොහෙ හරි පොරට වැරදීමක් වෙලා තියනව වගේ. මේ වගේ සීන් එකකට යනව නම් මේ සම්බන්ධ experience තියන හොද lawyer කෙනෙක් එක්කම යන්න ඕනෙ
    එහෙම උන් ඉන්න ද බන් ලංකාවේ, Global Scale එකේ ඔය වගේ සිද්ධියකට කතා කරන්න. අනෙක හිතපන් වියදමයි රස්තියාදුවයි. 🤒

    මූත් හිඟන එකෙක් කියලා හිතලා Abans/Apple ගේම ඉල්ලන්න ඇත්තේ, ඒ වුනාට වැරදි ඉතිං මූට කරපු වැඩේ නම්. 13 එකේ sound issue ආපු phones තිබ්බා මට මතක විදියට. කරුමේ තමා මොකක් හරි ඇනයක් තියෙන එකක් සෙට් උනා කියන්නේ.
    ------ Post added on Aug 26, 2026 at 9:53 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මම භාවිතා කරන්නෙත් 13pro max එකක් 2012 ගත්තෙ. මේ මගුල පොලේම ගහල ඇති කිසිම හෙනයක් නම් නෑ අද වෙනකම්. වතාවක් අමතක වෙලා වාහනෙ බොනට් එකේ තියන් ගිහින් 100km/h පාරක සෑහෙන දුරක් ගිහින් ආය හරවන් ඇවිත් හොයාගත්තෙ watch එකෙන් බලල. අමු කැලෑවකට විසි වෙලා තිබිල හොයාගත්තෙ.

    මට හිතෙන්නෙ ලංකාවෙ මේ ෆොන් වලට කෙල වෙන්න හේතු තමා 128 ෆෝන් ගෙනත් 256/512 කරල විකුනන සීන් තියනව. ඒක වෙන්න පුලුවන්
    100km/h speedmalli.. good one!
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    You can't buy an Apple 13 as brand new in 2025, so this must be a refurbished phone, and it is expected that the battery will deteriorate with time. So all he can do is replace the battery and turn off the Liquid glass thingy that uses too much power in older phones for aesthetics.

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    මේක Abans එක පිස්සු කෙලින එක පැත්තක දාමුකො. ලංකාවෙ එවුන් නේහ්. ඒත් Singapore එවුනුත් වැඩිය Care කරල නෑ නේද
    Un hithanna athi semi-pajeeth apita gemak denna hadnwa kiyala :(
    bcoz we are underr pajeeth land and they know we are semi-pajeeths :sorry:
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    556
    113
    Abans has the worst customer service. Just got and sit in their service centre in wallawatta so many customers come and fight with them. I once gave an LG microwave for repair and they returned it saying no parts. That same day I took it to a small repair place and they replaced an ic for a very small amount, it still works.
    Just look at any abans video they post on social media like tiktok and the number of negative comments.
     
    • Like
    Reactions: Emarald and Hankook

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    ai වලින් ලියපු එකක් වගේ පේන්නෙ ඇයි?
    දැන් මිනිස්සුත් ai විදිහට ලියන්න පුරුදු වෙලාද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    මම භාවිතා කරන්නෙත් 13pro max එකක් 2012 ගත්තෙ. මේ මගුල පොලේම ගහල ඇති කිසිම හෙනයක් නම් නෑ අද වෙනකම්. වතාවක් අමතක වෙලා වාහනෙ බොනට් එකේ තියන් ගිහින් 100km/h පාරක සෑහෙන දුරක් ගිහින් ආය හරවන් ඇවිත් හොයාගත්තෙ watch එකෙන් බලල. අමු කැලෑවකට විසි වෙලා තිබිල හොයාගත්තෙ.

    මට හිතෙන්නෙ ලංකාවෙ මේ ෆොන් වලට කෙල වෙන්න හේතු තමා 128 ෆෝන් ගෙනත් 256/512 කරල විකුනන සීන් තියනව. ඒක වෙන්න පුලුවන්
    uba 13 pro max ekak kohomada bn 2012 gatte
     
    • Like
    Reactions: jeremydave3d