-Abolish SAITM-

ABOLISH SAITM

Member
Jan 17, 2017
35
8
0
මම මගේ දරුවන්ට කියූ මෙසේ මුහුණු පොතේ ලියා තබමි

ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක්. මේ වගේ රටක නිදහස් අධ්‍යාපනයක් පවතින එකත් පුදුමයක්. රටේ හොඳ රැකියාවක් කරන්නනම් තියෙන්නේ හොඳට මහන්සි වෙලා කැපවී ඉගෙන ගන්න එකයි. හැබැයි මතක තියාගන්න අම්මා තාත්තා දොස්තරලා වුන පලියට තමන් දොස්තරලා වෙන්නෙත් නැහැ, වෙන්න උවමනාත් නැහැ.දවසක වෛද්‍ය විද්‍යාලයට තේරෙන්න නම් ජිවිතේ බොහෝ දේ අමතක කොට අධ්‍යාපනයට කල යුතුයි . වෙද්‍ය විද්‍යාලයට යන්න තියන සීමිත පහසුකම් ලැබෙන්නේ ඉහලින්ම කැපවූ සුළු කොටසකටයි. නමුත් මතක තියාගන්න ඔබට නිසිකල නිසි පරිදි කැප නොවී පසුව පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට යවන්න යයි මගෙන් ඉල්ලන්න එපා. සියලු පහසුකම් ලබමින් , හොඳම පාසලකට ගොස් ඔබට සුදුසුකම් ලබා ගත නොහැකිනම් එය ඔබේ කැප වීමේ මදි කමයි.සමාජ ප්‍රශ්න සහ දරිද්‍රතාවයන් නිසා නිදහස් අධ්‍යාපනයෙන් නිසි ඵල ලබාගත නොහැකි වූ සිසුන් ඔබට වඩා සුසුස්සන් ලෙසයි මා දකින්නේ . වෙද්‍ය විද්‍යාලයනට තේරෙන සමහරුන් ඔබට වඩා බුද්ධියෙන් අඩු විය හැකියි . හැකියාවන්ගෙන් අඩු විය හැකියි. නමුත් සුසුසුකම් ලබන්නේ වඩා කැප වුවන් බව මතක තබා ගන්න. මක් නිසාද වෙද්‍ය වරයෙකු වීමට වඩාත්ම සුදුසු කම එය නිසයි.
පුද්ගලික වෙද විදුහල් නැතිකම මේ රටේ කිසිසේත්ම දැවෙන ප්‍රශ්නයක් නොවේ. දැනට රජයේ වෙද විදුහල් තුලින් පැමිණෙන වෛද්‍ය වරුන් රටේ අවශ්‍යතාවය සුපරන්න හොඳටම ප්‍රමාණවත්. දකුණු ආසියාවේ හොඳම පොදු අධ්‍යාපනය සහ සෞඛ්‍ය පවතින අපේ රටේ පුද්ගලික වේද විදුහල් හදන්නේ සමාජ හෝ ආර්ථික අසාධාරණයෙන් අධ්‍යාපනය නිසි කලට කරගත නොහැකි වුවන් සඳහා නොවෙයි. ජිවිතයේ සැප වැඩි කමෙන් කම්මැලි වූ කොටසකටයි. අනික ජිවිතේ සතුටින් ඉන්න ඕනනම්, මුදල් හම්බ කරන ඕන නම් , සමාජයේ ඉහල තත්වයකට යන්න වුවමනානම්, වෙන ඕන තරම් මාර්ග රටේ තියනවා. සමහවිට එවැනි මාර්ගයක ගමන් කිරීමෙන් සමහර විට වෛද්‍ය වරයෙකුට වඩා ගරුත්වයකුත් ලබා රටට වැඩි සේවයකුත් කල හැකි වේවි. නමුත් මේ රටේ යාන්තමින් නටුවෙන් එල්ලෙන නිදහස් අධ්‍යාපනය බිම හෙළීමේ පාපයට මා සම්මාදම් කරගන්න එපා. ඔබ මගේ දරුවන් වූවත් ඔබට සුදුසු තැන ඔබටම උපයා ගැන්මට සිදුවේවි. නොමිලේ ලබන නිදහස් අධ්‍යාපනයේ ඉඩමේ ඔබ වගා කළ දෙය ඔබට හිමි වේවි. පසුව අනේක විද කැපවීම් කොට අනුන් උපයා ගත් අස්වැන්න ඉල්ලා හඬන්න එපා. දහසක් මෝඩ තර්ක ගෙනෙමින් කුහකයන් ලෙස හැසිරෙන්න එපා.​
 

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg

    viirs_9apr2015.jpg