Ada paninavada !!!!

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

    මෙම රැලියේ සංවිධායකයින් විසින් අසුන් 4ක් හිස්ව තබන ලෙස දැනුම් දී ඇති අතර එය ආණ්ඩු පක්ෂයේ සිවුදෙනෙකු පැමිණෙන බවට ඉඟියක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.

    ada news
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය එන හැමෝම ගත්තට කමක් නෑ. මොකද මයිත්‍රී ජනාධිපති උනාම පස්සේ විවස්ථාව සංශෝදනය කරන්න නං කොහොමත් තුනෙන් දෙකක් ඕනි. ඒක මේ පාර්ලිමේන්තුවේම කරනවා නං කොහොමත් මේ ඉන්නා අයගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථාව සංශෝධනය කරලා, පාර්ලිමේන්තුව විසිරුවාම පස්සේ තමන් කැමති,හොර බොරු නැති අයව පත්කරලා යවන්න. විෂෙන් විෂ නසනවා වගේ, මේ වෙලාවේ එන හැමෝගෙම සහය අරං, මේ විවස්ථාව සහ ජන්ද ක්‍රමය නැති කර ගන්න ඕනි.

    :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ආණ්ඩුවෙන් විපක්ෂයට එනවා කියපු ඇමතිවරු අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ජනාධිපතිතුමා ළඟ ඒ අයගේ ෆයිල් තියෙන නිසාද?

    අපි එනවා කියලා කාගෙවත් නම් ප්‍රසිද්ධ කළේ නැහැ, ආණ්ඩුවෙන්ම තමයි ඒවා වෙබ් සයිට්වල ප්‍රචාරය කළේ. ඒ අයම එනවා කියලා දාලා, දැන් ඒ අයම යන්නෙ නෑ කියනවා. නමුත් එන අමාත්‍යවරුන්ගේ ලිස්ට් එක තියෙන්නෙ අපි ළඟ. ඒ ගැන දන්නෙ අපි විතරයි.

    ඉස්සරහට එය දැක බලාගන්න ලැබෙයි, අනිත් දේ මේ රජයේ ඉන්න හොරු, වංචාකාරයො ඔක්කොගෙම ෆයිල් එතුමා ගාව ඇති, ඒකනෙ ෆයිල් තියෙනවා කියන්නෙ, එතකොට මේ පාලකයා හොරු, තක්කඩි ආරක්ෂා කරනවනේ. ඒ නිසා සංදර්ශනය තාම පටන්ගත්තෙ නෑ. ඉදිරි දිනවල ඒක බලන්න පුළුවන් වෙයි .

    Mangala samaraveera
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහනුවරදී දැන් පැවැත්වෙන පොදු විපක්ෂයේ රැලියට ආණ්ඩුවේ ප්‍රබලයින් එක්වෙන බවට තොරතුරු වාර්තා වුවත් මේ වන විටත් එවැනි කිසිවෙකුත් රැළියට පැමිණ නැත. ෆොන්සේකා මහතා මේ වන විට රැළිය අමතමින් සිටියි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අද (09දා) මහනුවරදී පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග මෙනවිය පැවසුවාය.

    එසේම තමන් මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක්ව සිිටින බව ඇය පැවැසුවාය.

    " මම බී.එම්.අයි.සී.එච්. එකේ නාමල් මන්ත්‍රිතුමාගේ උත්සවයට යන ගමන්. මම කොළඹ ඉන්නේ. තාත්තිත් කොළඹ ඉන්නේ. අපිට කතා ඇත්තද බොරුද කියන්න උවමනාවක් නෑ. අපි යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම ඒක අහන්න වෙනවා."
     
    Feb 3, 2014
    860
    125
    0
    මහනුවරදී දැන් පැවැත්වෙන පොදු විපක්ෂයේ රැලියට ආණ්ඩුවේ ප්‍රබලයින් එක්වෙන බවට තොරතුරු වාර්තා වුවත් මේ වන විටත් එවැනි කිසිවෙකුත් රැළියට පැමිණ නැත. ෆොන්සේකා මහතා මේ වන විට රැළිය අමතමින් සිටියි.
    10853661_672080482891643_53966222_o.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ආණ්ඩුවෙන් විපක්ෂයට එනවා කියපු ඇමතිවරු අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ජනාධිපතිතුමා ළඟ ඒ අයගේ ෆයිල් තියෙන නිසාද?

    අපි එනවා කියලා කාගෙවත් නම් ප්‍රසිද්ධ කළේ නැහැ, ආණ්ඩුවෙන්ම තමයි ඒවා වෙබ් සයිට්වල ප්‍රචාරය කළේ. ඒ අයම එනවා කියලා දාලා, දැන් ඒ අයම යන්නෙ නෑ කියනවා. නමුත් එන අමාත්‍යවරුන්ගේ ලිස්ට් එක තියෙන්නෙ අපි ළඟ. ඒ ගැන දන්නෙ අපි විතරයි.

    ඉස්සරහට එය දැක බලාගන්න ලැබෙයි, අනිත් දේ මේ රජයේ ඉන්න හොරු, වංචාකාරයො ඔක්කොගෙම ෆයිල් එතුමා ගාව ඇති, ඒකනෙ ෆයිල් තියෙනවා කියන්නෙ, එතකොට මේ පාලකයා හොරු, තක්කඩි ආරක්ෂා කරනවනේ. ඒ නිසා සංදර්ශනය තාම පටන්ගත්තෙ නෑ. ඉදිරි දිනවල ඒක බලන්න පුළුවන් වෙයි .

    Mangala samaraveera

    Mangala thamai methana sira mola karaya.