බයික් පදින සමහර අය කරන වැඩක් තමයි 4 stroke බයික් වලටත් පෙට්‍රොල් ටිකක් වැඩිපුර ගහල 2T ඔයිල් පැකට් එකක් එකතු කරන එක(1000 ක විතර පෙට්‍රොල් ගහලා පොඩි 2T පැකට් එකක් එකතු කරනවා). ඒකෙන් විවිද වාසි තියෙනව කියල අහල තිබුනට මේ ගැන මට තිබුන ගැටළුව තමයි, 2T දැම්මම පෙට්‍රොල් incomplete burn එකක් වෙලා කාබන් ඩිපොසිට් cylinder bore එකේ තැම්පත් වෙයිද කියන එක. එහෙම උනොත් එන්ජින් එක ගෙවෙන එක තවත් වැඩිවෙනවා.
ඒ නිසා මන් මේ ගැන ටිකක් හොයල බැලුවා. එතකොට, මේ ගැන ලියපු හොඳ article එකක් හම්බවුනා. ඒක ලියල තියෙන්නේ මේ ගැන එම පුද්ගලයා කරපු පොඩි research එකක් ඇසුරෙන්. ඒ article එකේ අඩංගු කරුණු ඇසුරෙන් තමයි මේ ත්‍රෙඩ් එක ලිව්වේ.
2T ඔයිල් 4 stroke බයික් එකට දාලා අවුරුදු කීපයක් දිව්වට පස්සෙ මෙන්න මේ දේවල් නිරීක්ෂණය කරන්න පුලුවන්.
4 stroke එන්ජින් එකට නියමිත ප්‍රමාණයෙන් (correct ratio) 2T දැම්මම මේ වාසි ලැබෙනවා,
ලැබිය හැකි අවාසි,
නමුත් මේ අවාසි මඟහරවා ගන්න පුළුවන් හරි අනුපාතයට 2T යෙදීමෙන්. නිවැරදි අනුපාතය ලෙස 100:1(Smooth Engine) සිට 160:1(Performance වැඩිවීම තවමත් නිරීක්ෂණය කරන්න පුලුවන්, හැබැයි අඩුයි) දක්වා අනුපාතයක් යෝග්‍යයි (මෙය සොයාගෙන තියෙන්නේ විවිධ අනුපාතයන් පරීක්ෂා කරලා).
සාමාන්‍යයෙන් 4 stroke එන්ජින් වල අමතර ලිහිසිකරණයක් අවශ්‍ය වෙන්නේ සිලින්ඩරයේ ඉහළ කොටසටයි, වෑල් වලටයි විතරයි. එම නිසා 2 stroke එන්ජින් වලට දානවට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි 4 stroke එන්ජින් වලට 2T දාන්න ඕනේ. විවිධ පෙට්‍රොල් සහ ඔයිල් අනුපාතයන් ට අදාලව එන්ජින් එකට බලපාන විදිහ මෙහෙමයි.
මේ අනුපාතයට දැම්මම 5%-8% අතර ප්‍රමාණයක ඉන්ධන කාර්යක්ශම තාවයක් ලබා ගන්න පුලුවන්ලු. ඒ වගේම piston rings සහ cylinder walls වල ගෙවීම අඩුවීම ත් නිරීක්ෂණය කරන්න පුළුවන්ලු (එන්ජින් එක හීට් වෙන ගතිය අඩු නිසාත් හොදට ලිහිසිකරණය වෙන නිසාත්). ඒ වගේම, පෙට්‍රොල් සමඟ ස්පර්ශ වෙන රබර් සහ ප්ලස්ටික් කොටස් වල කල්පැවැත්මත් ඉහල යනවා
මේ සංඛ්‍යාතමක අගයයන් ඔක්කොම කලින් කිව්ව individual research එක ඇසුරෙන් ලියපු article එකේ තිබ්බ ඒවා. ඒවා හරියට හරිද කියලා මම කියන්න දන්නෙ නම් නෑ. ඒක බයික් එකේ model එකත් එක්ක වෙනස් වෙනවත් ඇති. හැබැයි මම මගේ බයික් එකට (Pulsar 150) 1:125 අනුපාතයට 2T දාලා බැලුවා. තාම ලොකුවට දිව්වෙ නම් නෑ, හැබයි බයික් එකේ ස්මූත් ගතියක් තියෙනවා වගේ පේනවා, ඒ වගේ ම තමයි කොච්චර රේස් කරත් කලු දුම වත් නිල් දුම වත් යන්නේ නෑ. ඒ කියන්නේ සැලකිය යුතු තරම් කාබන් deposit හැදෙන්නේ නෑ. තව ටිකක් දුවලම තමයි සම්පූර්ණ නිගමනයක් දෙන්න පුළුවන්.
අනික් දේ තමයි, මේ ලිපිය සම්පූර්ණයෙන්ම් අදාල වෙන්නෙ, 4 stroke, carburetored (කා(ර්)බියුලේටර් තියෙන) මෝටර් සයිකල් වලට විතරයි. Fuel injected (උදා- Yamaha FZ version 2) ඒවට 2T දාන්න යන්න එපා සෙන්සර් පිච්චිලා යාවි.
මේ ගැන දන්න අය තමන්ගේ අදහස් පළ කරන්න

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
2T ඔයිල් 4 stroke බයික් එකට දාලා අවුරුදු කීපයක් දිව්වට පස්සෙ මෙන්න මේ දේවල් නිරීක්ෂණය කරන්න පුලුවන්.
- ගොඩක්ම එන්ජින් එක ගෙවීමට හේතු වෙන cylinder bore එකේ ඉහළ කොටසේ ඝර්ෂණය සහ තාපය මේ නිසා අඩු උනා.
- Engine braking effect එක සුළු ප්‍රමාණයකින් අඩු උනා (cylinder bore එකේ ඝර්ෂණය අඩු නිසා)
- එන්ජින් එකේ උෂ්ණත්වය වෙනදාට වඩා ටිකක් අඩුයි.
4 stroke එන්ජින් එකට නියමිත ප්‍රමාණයෙන් (correct ratio) 2T දැම්මම මේ වාසි ලැබෙනවා,
- එන්ජින් එකේ බලය වැඩිවීමක් දකින්න් පුළුවන්, බොහෝවිට top speed එක වැඩිවෙනවා.
- පෙට්‍රොල් වැඩ කරන ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පුළුවන්.
- එන්ජින් එකේ vibration අඩුවෙනවා, ස්මූත් run වෙනවා.
- Piston rings සහ වෑල් වලින් වෙන Compression lose (දහනය වූ ඉන්ධන අඩංගු වාතයේ පීඩනය අඩුවීම) අවම වෙනවා, එම නිසා torque එක වැඩිවෙනවා.
- පෙට්‍රොල් වල කල් පැවැත්ම වැඩිවෙනවා.
- ඔක්ටේන් රේටින්ග් එක වැඩි වෙන නිසා, එන්ජින් එක knock වෙන එක අඩුවෙනවා.
ලැබිය හැකි අවාසි,
- ඉන්ධන වියදම වැඩිවීම.
- Engine performance අඩු වීම (වැඩිපුර 2T යෙදීම නිසා).
- Spark plug වල ක්‍රියාකාරිත්වය අඩපණ වීම (වැඩිපුර 2T යෙදීම නිසා).
- කාබන් අංශු තැම්පත් වීම (වැඩිපුර 2T යෙදීම නිසා).
- එන්ජින් එක සිසිල් විට පණගැන්වීම අපහසු වීම (වැඩිපුර 2T යෙදීම නිසා).
නමුත් මේ අවාසි මඟහරවා ගන්න පුළුවන් හරි අනුපාතයට 2T යෙදීමෙන්. නිවැරදි අනුපාතය ලෙස 100:1(Smooth Engine) සිට 160:1(Performance වැඩිවීම තවමත් නිරීක්ෂණය කරන්න පුලුවන්, හැබැයි අඩුයි) දක්වා අනුපාතයක් යෝග්‍යයි (මෙය සොයාගෙන තියෙන්නේ විවිධ අනුපාතයන් පරීක්ෂා කරලා).
සාමාන්‍යයෙන් 4 stroke එන්ජින් වල අමතර ලිහිසිකරණයක් අවශ්‍ය වෙන්නේ සිලින්ඩරයේ ඉහළ කොටසටයි, වෑල් වලටයි විතරයි. එම නිසා 2 stroke එන්ජින් වලට දානවට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි 4 stroke එන්ජින් වලට 2T දාන්න ඕනේ. විවිධ පෙට්‍රොල් සහ ඔයිල් අනුපාතයන් ට අදාලව එන්ජින් එකට බලපාන විදිහ මෙහෙමයි.
- 75:1 - Performance අඩුවීමක් දකින්න ලැබුනා, plug වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම මද වශයෙන් දකින්න ලැබුනා
- 100:1 - වැඩි ලිහිසිකරනයක් ලැබෙනවා, බොහෝ විට පරණ සහ ගෙවීමට ලක් වූ එන්ජින් සඳහා යෝග්‍යයි
- 125:1 - හොඳ ලිහිසිකරණයක් සහ හොඳ ක්‍රියාකාරීත්වයක් ලැබෙන හොඳම අනුපාතය
- 160:1 - හොඳ ක්‍රියාකාරීත්වයක් සහ මද වශයෙන් අඩු ලිහිසිකරණයක් ලැනබෙනවා
- 200:1 - 2T යෙදූ හෝ නොයෙදූ ලෙස වෙන් කිරීම නිරීක්ෂණය මඟින් අපහසුයි
- 300:1 - වාසියක් නැත, සාමාන්‍ය පෙට්‍රොල් යෙදුවාක් මෙනි
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ අනුපාතයට දැම්මම 5%-8% අතර ප්‍රමාණයක ඉන්ධන කාර්යක්ශම තාවයක් ලබා ගන්න පුලුවන්ලු. ඒ වගේම piston rings සහ cylinder walls වල ගෙවීම අඩුවීම ත් නිරීක්ෂණය කරන්න පුළුවන්ලු (එන්ජින් එක හීට් වෙන ගතිය අඩු නිසාත් හොදට ලිහිසිකරණය වෙන නිසාත්). ඒ වගේම, පෙට්‍රොල් සමඟ ස්පර්ශ වෙන රබර් සහ ප්ලස්ටික් කොටස් වල කල්පැවැත්මත් ඉහල යනවා

මේ සංඛ්‍යාතමක අගයයන් ඔක්කොම කලින් කිව්ව individual research එක ඇසුරෙන් ලියපු article එකේ තිබ්බ ඒවා. ඒවා හරියට හරිද කියලා මම කියන්න දන්නෙ නම් නෑ. ඒක බයික් එකේ model එකත් එක්ක වෙනස් වෙනවත් ඇති. හැබැයි මම මගේ බයික් එකට (Pulsar 150) 1:125 අනුපාතයට 2T දාලා බැලුවා. තාම ලොකුවට දිව්වෙ නම් නෑ, හැබයි බයික් එකේ ස්මූත් ගතියක් තියෙනවා වගේ පේනවා, ඒ වගේ ම තමයි කොච්චර රේස් කරත් කලු දුම වත් නිල් දුම වත් යන්නේ නෑ. ඒ කියන්නේ සැලකිය යුතු තරම් කාබන් deposit හැදෙන්නේ නෑ. තව ටිකක් දුවලම තමයි සම්පූර්ණ නිගමනයක් දෙන්න පුළුවන්.
අනික් දේ තමයි, මේ ලිපිය සම්පූර්ණයෙන්ම් අදාල වෙන්නෙ, 4 stroke, carburetored (කා(ර්)බියුලේටර් තියෙන) මෝටර් සයිකල් වලට විතරයි. Fuel injected (උදා- Yamaha FZ version 2) ඒවට 2T දාන්න යන්න එපා සෙන්සර් පිච්චිලා යාවි.
මේ ගැන දන්න අය තමන්ගේ අදහස් පළ කරන්න

Last edited:

ඉන්දියන් ඒවට ඉතින් කවර කතාද.