Adobe සමාගමේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Adobe සමාගමේ වසර 25ක ගැටළුවට විසඳුම් සෙවූ ශ්‍රී ලාංකිකයා


    ලෝ ප‍්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලූවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත‍්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ‍්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.

    Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප‍්‍රධාන පෙළේ ගැටලූවක්‌ වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් ‘‘වියෑකී’’ යැමයි. (Bit Rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය ඡුයදඑදියදච වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප‍්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්‌ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක‍්‍රියාවලියකි.

    මේ ගැටලූව විසඳා ගැනීම සඳහා උපක‍්‍රමයක්‌ සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන වරිත් මෙන්ඩිස්‌ ලෝකයේ කිසිවකු එතෙක්‌ විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ. Helium නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතියේ නියමුවා වූයේද චරිත් මෙන්ඩිස් ය.


    11170348_430925900421416_1036448872722609512_n.jpg



    MIT Article
     
    • Like
    Reactions: ABACUS

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ සුනිල් මෙන්ඩිස් සර්ගේ ලොකු පුතානේ...

    මෙන්ඩිස් සර්ගේ ක්ලාස් එකේදී හිතින් ලව් කරපු කෙල්ල මතක් උනා :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    අඩෝ මේ මෙන්ඩිස් සර් ගෙ ලොකුපුතා නේ .මන් මූව දන්නවා .සිරා ඩයල් එක .මූ අයිලන්ඩ් ෆස්ට් ,මොරටුවේ හැමපාරම බැච් ෆර්ස්ට් .පට්ට වැඩ්ඩේක් .ඒ වගේම කම්පියුටර් ගේම් පිස්සෙක් .

     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහ් මේ අපේ චරියනේ...මම මූව දන්න්වා...මගේ බොක්කේ ෆිට් එකක්...පට්ට මීටරේ...හැබැයි සිරා කොල්ල...දැන් උනත් දැක්ක තැන කතා කරනවා ලොකු සීන් නෑ... :shocked::shocked:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    අහ් මේ අපේ චරියනේ...මම මූව දන්න්වා...මගේ බොක්කේ ෆිට් එකක්...පට්ට මීටරේ...හැබැයි සිරා කොල්ල...දැන් උනත් දැක්ක තැන කතා කරනවා ලොකු සීන් නෑ... :shocked::shocked:
    එකෙන්ම මචං .මූ පට්ට ඩයල් එක .ඕන එකෙක් එක්ක කතා කරනවා නිහත මානීව .පොඩ්ඩක් විතර බබා ඩයල් එක හැබැයි .ඒත් එළ බුවා .
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එකෙන්ම මචං .මූ පට්ට ඩයල් එක .ඕන එකෙක් එක්ක කතා කරනවා නිහත මානීව .පොඩ්ඩක් විතර බබා ඩයල් එක හැබැයි .ඒත් එළ බුවා .
    ow ow poddak nemei issaranam godak බබා ඩයල් :baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අහ් මේ අපේ චරියනේ...මම මූව දන්න්වා...මගේ බොක්කේ ෆිට් එකක්...පට්ට මීටරේ...හැබැයි සිරා කොල්ල...දැන් උනත් දැක්ක තැන කතා කරනවා ලොකු සීන් නෑ... :shocked::shocked:
    pala huth:lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    එකෙන්ම මචං .මූ පට්ට ඩයල් එක .ඕන එකෙක් එක්ක කතා කරනවා නිහත මානීව .පොඩ්ඩක් විතර බබා ඩයල් එක හැබැයි .ඒත් එළ බුවා .

    okage boru oka danna charithek nae :rofl: