ඇඩෝබි ඉන්ඩිසයින් යනු ප්‍රකාශණ කර්මාන්තයේ ජනප්‍රියම ප්‍රකාශණ මෘදුකාංගයයි.
ඉන්ඩිසයින් සියලූ ජනප්‍රිය ප්‍රකාශණ වර්ග නිර්මාණය කිරීම සඳහා භාවිතා කෙරෙනවා.
වාණිජ මුද්‍රණාලයක මුද්‍රණය කිරීමට අපේක්ෂිත ප්‍රකාශණ නිර්මාණයට, අන්තර් ක්රියාකාරීත්වයන් සහිත පී.ඞී.එෆ් නිර්මාණය කිරීමට මෙන්ම විද්‍යුත් සඟරා, පොත්පත් නිර්මාණය කිරීමට ආදී සියලූම ආකාරයේ ප්‍රකාශණ නිර්මාණයන් සිදු කිරීම සඳහා ඉන්ඩිසයින් භාවිත කෙරේ.
ඉන්ඩිසයින් මගින් අකුරු පෙළ ගැස්වීමට, පහසුවෙන් ඡායාරූප සහ අනෙකුත් රූප රටා ප්රකාශණවලට එක් කරගැනීමට, යළි යළිත් භාවිතා කළ හැකි අයුරින් අකුරු මෝස්තර රටා සෑදීමට මෙන්ම අවසාන වශයෙන් ප්රකාශණය වාණිජ මුද්‍රණය සඳහා නිමවා ගැනීම දක්වා සියලූ කටයුතු සිදු කරගත හැකිය.
අන්තර් ක්රියාකාරීත්වයන් සහිත නිර්මාණ අතින් ගතහොත් ඉන්ඩිසයින් භාවිතර කර වීඩියෝ දර්ශණ, හඬ පට සහ එච්.ටී.එම්.එල් භාවිතයෙන් කියවන්නන්ගෙන් දත්ත එක් රැස් කරගත හැකි ෆෝරම ආදියෙන්ද සමන්විත අනර්ඝ ගොණු නිර්මාණය කළ හැකිය.
වර්තමානයේ භාවිතවන දහස් ගණනක්වූ ජංගම දුරකතන, ටැබ්ලට්, අයිපෑඞ් ආදී නොයෙකුත් නිපැයුම් ඉලක්ක කර විද්‍යුත් ප්‍රකාශණයන් කරන්නේ නම් එයටද ඉන්ඩිසයින් භාවිත කළ හැකිය. අමතරව ඉන්ඩිසයින් භාවිතයෙන් සාමාන්‍ය ලිපි ගොණු වෙනත් ගොණුවර්ග විශාල සංඛ්‍යාවකට හරවා ගැනීමටද හැකිය. ඉන්ඩිසයින් මෘදුකාංගය ෆොටෝෂොප් සහ ඉලස්ටේ්රටර් වැනි ජනප්‍රිය වැඩසටහන්වලටද සහය දක්වයි. එම නිසා එම වැඩසටහන් මගින් නිර්මාණය කළ මෝස්තර රටා ඉන්ඩිසයින් ගොණුවක් තුළට පහසුවෙන් ඇතුළත් කරගත හැකිය.
ඔබ මුද්‍රණ ප්‍රකාශණ නිර්මාණකරුවෙකු, අන්තර්ක්‍රියාකාරී ප්‍රකාශණ නිර්මාණකරුවෙකු හෝ වෙබ් ප්‍රකාශණ නිර්මාණකරුවෙකු වේවා ඉන්ඩිසයින් මගින් ඔබට ප්‍රකාශණ සෑදීමට, එක්ලස් කිරීමට හා අවශ්‍යතාවයට අනුව ප්‍රකාශණයේ නිමැවුම සිදු කරගත හැකිය.
Last edited:


ඒවා ආශ්රයෙන්ම ගාණට ලියන්න ඉන්නෙ.
අඩො උඹ ෆලෝ කරපු ඒවා තියේ නම් මට පීඑම් කරපන්.
