ලෝක ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට ආඥාදායකයා වන ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) දෙවන ලෝක යුද්ධ සමයේ මිලියන 70 කට අධික මරණ සංඛ්‍යාවකට වගකිව යුතු බව නොදන්නා කෙනෙක් නැති තරම්.
හිට්ලර් සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ඊවා බ්‍රවුන් (Eva Braun) 1945 අප්‍රියෙල් 30 වන දින බර්ලිනයේ (Berlin) පිහිටි හිට්ලර්ගේ බංකරයේ දී සියදිවි නසා ගත් බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. එහෙත්, ගින්නට හසුවී තිබුනු මළ සිරුරු නිසි ලෙස හඳුනා ගන්න බැරි වුණා. මාධ්‍ය හමුවකදී සෝවියට් හමුදාවේ ප්‍රධානී මාෂල් ෂුකොව් (Marshall Shukov) කියා සිටියේ හිට්ලර්ගේ දේහය හඳුනාගෙන නොමැති බවත් සමහර විට ඔහු පැන ගොස් ඇති බවත්. ස්ටාලින් (Starlin) පවා එයට එකඟ වුණා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව හිට්ලර් ජීවත් වුණාද? එහෙම නම් ඒ කොහෙද? ඔහු ලෝකයෙන් සැඟවී සිටියේ කොහොමද?
හිට්ලර්, ඊවා සමඟ ආර්ජන්ටිනාවට (Argentina) පලා ගිය බවට කටකතාවක් පැතිරෙන්නට පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් FBI වාර්තා කිහිපයක් පවා තිබීම සිත්ගන්නා කරුණක්.
දෙවන ලෝක යුද්ධය අවසන් වූ කාලයේ දී ලක්ෂ සංඛ්‍යාත නාසි (Nazi) සහ ඔවුන්ගේ සහකරුවන් දකුණු ඇමරිකාවට පැමිණි බව පැහැදිලියි. මේ අය අතර ඇඩොල්ෆ් අයිච්මන්: හිට්ලර්ගේ “අවසාන විසඳුමේ” ගෘහ නිර්මාණ ශිල්පියා (Adolf Eichman: the architect of Hitler’s “Final Solution”) සහ දොස්තර ජොසෙෆ් මෙන්ගල්:මරණ දූතයා (Dr. Josef Mengele: Angel of Death) වැනි නාසි යුද අපරාධකරුවන් සොයා ගැනීමත් සමඟ දකුණු ඇමරිකාවේ නාසි ජාලයක වර්ධනයක් විදහා දැක්වුවා.
Grey Wolf: The Escape of Adolf Hitler) නම් පොතට අනුව හිට්ලර් සහ ඊවා ඔවුන්ගේ පෙනුමට සමාන යුවළක් බර්ලින් බංකරයේ ඔවුන්ගේ දිවි නසා ගැනීමේ දර්ශනය රඟ දක්වන අතරතුර දකුණු ඇමරිකාවට පලා යනවා.
හිට්ලර් ඔහුගේ ප්‍රසිද්ධ උඩු රැවුල කපා, මේ අතර ඊවා තම දියණියද සමඟ නියුකෝන් (Neuquén) වෙත යනවා. හිට්ලර් 1962 පෙබරවාරි 13 වන තෙක් (වයස අවු. 73) ජීවත් වුණා කියලත් සඳහන් වෙනවා.
FBI වාර්තා: https://es.slideshare.net/.../informe-del-fbi-sobre-la...
Credit-GS Kariyapperuma

Last edited: