සුබ සරණ සැප සිතේ
වැඩිහියන්ට සීමාවූ පලමු සිංහල චිත්‍රපටය!
‘‘දැවෙන විහඟුන්‘‘ බුකිය දවාලන සමයක්ලක් සිනමාවේ පලමු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය ගැන කතා කලයුතුයැයි සිතුනා.
ක්‍රි.ව 1964 ජූලි 01 සිට තිරගත වූ ‘‘සුබ සරණ සැප සිතේ‘‘ චිත්‍රපටය සිංහල සිනමාවේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ පලමු චිත්‍රපටය විය. පුරෝගාමි යුගයේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ටී.සෝමරසේකරන් (තම්බිරාජා සෝමසේකරන්) මහතා සුබසරණ සැප සිතේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විය.
ප්‍රේම් ජයන්ත්,ඩේවිඩ් ධර්මකීර්ති, ආශා පෙරේරා, ස්ටැන්ලි පෙරේරා වැනි ජනකාන්ත නළුනිළියන් රඟපෑ ආර්.මුත්තුසාමි ගේ තනුවෙන් හැඩවුනු සුබ සරණ සැප සිතේ කතා පුවත සැකසෙන්නේ 1962 තිරගත වූ සාරදා නම් දෙමල චිත්‍රපටය අනුසාරයෙනි. කේ.එස් ගෝපාලක්‍රිෂ්නන් අධ්‍යක්ෂණය කල එහි එස් එස් රාජේන්ද්‍ර, විජය කුමාරි රංගනයෙන් දායක විය.
සුබසරණ සැප සිතේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වන්නේ චිත්‍රපටයේ කතා තේමාව නිසා මිස කාමය උද්දීපනය කරන දර්ශණ අන්තර්ගත වීම නිසා නොවේ.
මෙහි ප්‍රධාන චරිතය වන සමන් (ප්‍රේම් ජයන්ත්) විවාහා පත්වන්නේ සෝමා (ආශා පෙරේරො) සමගයි. නමුදු සමන් හදිසි අනතුරක් නිසා ලිංගික බෙලහීනතභාවයට පත්වේ. සෝමා-සමන් විවාහ ජීවිතයේ ලිංගික ගැටලු හුවාදැක්වීම හේතුවෙන් චිත්‍රපටයට ලේබලය වැදින.
- Roshin Fernando
බ්ලොග් සටහන මෙතනින්