Adupadu gana awawaadayak

mermaids

Member
Sep 29, 2009
66
8
0
තමන්ට සැප කැමති කෙනා, අනුන් ගේ අඩුපාඩු හොයන්ට එපා. අනුන් ගේ අඩු පාඩු ගැන හිත හිතා ඉන්ට ත් එපා. ඇදකුද හොයන්ට එපා. අනුන් ගේ ඇද කුද ගැන හිතමින්, කථාකරමින් ඉන්ට එපා. එතකොට තමන් ගේ හිත ම යි පිරිහෙන්නෙ. අනුන් ව හෙලා දකින අදහසින් තමන් හුවා දක්වන අදහසින් අඩුපාඩු හොයන එක තමයි හොඳ නැත්තේ. හැබැයි අන් අය කෙරෙහි කරුණාවෙන් උපකාර කරන අදහසින්, අඩුපාඩු ගැන හිතන එක හොඳ දෙයක්. හැබැයි ඒක අමාරු යි. කෙනෙකු ගේ අඩුපාඩුවක් දැක්කහම ඒ අඩුපාඩුව ගැන නො හිතා, අඩුපාඩුව සහිත කෙනා ගැන අනුකම්පාව උපදවා ගැනීම තමයි හොඳ. ඕන ම ලොකු අඩුපාඩුවක් තිබුණ ත්, ඒ කෙනා ගැන අනුකම්පාවක් ම උපදවා ගැනීම ම යි හොඳ. පුංචි අඩුපාඩුවක් සහිත කෙනා ගැන කවර කථා ද? අනුකම්පාව උපදවාගත්තම අපේ හිත පිරිහෙන්නෙ නෑ. අංගුත්තර නිකාය තුන පොත් වහන්සේ ගේ අඝාත පටිවිනය සූත්‍රය කියවන්න.
~~~පූජනීය අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ උතුම් අවවාදයකි~~~


 
  • Like
Reactions: sudunone

sudunone

Member
May 23, 2009
3,781
121
0
හොඳ ඔවදනක්. බොහොම පින්. ජීවිතයට මේ වගේ දේවල් එකතු කර ගන්න මහන්සි ගන්න ඕනෙ.