කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුතු ජැමයිකා තලයිවාස් කණ්ඩායම සහ ගයනා එමේසන් කන්ඩායම අතර පසුගියදා පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් ගයනා කණ්ඩායමට හිමිවුණා.
මේ තරඟයේදී ගයනා කණ්ඩායම නියෝජනය කළ රෂීඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත් වීම කැපී පෙනන සිදුවීමක් වුණා.
රෂීඩ් ඛාන් කඩුලු ත්‍රිත්වය ලබාගන්නා අවස්ථාවේ අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සංගක්කාර පන්දු 38කින් ලකුණු 57ක් රැස් කරමින් සිය කණ්ඩායම ශක්තිමත් ස්ථානයකට රැගෙන ගියා.
පන්දුවාර 20 අවසානයේජැමයිකා තලයිවාස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළ අතර පන්දුවාර 19.5කදි ගයනා එමේසන් කණ්ඩායම එම ඉලක්කය පසුකළා.
රෂීඩ් ඛාන්ගේ කඩුලු ත්‍රිත්වය පහතින් නරඹන්න.

Last edited:

කවදාහරි මුරලිගේ තත්වෙටම එයි.