Agamathi ranilgen obe jeewithayata පණිවිඩයක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Agamathi ranilgen obe jeewithayata පණිවිඩයක්

    නොවැටී සිටීමට නොව, වැටෙන හැම විටෙකම නැගී සිටින්න උත්සාහ ගන්න


    _38470091_pmafp150.jpg​

    ජීවිත ගමනේ දී උත්සාහ කළ යුත්තේ නොවැටී සිටීමට නොව, වැටෙන වැටෙන හැම විටෙකම නැවත නැගී සිටීමේ ශක්තිය ජනිත කර ගැනීම බව සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් අනතුරුව ඩීකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උපාධීලාභීන් ප්‍රමුඛ උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ලෝකය සීග්‍රයෙන් වෙනස් වන බවත්, ඒ වෙනස් වීමට අනුව අපේ අනාගත ගමන් මාර්ගය ද වෙනස් විය යුතු බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ වෙනස් වන ලෝකයේ උදාවන අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම සාර්ථක ජීවිතයක පදනම බව ද පැවසීය.

    මේ සියල්ලෙහි දී මනසෙහි මතුවන සිතුවිලි පාලනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින්, ධම්ම පදයෙහි එන “මනෝ පුබ්බංගමා ධම්මා” ගාථාව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා උපුටා දැක්වීය.

    උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    “අද මා වෙත දැක්වූ ගෞරවය පිළිබඳව මා ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. මම ඒ පිළිබඳ වඩාත් සතුටු වන්නේ ඩිකින් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ සම්බන්ධතා ගණනාවක් ඇති නිසයි. මේ විශ්ව විද්‍යාලයට නම් තැබුණේ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ඇල්ෆ්‍රඩ් ඩීකින් මහතා සිහිවීම පිණිසයි.

    ඩීකින් මහතා 1893 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ, වසර 1000 කට වඩා පැරණි ලාංකේය වාරි තාක්‍ෂණය පිළිබඳව අධ්‍යයනයක නිරත වීමටයි. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කරුණු දන්නේ නෑ. ඒ වගේම ඩීකින් විශ්ව විද්‍යාලයේ නීති පීඨය යටතේ ලංකාවේ වෘත්තීය නීතිවේදින් පුහුණුව ලබනවා. ලාංකේය සිසු සිසුවියන් ගණනාවකුත් මේ විශ්ව විද්‍යාලයේ ඉගැනුම ලබනවා. ඒ අතරින් කීප දෙනෙක් අද උපාධිය ලබා ගන්නවා.

    මමත් මගේ ජීවිතයට ආලෝකය ලබා ගත්තේ විශ්ව විද්‍යාලයෙන්. උපාධියක් ලබා ගැනීම කියන්නේ සීමා මායිම් නැති භූමියක දීර්ඝ මැරතන් තරඟයකට පිවිසෙනවා වැනි කාර්යයක්.ඔබ අද ඩීකින් විශ්ව විද්‍යාලයේ සිට පිවිසෙන්නේ ජීවිත විශ්ව විද්‍යාලයටයි. ඒ විශ්ව විද්‍යාලයේ දී මුලින්ම අනුගාමිකයෙක් වෙන්න. නිහතමානී වෙන්න. අනුන්ගෙන් ඉගෙන ගන්න.අප ජය ගන්නා ඉලක්කය බොහෝ විට අපේ අපේක්‍ෂාවන්ට වඩා වෙනස් විය හැකියි. මෙය මටත්, මගේ සගයන් බොහෝ දෙනෙකුටත් පොදු කරුණක්.

    මේ 19 වන සියවස නෙවෙයි. ඒ යුගයේ අවස්ථාවන් සීමා වී තිබුණා. නමුත් දැන් නව තාක්‍ෂණය නිසා අද අවස්ථාවන් අලූතින් නිර්මාණය වී තියෙනවා. රැකියා අවස්ථාවන් වෙනස් වී පුළුල් වී තියෙනවා. අප නීතිය ඉගෙන ගන්නා කාලයේ මානව හිමිකම්, බුද්ධිමය දේපොළ, සමුද්‍ර නීතිය වැනි දේ ගැන සඳහනක් වත් තිබුණේ නෑ. ලෝක වෙළඳ සංවිධානය බිහි වී තිබුණේ නෑ. වෛද්‍ය විද්‍යාව ගත්තත්, හෘද සැත්කම්, ඉන්ද්‍රීය බද්ධ කිරීම් වැනි දෑ ගැන දැන හිටියෙත් නෑ. අපේ කාලයේ කොම්පියුටර කියා දෙයක් තිබුනෙත් නෑ.අද ලෝකය වෙනස් වෙලා. ඒ සමගම අපත් වෙනස් වෙලා. ඒ නිසා අවස්ථා ගණනාවක් අලූතෙන් උදා වෙලා. 4 වෙනි කර්මාන්ත විප්ලවය, අන්තර්ජාලය, වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම්, විද්‍යුත් මුල්‍ය ගනුදෙනු අද අප හමුවේ යථාර්ථයක් වෙලා. මේ වෙනස තවත් ඉදිරියට සිදු වෙනවා. තව තවත් විප්ලවීය වෙනස්වීම් අනාගතයේ අපට දකින්නට පුළුවන්. ඒ නිසා නව රැකියා අවස්ථා මෙන්ම නව ආයෝජන අවස්ථාවනුත් නිර්මාණය වෙනවා. මේ අවස්ථාවන් ග්‍රහණය කරගැනීමට කිසිවිටෙක පසුබට වෙන්න එපා.ජීවිතය ජය ගැනීමට නම්, පරාජයට මුහුණ දීමට ඉගෙන ගන්න. සාර්ථකත්වය හමුවේ මෙන්ම අසාර්ථකත්වය හමුවේත් නොසැලී ඉන්න ඉගෙන ගන්න. පසුබෑම් වලට මුහුණ දෙන්න හැකියාව ලබා ගන්න. නොවැටී සිටීමට නොව වැටෙන වැටෙන හැම විටම නැවත නැගී සිටින්නට පුරුදු වෙන්න.

    අවසාන වශයෙන් ධම්ම පදයේ එන ‘මනො පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ යන ගාථාව උපුටා දක්වන්නට මා කැමතියි. ඒ අනුව සියල්ලටම පදනම වන්නේ ඔබේ මනසයි. සියලූ ධර්මයන් උපදින්නේ ඔබේ මනස තුළයි. මනස තුළ උපදින සිතුවිලි යහපත් කර ගත හැකි නම්, ඔබේ ජීවිතය වඩාත් යහපත් වේවි. සාර්ථක වේවි.’ යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.



    ADA DERANA
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    නොවැටී සිටීමට නොව, වැටෙන හැම විටෙකම නැගී සිටින්න උත්සාහ ගන්න

    ඒක ඇත්ත :yes: චන්ද තිස් ගානකින් වැටිලා වැටිලා ඉඳල අන්තිමට කොහොමහරි නැගිට්ට නෙ :)
    ​
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,220
    11,273
    113
    Forest
    උගෙන් මන්නං ඉගෙනගත්තේ වයසට යද්දී රනිල් වගේ පිස්සු හුයන්නෙක් වෙනවා වගේනන් ටක් ගාල අනිත් මිනිස්සුන්ට පවක් නොදී ආත්මේ මාරු කරගනින් කියල :rolleyes: