Age of an Aircraft - ගුවන් යානයක මහලු වයස

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Age of an Aircraft - ගුවන් යානයක මහලු වයස

    මිනිසෙකුගේ වයසින් ඔහු හෝ ඇය තරුණ වියේ පසු වන්නේද නැතිනම් මහලු වියේ පසු වන්නේද යන්න තීරණය කරනු ලබන නමුත් ගුවන් යානයක නිෂ්පාදිත වර්ෂයේ සිට ගත වුනු කාලය මත පදනම් වී පමණක් එහි ආයු කාලය ගැන හරි හැටි නිගමනයකට එලබිය නොහැකියි.



    14606505_1646912532279965_8948116967800548133_n.jpg
    මෙලෙස ගුවන් යානයක ආයු කාලය තීරණය කිරීමේදී පදනම් කර ගත යුතු කරුණු විශාල ප්‍රමාණයක් පවතින අතර එයින් ප්‍රධානතම කරුණ වන්නේ ගුවන් යානය කෙතරම් පීඩන චක්‍ර(pressurization cycles) ගණනකට භාජනය වී ඇත්ද යන්නයි. ඉතා ඉහළ උන්නතාංශයන්(altitude) වලදී වායුගෝලීය පීඩනය ඉතා අඩු බැවින් මිනිසාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය(cabin pressure) නියමිත අගයක පවත්වා ගත යුතුය. මෙලෙස ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය නියමිත අගයට පවත්වා ගැනීමේදී ගුවන් යානයේ බිත්ති(walls) මත එයින් පිටතට විශාල තෙරපුම් බලයක් යෙදෙන අතර මෙලෙස ගුවන් යානය එක් පීඩන අන්තරයකට ලක් වීමක් එක් පීඩන චක්‍රයක් ලෙස සැලකෙයි. මෙලෙස ගුවන් යානයක් විශාල පීඩන චක්‍රයන් ගණනක් පසු කිරීමේදී එහි බිත්ති සාදා ඇති ද්‍රව්‍යයන් තෙහෙට්ටුවට(fatigue) ලක් වීම හේතුවෙන් ඒවායේ ශක්තිය හීන වීම් මෙන්ම ඉරි තැලීම් ද ඇති විය හැක.
    ගුවන් යානයක ආයු කාලය තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් වන්නේ එය සාදා ඇති ද්‍රව්‍යයන්ගේ තත්වයයි. විවිධ කරුණු මෙන්ම පාරිසරික හේතුන් මතද මෙම ද්‍රව්‍යයන්ගේ යෝග්‍යතාව තීරණය වෙයි. මලකඩ කෑම මගින් ලෝහ කොටස් වල ආයු කාලය ඉතා විශාල ලෙස අඩු කරයි.
    ගුවන් යානයේ යම් කොටස් වල ආයු කාලය ගුවන් පැය මගින් තීරණය වන අතර නියමිත ගුවන් පැය ගණනකදී එම කොටස් ප්‍රතිස්ථාපනය කල යුතුය. ගුවන් යානා එන්ජිමේ ඇති බොහෝ කොටස් මෙලෙස නියමිත ගුවන් පැය ගණනකදී ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
    ආයු කාලය තීරණය කිරීමට යොදා ගැනෙන තවත් එක් කරුණක් වන්නේ ගුවන් යානය කෙතරම් ගොඩ බැස්සවීම් හා ගුවන් ගතවීම් කර ඇත්ද යන වගයි. එක් දිනක් තුලදී යම් ගුවන් යානයක් ලක් වී ඇති පීඩන චක්‍ර ගණනද ගුවන් යානයේ ආයු කාලයට ඍජුවම බලපායි.
    සමාන්‍යයෙන් මගී ප්‍රවාහන වාණිජ ගුවන් යානයක ආයු කාලය අවුරුදු 20ක් පමණ වන අතර එම කාලය තුලදී ගුවන් යානය පීඩන චක්‍ර 75,000-100,000 අතර ප්‍රමාණයකට ලක් වෙයි.


    source : Planes Magazine


    https://www.facebook.com/planesmagazine/?fref=ts




    ප.ලි: නොදන්නා, තේරෙන්නේ නැති ඒවා තියනවනම් අහන්න. දන්නා විදියට උතතර දෙන්නම්...



     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අඩෝ තව විස්ටර දාපන්කෝ... ඕවා සර්විස් කරන හැටි...අයින් කරාට පස්සේ මොකද කරන්නේ වගේ දේවල්...ඕව ඇතුලේ තියෙන්නේ ඉතින් හෙන ඇඩ්වාන්ස් ඉල්ක්ත්රොනික් ගැජට් නේ...ඒවාට මොකද බන් කරන්නේ... එතකොට වයරින් කරපු මීටර් ගණන් දිග වයර්...???

    රෙප් ++​