ahase ape nama liamu kamathinam rupeth adagamu

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    අභ්‍යවකාශයේ නම රදවමු

    අපි කවුරුත් තමන්ගේ නම සමාජයේ ඉහල ස්ථානයක රැදවීමට ප්‍රිය කරයි.

    සමාජයේ නොවෙයි අභ්‍යවකාශයේම නම රදවන්නට අවස්තාවක් දැන් ලැබී ඇත.


    නාසා ආයතනය විසින් ලෝකවාසී ජනතාවට මෙම අනගි අවස්ථාවක් ලබාදී ඇත.


    එනම් ඔබගේ නම සහ මුහුණේ ඡායා රූපයක් අභ්‍යාවකාශයේ රැදවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.


    මීට අදාළව නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ යානා 2ක් යොදා ගැනේ. ඒ අනුව දැනටමත් ඉන් එක් යානාවක් වූ STS-133 අභයාවකාශ යානාව පසුගිය ජනවාරි මාසයේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දියත් කර තිබේ.


    අනෙක් අවසන් යානය එනම් STS-134 යානාව 2011 වසරේ පෙබරවාරි 26වනදා අභ්‍යාවකාශගත කිරිමට නාසා ආයතනය සැලසුම් ඇත.


    නමුත් කවුරුහරි හිතනවනම් තමන්ගේ ‘මූණ’ දැක පිටසක්වල ජීවීන් බයවෙයි කියා ඒ අයට ‘නම’ පමණක් යොමු කිරීමේ පහසුකම සළසා ඇති අතර මේ වැඩසටහනට එක්වීමට අවශ්‍ය සුදුසුකම වන්නේ වයස අවුරුදු 13ට වැඩි අයෙක් වීම පමණි.


    අදාළ වැඩසටහනට සම්බන්ධ වන සියලු දෙනාටම නාසා ආයතනයේ මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධානියාගේ අත්සන සහිත සමරු සහතිකයක් හිමිවන අතර එය නිකුත් කරනු ලබන්නේ අභ්‍යාවකාශ යානය යළි පෘථුවියට පැමිණීමෙන් පසුව බව නාසා ආයතනය සඳහන් කරයි.


    මෙම අපූරු වැඩසටහනට එක්වීමට කැමති අය වේ නම් https://faceinspace.nasa.gov/index.aspx යන වෙබ් ලිපිනයන ඔස්සේ ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

    post 1a hodanam Rep 1 deela yanna
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    mamanam onna damma certificate ekath print karagaththa.....tnx machoo.... api ehenam wena lokekadi set wemu.....