AI වලින් Software එක්ක සන්නිවේදනය කරන හැටි

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    1*mTudXRUyXYXpUXEWu6JSAQ.png


    මේ වෙනකන් අපිට භාෂා වලින් සන්නිවේදනය කරන්න පුලුවන් වෙලා තිබ්බෙ තවත් මිනිසෙක් හෝ මිනිස්සු කීපදෙනෙක් එක්ක විතරයිනෙ. ඒත් මේ AI නිසාවෙන් දැන් අපිට පුලුවන් Software එක්ක උනත් මිනිස්සු එක්ක කතා කරනව වගේ කතා කරල වැඩ කරගන්න. මේ වැඩේට මූලික අඩිතාලම දැම්මෙ ChatGPT කියන Large Language Model (LLM) කියන AI තාක්ෂණයෙන් OpenAI සමාගම කරපු නිර්මාණය. ChatGPT කියන්නෙ ඇත්තටම LLM වලින් කරන්න පුලුවන් වැඩ අතරින් එක උදාහරණයක් විතරයි. මේ විදියට මිනිස්සු වගේ සන්නිවේදනය කරන්න පුලුවන් Software කියන්නෙ ලෝකෙ පුරාම බිලියන ගාණක් මුදල් යෙදවෙන නිර්මාණ.

    මේ LLM භාවිතා කරල අපි නිර්මාණය කරපු Software කීපයකට ලැබුන ප්‍රතිචාරත් එක්ක මට හිතුන ඒක ගැන අදහසක් බෙදාගන්න එක මේ AI ගැන උනන්දුවක් තියෙන හැමෝටම වැදගත් වෙයි කියල.

    LLM කියන්නෙ තවත් Machine learning Model එකක් කියන එක ඔයාල හැමෝම මේ වෙනකොට හොදටම දන්න දෙයක්නෙ. මේ LLM වල තියෙන විශේෂත්වය තමා එයාලට පුලුවන් සන්නිවේදනය කරන්න ඒ කියන්නෙ එයාලටත් පුලුවන් මූලිකවම එක්කො තොරතුරක් එක්කො ඉල්ලීමක් තවත් පාර්ශවයකට ලබාදෙන්න. මේ මිනිස්සු එක්ක සන්නිවේදනය කාර්‍යක්ෂමව කරන LLM මොඩල් වලින් මේ වෙනකොට තියෙන දියුණුම Model වලින් කීපයක් තමා GPT3.5 සහ GPT4 කියන්නෙ ඔය දෙකම අපිට භාවිතා කරන්න පුලුවන් ඕනිම වැඩකට OpenAI වලින් දීල තියෙන API හරහා.

    ඇත්තටම මේ LLM වලින් කරන්න පුලුවන් මොනවද කියන එක හරියටම කාටවත් තේරිලා නැති දෙයක් මේ. ඒකත් හරියට රෝදෙ හොයාගත්ත කෙනා නිකමටවත් හිතපු නැති කාර්, ජීප් වගේ වාහන හදන්න රෝදෙ භාවිතා කරනව වගේ දෙයක්. කොහොම උනත් අපි මේකෙන් වැඩ කරගන්න ගියාම මතකම තියාගන්න ඕනි තව දෙයක් තමා ඇත්තටම මේ මොඩල් වලින් කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියන එක. හැමවෙලේම මින්ස්සු වෙන අපි ගැනම හිතන්න එතකොට මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

    ඔයාට මම දැන් කිව්වොත් මීටර 100ක් උඩපනින්න කියල ඒක ඔයාට කරන්න බෑනෙ. එතත සිද්ධ උනේ මම කියපු එක තේරෙන්න නැති නිසා උඩ නොපැන සිටීම නෙවෙයි. මිනිස්සු විදියට අපිට අපේ හැකියාවන් වලින් එහෙම දෙයක් කරන්න බැරි වීම. මේක මේ විදියටම ඔනිම ටෙක්නොලොජි එකකටත් පොදුයි. එතකොට LLM වලටත් එහෙම්ම තමා.

    නමුත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ LLM වලට කරන්න පුලුවන් බැරි දේවල් හරියටම බලාගන්න පුලුවන් ගයිඩ් එකක් නන් නෑ. ඒ වෙනුවට අපිට කරන්න වෙන්නෙ මෙයාල ගැන අනික් අය කියන දේවල් දැනගනෙ, මෙයාල එක්ක පරීක්ෂණ කරල අදහසක් ගන්න එක තමා.

    https://openai.com/research/gpt-4
    මේ තියෙන්නෙ ඔය විදියට මේ මොඩල් වලට කරන්න පුලුවන් මොනවද කියල OpenAI එකෙන්ම කරපු පරීක්ෂණ. මේව බැලුවම ඔයාලටත් තවත් ලේසි වෙයි මේ වැඩේ පටන්ගන්න අදහසක් ගන්න.

    මම තවත් ලේසිවෙන්න මම කරපු වැඩ ලිස්ට් එකකුත් කියන්නන්


    1. UserGuide එක chatApp එකකට එකතු කරා
    2. අපි හදපු App එකක ටයිප් කරන text එක optimize කරා
    3. Python Functions කීපයකින් හරිම එක තෝරගෙන ඉබේම Execute කරන්න පුලුවන් App එකක් හැදුව.


    කොහොම උනත් වතුරට බහින්නෙ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ මේකත් මෙහෙම දේවල් කියෙව්වටම ඉගෙන ගන්න බෑ ඒකට අපි ඕක කරලම බලන්න ඕනි.



    මෙතන තියෙනව ChainLint සහ LangChain කියන Python libraries දෙක සහ OpenAI API භාවිතා කරල සරල App එකක් හදාගන්න හැටි ගැන කරපු video එකක්. ඒක බලන්න සහ ඒ තියෙන විදියට පොඩි App එකක් හදාගන්න පටන්ගන්න. මොනව හරි නොතේරෙන තැනක් තියෙනව නන් කමෙන්ට් එකක් දාන්න.

    ඉතාමත් ඉක්මනටම තවත් ලිපියකින් අපි කතා කරමු මොනවද AI වලට විසදන්න පුලුවන් සහ බැරි ගැටලු කියන එක.

    #artificialintelligence #gpt4 #Langchain #sinhala #technology #softwaredevelopment

    https://dewmal.medium.com/llm-වලින්-software-එක්ක-communicate-කරන්න-හැටි-155aa32979d8
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    messenger bot kenek haduwa langchain walin
    wade thiyenne slow
    chain 2, 3 kin yawanna ona balaporottu wena reply ek ganna nm
    ethakota winadiyakata wada yanwa reply ekk enna 😟
    ඔව් langchain එකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව. එයා වැඩේ ගොඩක්ම පර්ෆෙක්ට් කරන්න වැඩියෙන් Promot යූස් කරනව ඒක නිසා කොස්ට් එක ටිකක් වැඩී සහ ඔය කිව්ව ස්ලෝ එකත් තියෙනව. ඒත් MVP එකක් වගේ හදාගන්න ඒක හොදයි. ඉක්මනට වැඩේ කරගෙන පස්ස්සෙ optimize කරගන්න පුලුවන් නෙ වැඩේ හරි නන්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,284
    3,870
    113
    ඔව් langchain එකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව. එයා වැඩේ ගොඩක්ම පර්ෆෙක්ට් කරන්න වැඩියෙන් Promot යූස් කරනව ඒක නිසා කොස්ට් එක ටිකක් වැඩී සහ ඔය කිව්ව ස්ලෝ එකත් තියෙනව. ඒත් MVP එකක් වගේ හදාගන්න ඒක හොදයි. ඉක්මනට වැඩේ කරගෙන පස්ස්සෙ optimize කරගන්න පුලුවන් නෙ වැඩේ හරි නන්.
    ow ow langchain igena ganna kalin open api vanilla api eken wada ganna igena ganna eka hodai
    langchain kiyanne 80% ma prompting