AI (Artificial Intelligence) වලට මිනිස්සු පරද්දන්න පුළුවන්ද

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    AI (Artificial Intelligence) වලට මිනිස්සු පරද්දන්න පුළුවන්ද

    පහුගිය දවසක ටිකක් සැරටම කතාවක් ගියා කෘතිම බුද්ධිය කියල ව්‍යවහාර වෙන AI (Artificial Intelligence) වලට මිනිස්සු පරද්දන්න පුළුවන්ද බැරිද කියන එක ගැන.

    මේකට ඒ වෙලාවෙ මම පොඩි උත්තරයක් දුන්න සමහර අවස්ථාවල බෑ කියල. එහෙම සරලව කිව්වට හිතන්න ගොඩක් පැති සහ කතා කරන්න ගොඩක් දේවල් තියෙන විශය කරුණක් නිසා මම ඒ කාරණාව ටිකක් විස්තර ඇතුවම ලිව්ව. සංවාදයකට දෙයක් තියෙනව දාර්ශනික කාරණාවක් නිසා මේ සම්බන්ධව තියෙන විශය කොටස් ටික.

    බුද්ධිය කියන්නෙ මෙන්න මේකමයි කියන්න තාම හරියටම මිනිස්සු දන්නෙ නැති උනාට මිනිස්සු මේ වෙනකොට බුද්ධියමය යාන්ත්‍ර විද්‍යාව (Artificial Intelligence) කියල එකකින් වැඩනන් අරගන්න පටන් අරගෙන තියෙන්නෙ මේ වෙනකොට, ඇත්තටම අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්න නිර්මාණය කරන්නෙ පරිසරයෙ අපිට එදිනෙදා දකින්න අහන්න ලැබෙන දේවල්ම තමා ඉතින් මේ කියන AI කියන විශයටත් ඕක එහෙම්මමයි. අනික් විද්‍යාවන් ඔක්කොම වගේ සියවස් ගාණකට කලින් ඉදපු මිනිස්සු පියවරෙන් පියවර දියුණු කරාට මේ විශය නන් බොහොම ලගදි පටන් ගත්ත දෙයක්. ලගදි කිව්වට ඉතින් දැනට අවුරුදු 70කට විතර කලින් තමා.

    මිනිස්සු දන්න බුද්ධියෙන් වැඩිම සතා තමා මිනිසා ඉතින් ඔය බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව වෙනුවෙන් මහන්සි වෙන හැම කෙනාම පොඩ්ඩ පොඩ්ඩ හදන්නෙ මනුස්සයගෙ බුද්ධියට සමාන බුද්ධියක් තමා. ඇත්තටම මේ වෙනකොටත් සමහර අංශ වලින් මිනිස්සුන්ට වඩා වැඩි වැඩ කොටසක් මේ කියන බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව නිසා කරල තියෙන නිර්මාණ වලට කරන්න පුළුවන්.
    ඔයාට නිකමට වගේ පොටෝ 500ක් අතට දීල මෙකෙ ඉන්න බල්ලො පූසො වෙන් කරල දෙන්න කිව්වොත් පැයකට විතර පස්සෙ වැඩේ කරගන්න පුළුවන් වෙයි. හැබැයි AI වලින් හදපු මෘදුකාංග තියෙනව ඔය වැඩේ තත්පරයක් යන්න කලින් කරන්න පුළුවන්. හිතන්නකො එහෙම තරගයක් තිබ්බොත් අපි එතනම පරාදයිනෙ.

    ඔය වගේම අපි හදපු AI එකක් තියෙනව කියල හිතන්නකො වාහන එළවන්න පුළුවන්. මෙයාට කිසිම අවුලක් නැතුව පාරෙ යන්න අනතුරුවලදි හදිසි තීරණ ගන්න ඔක්කොම කරන්න පුළුවන්. දවසක් මෙයා වාහනය එළවගෙන යනකොට පාරෙ වෙන වාහන අනතුරක් සිද්ධ වෙලා කෙනෙක් අතදානව හදිසි ලෙඩෙක් ගෙනියන්න කියල. ගොඩක් දුරට සිද්ද වෙන්නෙ වාහනය නවත්ත එක විතරයි. එයාට දීල තියෙන වැඩේ නවත්තල මේ ලෙඩාව ඉස්පිරිතාලෙ ගෙනියන්න ඕනි කියල හිතල වැඩ කරන එක AI එකට පුරුදු කරල තිබ්බෙ නැත්තන් එයා ඒක කරන්නෙ නෑ හැබැයි ඔයා එතන ඉදිය නම් කොච්චර ලොකු වැඩක් තිබ්බත් මැරෙන්න යන රෝගියෙක් වෙනුවෙන් ඒ දේ කැප කරන්න ඉඩ තියෙනව. අන්න ඒ වෙලාවෙ AI එක මනුස්සකමට පරදිනව.
    මෙක මම තව ලිපියකට අරගෙන යනව කියවීමේ පහසුවට. මෙන්න මෙතනින් ඒකත් බලන්න පුළුවන්.

    https://medium.com/@dewmalnilanka/මිනිස්සුන්ට-වඩා-බුද්ධිමත්-යන්ත්-ර-5fc6734dfdb5

    අදහස් උදහස් කමෙන්ට් බම්ප් ඔක්කොටම පුළුවන් විදියට සලකනු ලැබේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු විදියට හිතන හෑඟීම් තියෙන රොබෝල හදන්ඩ අමාරු වෙයි හැබැයි මිනිස්සුන්ට වඩා භයානක රොබෝල නම් හැදෙයි ඉස්සරහට.

    latest
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මිනිස්සු විදියට හිතන හෑඟීම් තියෙන රොබෝල හදන්ඩ අමාරු වෙයි හැබැයි මිනිස්සුන්ට වඩා භයානක රොබෝල නම් හැදෙයි ඉස්සරහට.

    latest

    May be. උබ කියෙව්වද සම්පූර්ණයෙන්ම.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113

    ඔය වගේම අපි හදපු AI එකක් තියෙනව කියල හිතන්නකො වාහන එළවන්න පුළුවන්. මෙයාට කිසිම අවුලක් නැතුව පාරෙ යන්න අනතුරුවලදි හදිසි තීරණ ගන්න ඔක්කොම කරන්න පුළුවන්. දවසක් මෙයා වාහනය එළවගෙන යනකොට පාරෙ වෙන වාහන අනතුරක් සිද්ධ වෙලා කෙනෙක් අතදානව හදිසි ලෙඩෙක් ගෙනියන්න කියල. ගොඩක් දුරට සිද්ද වෙන්නෙ වාහනය නවත්ත එක විතරයි. එයාට දීල තියෙන වැඩේ නවත්තල මේ ලෙඩාව ඉස්පිරිතාලෙ ගෙනියන්න ඕනි කියල හිතල වැඩ කරන එක AI එකට පුරුදු කරල තිබ්බෙ නැත්තන් එයා ඒක කරන්නෙ නෑ හැබැයි ඔයා එතන ඉදිය නම් කොච්චර ලොකු වැඩක් තිබ්බත් මැරෙන්න යන රෝගියෙක් වෙනුවෙන් ඒ දේ කැප කරන්න ඉඩ තියෙනව. අන්න ඒ වෙලාවෙ AI එක මනුස්සකමට පරදිනව.

    මෙච්චර දේවල් පුරුදු කරන එකේ ඕක පුරුදු කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙනෙ මචන්. මුලින්ම vitals check කරනව. ඉක්මනට මැරෙන්න probability එකක් තියනවනම් දැන් තියන වැඩේ override කරල ලෙඩාව ළගම hospital එකට අරන් යනව.

    මේක safe ඒ අතින් බැලුවහම. අපි ගමනක් යන ගමන් අපිට මොකක්හරි අව්ලක් ආවත් වාහනේ යනව ළගම හොස්පිටල් එකට. දැන් අපි තනියෙන් යද්දී එහෙම දෙයක් උනොත් වාහනේට තට්ටුවක් දාල බලනකන් කව්රුවත් දන්නෙ නෑනේ

    අනිත් එක මිනිස්සුත් යන්නෙ ඕනෙතරම් හදිස්සියකදී අත දැම්මහම නවත්තන්නෙ නැතුව
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    මෙච්චර දේවල් පුරුදු කරන එකේ ඕක පුරුදු කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙනෙ මචන්. මුලින්ම vitals check කරනව. ඉක්මනට මැරෙන්න probability එකක් තියනවනම් දැන් තියන වැඩේ override කරල ලෙඩාව ළගම hospital එකට අරන් යනව.

    මේක safe ඒ අතින් බැලුවහම. අපි ගමනක් යන ගමන් අපිට මොකක්හරි අව්ලක් ආවත් වාහනේ යනව ළගම හොස්පිටල් එකට. දැන් අපි තනියෙන් යද්දී එහෙම දෙයක් උනොත් වාහනේට තට්ටුවක් දාල බලනකන් කව්රුවත් දන්නෙ නෑනේ

    අනිත් එක මිනිස්සුත් යන්නෙ ඕනෙතරම් හදිස්සියකදී අත දැම්මහම නවත්තන්නෙ නැතුව
    හැබැයි ඔයා එතන ඉදිය නම් කොච්චර ලොකු වැඩක් තිබ්බත් මැරෙන්න යන රෝගියෙක් වෙනුවෙන් ඒ දේ කැප කරන්න ඉඩ තියෙන

    ඒ ඉතින් ඔය අපි දන්න කේස් එකක් නෙ අපි නොදන්න දෙයක් උනොත් දැනට වෙලාම නැති.

    ඔක්කොම කියවන්න එතකොට ඔය කිව්ව කොටසටත් අදහසක් ගන්න පුළුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    May be. උබ කියෙව්වද සම්පූර්ණයෙන්ම.

    ඔව්..මිනිස් මොලෙයි හිතයි හා සමාන රොබෝල නම් හදන්ඩ අමාරු වෙයි නමුත් එක දෙයක් වෙනුවෙන්ම අරමුණු කරල හැදුවොත් බැරිවෙන එකකුත් නෑ,ටික කාලෙකට කලින් පොඩි ඩ්‍රෝන්ස් මූණ අඳුරගන්ඩ පුලුවන් විදියට ප්‍රෝග්‍රැම් කරල ඒකට එක්ස්ප්ලෝසිව්ස් සෙට් කරල හදපු වීඩියෝ එකක් තිබ්බ,අනාගතේ ඔය AI හොඳ වගේම නරක පැත්තෙනුත් දියුණු වෙයි..+85
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඔව්..මිනිස් මොලෙයි හිතයි හා සමාන රොබෝල නම් හදන්ඩ අමාරු වෙයි නමුත් එක දෙයක් වෙනුවෙන්ම අරමුණු කරල හැදුවොත් බැරිවෙන එකකුත් නෑ,ටික කාලෙකට කලින් පොඩි ඩ්‍රෝන්ස් මූණ අඳුරගන්ඩ පුලුවන් විදියට ප්‍රෝග්‍රැම් කරල ඒකට එක්ස්ප්ලෝසිව්ස් සෙට් කරල හදපු වීඩියෝ එකක් තිබ්බ,අනාගතේ ඔය AI හොඳ වගේම නරක පැත්තෙනුත් දියුණු වෙයි..+85

    Hmm මාත් දෑක්ක ඒක නන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hmm මාත් දෑක්ක ඒක නන්

    දැන් තියෙන ෆෝන්ස් උනත් බලහන්..මූණෙන් අන්ලොක් කරන්ඩ පුලුවන්,වෙන කෙනෙක්ට බෑ ‍ෆින්ගර් ෆ්‍රින්ට්ස් වගේ..
    ඕක විතරක් තව ටිකක් දියුණු කරොත් තව අවුරුදු 20කින් විතර මොන වගේ තත්වයක් තියෙයිද.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    මිනිහෙක්ගෙ මොළයක් අරන් ඒකෙ ඇති කරන විද්‍යුත් ස්පන්ධන වලින් feedback අරන් යාන්ත්‍රිකව වැඩ කරන්න පුළුවන් රොබෝ කෙනෙක් හදන්න බැරිද ? :oo:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මිනිහෙක්ගෙ මොළයක් අරන් ඒකෙ ඇති කරන විද්‍යුත් ස්පන්ධන වලින් feedback අරන් යාන්ත්‍රිකව වැඩ කරන්න පුළුවන් රොබෝ කෙනෙක් හදන්න බැරිද ? :oo:

    Brain computer interface. මෙක ගැන හොයල බලන්න ඔය කියන දේ ගැන ඉගෙන ගන්න පුළුවන්.