<font size="5">දේශපලනය වැඩක් නෑ කියන්න අපි කාටවත්ම බෑ..මේ ලෝකෙ අතීතෙ හිටපු මිනිස්සු රජ වරුන්ට කත් ඇදල බදු ගෙවල රජාට ආතල් දුන්න..එකෙන් එක පවුලයි සැප විදින්නෙ කියල තේරුම් අරන් මිනිස්සු විප්ලව කරල ඒක වෙනස් කලා.ඒත් රජා වෙනුවට ප්රජාතන්ත්රවාදය වගේ,වචන දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම සැප විදින්න ක්රම හදාගෙන පාලකයො සීමිත පිරිසක් අද දක්වාම ආව.උන් අපිට අපේම ඒවගෙන් ටිකක් දෙන ගමන් උන් ගොඩක් කෑව,වගෙම අදත් කනව..හැබැයි එකෙක් යවල එකෙක් ගෙනත් අපි හැමදාම දුකෙන් ඉන්නව කොටසක් සැපෙන් ඉන්නව.. මම ngo වත්,jvp වත්, පක්ෂයකට සම්බන්ධයෙක්වත්,මහින්දගෙන්වත්,රනිල්ගෙන්වත්,මෛත්රීපාලගෙන්වත් කාල නෑ.හැබැයි මේ පාදඩ ක්රමය වෙනස් වීම සදහා මිනිස්සු දැනුවත් විය යුතුයි සහ වෙනස් විය යුතුයි කියන තැන ඉන්නව..ඒ සදහා එදත්,අදත්,හෙටත්, පෙනී ඉන්නව.. මහින්දද,සරත් ෆොන්සේකාද,මෛත්රීපාලද,රනිල්ද,අනුර කුමාරද එදාටත් වරදට වැරදියි කියන්න මට සල්ලි නැතත් කොන්දක් සහ දැක්මක් තියෙනව..මිනිසාගේ යහපත වෙනුවෙන් මිනිස්සු වෙන අපි ඉදිරිපත් නොවී මහින්දට,රනිල්ට කාට කඩේ ගියත් ඇති පලේ මොකද්ද?මමත් ඊයෙ වෙනකම් ඉගුරු දී මිරිස් ගන්න අවුලෙ හිටිය..ඒත් මේ පාර යම් වෙනසක්,පොදු සමාජ වැඩපිළිවෙළක් එනව කියන විශ්වාසය මට තියෙනව..ටිකක් සවිඤ්ඤානිකව හිතන්න,පතන්න පුරුදු වෙන්න..මොකද අපි තනියෙන් මේ ලෝකෙට ආව කිව්වට,යනව කිව්වට එදා මෙදාතුර මේ ලෝකෙ ඉපදුන,මැරුන හැම මිනිහෙක්ම අද අපි ඉන්න තැනට අපිව සහ මේ ලෝකය ගේන්න දායක වෙලා තියෙනව.. ඒක නිසා අපේ යුතුකමෙන් මිදෙන්නවත්,රටක්,කෝටි දෙකක ජනතාවක් හෝ අනාගතයක් එක පුද්ගලයෙකුට සහ ඔහුගේ පවුලකට දෙන්න පුලුවන්ද කියල ටිකක් හිතල බලන්න බුද්ධිමත්ව..!</font>
Last edited:
