දැන් AI ද Real ද කියල හොයන්න බෑ. නිකන් කනාවට හිතා ගන්න තියෙන්නෙ
"මෙහෙම දේවල් ඇත්ත ලෝකෙ වෙන්න බැහැනෙ. එහෙම නම් මේක අනිවා AI තමයි" කියල
තව ඉස්සරහට අපි තනිකරම බොරුවෙන් පිරුනු ලෝකෙක ජීවත් වෙන්න තියෙන්නෙ. "ඇත්ත" කියල කියන දේ තව ගොඩක් දුර වෙනව. තව අවුරුදු 30 කට පස්සෙ ඉපදෙන එවුන් අමුතුම ජීවීන් කොට්ටඨාශයක් වෙනව.
හැබැයි AI ඇසුැරු කරන්නෙ නැතී දූපත් වාසීන් අපේ සැබෑ මිනිස් ජාන විකෘත්ති කර ගන්නෙ නැතුව දිගටම පවත්වගෙන යයිද කියන්න දන්නෙ නෑ. කොහොමත් ඩයිනෝසරයින් ජීවත් උනා අවුරුදු මිලියන 500 ක් විතර. මිනිස්සු තාම දශමයයි. ශිෂ්ඨාචාරයක් අවසන් වෙන පටන් ගැන්ම තමයි මේ AI කියන දේ.
කොටින්ම මම දැන් AI වලින් remake කරන සිංදු අහ අහ ඒ මදිවට ඒව youtube ත් දානව. මාර කේස් එකක් මේක. මට නම් තව අවුරුදු 30ක් යද්දි වෙන්න යන දේ හොඳටම පැහැදිලියි. අපේ ළමයි තමයි පවු.
එක්කො මේ AI මල විකාරෙ දැන් වත් ලෝකෙන් Banned කරල දාල AI කියන දේ Health, Education improvement, Sciences, Bigger calculations, analysing වගේ දේවල් වලට විතරක් පාවිච්චි කරන්න ඕන. Public දාන එකෙන් කවද හරි මේ ලෝකෙන් මනුස්ස ශිෂ්ඨාචාරයක් අතුගෑවිලාම යනව. ඒක ශුවර්ම ශුවර්. මිනිසා විසින් මිනිසාව මේ ලෝකෙන් නැති කරල දාන තරමටම මිනිස්සුන්ව පොළඹබවන්න තරමටම මේ සොබාදහම දරුණුයි පුතා...