Air Force 1 ගැන

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතිහාසය

    2-600x382.png

    කෙනඩි ජනාධිපතිවරයාගේ එයාර් ෆෝස් වන් යානය (kennedy-photos.blogspot.com)

    ඇමෙරිකානු ධවල මන්දිර නිල වෙබ් අඩවිය දක්වන ආකාරයට මුල් කාලීනව ඇමෙරිකානු ජනාධිපතිවරයා ගමන් කරනු ලබන ඕනෑම ගුවන් යානයක් හැදින්වීම සදහා එකී නාමය භාවිතා කර ඇත. නමුත් 20 වැනි සියවසේ මැද භාගයේදී පමණ මෙම තත්ත්වය වෙනස් වන්නට විය. එනම් ජනාධිපතිවරයාගේ ගමන් සදහා විශේෂිත ගුවන් යානා නිපදවීමක් සිදුවිය.
    මෙම එයාර් ෆෝස් වන යානය ධවල මන්දිර ආරක්ෂක අංශයට අයත් ගුවන් යානා මෙහෙයුම් අංශය විසින් පාලනය කරනු ලබන අතර එවැන්නක් ඇති කරමින් ඒ සදහා පළමුවෙන්ම නියෝග ලබාදී ඇත්තේ ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයාය.
    කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සදහාම නිර්මාණය කරන ලද ගුවන් යානයකින් පළමුවෙන්ම ගමන් කොට ඇත්තේ ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා ය. ඒ 1962 දී බෝයින් 707 වර්ගයේ ජෙට් යානාවකිනි. වර්තමානයේ භාවිතා කරනු ලබන ගුවන් යානා වර්ගය භාවිතා කිරීම ආරම්භ කොට ඇත්තේ ජේෂ්ඨ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ කාල වකවානුවේදීය. ඒ 1990 දීය.
    යානය ගැන

    3-600x275.jpeg

    එයාර් ෆෝස් වන් යානය (redstatewatcher.com)

    මෙය ලෝකයේ ජනාධිපතිවරයකු සතු කැපී පෙනෙනම සංකේතයක් යැයි සදහන් කිරීමෙහි වරදක් නැත. මන්ද මෙහි ඇමෙරිකා එක්සත් ජනපදය යනුවෙන් විශාල අකුරින් සදහන් කර ඇති අතරම එරට ජනපතිගේ මුද‍්‍රාවද සලකුණු කොට ඇත. මෙය ලෝකයේ ඔ්නෑම තැනකදී ජනතාවට පහසුවෙන් හදුනාගත හැකි ලෙස නිර්මාණය කර ඇත.
    4-4-600x593.jpg

    ඇමෙරිකානු ජනාධිපතිගේ නිල මුද‍්‍රාව (greatseal.com)

    සාමාන්‍යයෙන් බොයිං 747-200B වර්ගයේ ගුවන් යානා මේ සදහා යොදාගන්නා බවත් එය පහසුවෙන් හදුනා ගැනීම සදහා 28000 – 29000 යන අංක (Tail Codes) ඉදිරිපත් කර ඇත. ගුවන් හමුදා ඛාණ්ඩ අංකය ලෙස භාවිතා කරනු ලබන්නේ VC 25A ය.
    මෙය ලෝකය පුරා ධාවනය කළ හැකි ආකාරයට නිර්මාණය කළ හැකි අතර අහසේ දී ඉන්ධන පිරවිය හැකි තාක්ෂණයෙන්ද යුක්තය. එසේම විද්‍යුත් චුම්බක තරංගවල බලපෑමට හසු නොවන ආකාරයෙන් මෙය තනා ඇති අතර යම් හෙයකින් ඇමෙරිකානු ජනපති රටින් පිටත සිටින විටෙක (ගුවනේ සිටින විට පවා) එරට තුළ යම් කිසි හදිසි තත්ත්වයක් පැන නැගුණහොත් ගුවන් යානය තුළ සිටිමින් නියෝග නිකුත් කළ හැකි මැදිරියක්ද මේ තුළ නිපදවා ඇත.
    මෙම යානය වර්ග අඩි 4000 ක ඉඩ ප‍්‍රමාණයකින් සහ තට්ටු තුනකින් සමන්විත වන අතර ජනධිපතිවරයාටම වෙන්වූ කුටියක්, කාර්යාල කුටියක්, සම්මන්ත‍්‍රණ මැදිරියක් සහ නාන කාමරයක්ද එහි ඇත. අධිආරක්ෂිත සහ අධිතාක්ෂණික සන්නිවේදන මෙවලම්වලින්ද යානය සමන්විත වන අතර වරකට සියදෙනකුට ආහාර පාන සැපයිය හැකි ගැලි දෙකකින්ද සමන්විත ය.
    5-3-600x400.jpg

    ඔබාමා ජනාධිපති එයාර් ෆෝස් වන් කාර්ය මණ්ඩලය සමග (whitehouse.gov)

    යානය තුළ විශේෂයෙන් සකසන ලද නවීන වෛද්‍ය පහසුකම්වලින් යුතු මැදිරියක්ද පවතින අතර ඒ තුළ ශල්‍යාගාරයක්ද අන්තර්ගතය. යානයටම වෙන්වූ වෙනම වෛද්‍යවරයකුද සේවය සදහා යොදවා ඇත.
    6-600x307.png

    එයාර් ෆෝස් වන් යානයෙහි හරස් කඩක් (ceeisa.org)

    ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්, ආරක්ෂක මණ්ඩලය, බුද්ධි අංශ නිලධාරීන්, ජනාධිපති මාධ්‍ය ඒකක නියෝජිතයන් සහ අමුත්තන් සදහා වෙන් කරන ලද අංශ යානය තුළම හැඩගස්වා ඇත. දුෂ්කර ගමනාන්ත කරා දිවෙන අවස්ථාවකදී ජනධිපතිවරයාට පහසුකම් සැපයීම පිණිස අවශ්‍ය වන බඩු භාණ්ඩ රැගෙන වෙනත් යානයක්ද ඒ සමග ගමන් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායක් බවටද වාර්තා වේ.
    7-600x400.jpg

    ජනාධිපති ඔබාමා තම නිලධාරීන් කිහිප දෙනෙකු සමග එයාර් ෆෝස් වන් යානයේ දී (dailymail.co.uk)

    ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් 2015 ජනවාරියේදී ප‍්‍රකාශයක් නිකුත් කරමින් දන්වා සිටින ලද්දේ මීළග ඇමෙරිකානු ජනාධිපතිවරයා සදහා බෝයින් 747 – 8 වර්ගයේ යානයක් සැකසීමට සූදානම් වන බවයි. නමුත් පසුගිය දෙසැම්බරයේ (2016 මීළග ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ප‍්‍රකාශ කරන ලද්දේ එය ඩොලර් බිලියන 4 ක් පමණ වැය වන කර්තව්‍යයක් වන බැවින් තමා එය අහෝසි කිරීමට කි‍්‍රයා කරන බවයි.
    8-600x450.jpg

    යෝජනා කර තිබූ එයාර් ෆෝස් වන් 747-8 යානය (wordlesstech.com)

    අමතර තතු

    9-405x600.jpg

    එයාර් ෆෝස් වන් සිනමා පටය (pinterest.com)

    මෙම යානය පිළිබද ඇමෙරිකානු සිනමාපට හතරකදී පමණ විෂය කොට ගෙන ඇති අතර ඒවා නම් Escape from New York, Air Force One, Bermuda Tentacles සහ Big Game ය.
    කලින් භාවිතා කරන ලද එයාර් ෆෝස් වන් ගුවන් යානා එරට ගුවන් යානා කෞතුකාගාර කිහිපයකදීම දැකගත හැකි අතර මින් ඔහියෝහි ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ගුවන් හමුදා කෞතුකාගාරය (National Museum of the United States Air Force ) – සියැටල්හි ගුවන් යානා කෞතුකාගාරය (Museum of Flight) කැපී පෙනේ.
     
    • Like
    Reactions: GayanX

    Similar threads