Dadubasnamanaya - (දඬුබස්නාමානය)
" රනා, මරණය ..කියන්නෙ සුළු දෙයක්....!!!
ඒත්...ජීවිතය ..කියන්නෙ සුළු දෙයක් නෙවෙයි...!!! "(සේතුපාල ගුරැන්නාන්සෙ )
ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය ටෙලි වෘතාන්තයෙන්....
මීට විසිපස් වසරකට ඉහත දී ,1995 නොවැ: 25 දා පලමුවන සුමති ටෙලි සම්මාන උළලේ ප්‍රශස්ථ සම්මාන එකලොසක් හිමිකරගත් වගයි.
1.හොඳම නාට්‍යය නිෂ්පාදනය.... ටෙලිවීව් වෙනුවෙන් සුනිල් රත්නායක.
2. හොඳම තිර පිටපත ජයන්ත චන්ද්‍රසිරි.
3. හොඳම අධ්‍යක්ෂණය ජයන්ත චන්ද්‍රසිරි.
4. හොඳම සංගීතය ප්‍රේමසිරි කේමදාස.
5.හොඳම ගායනය අමරසිරි පීරිස් සමග මාලනී බුලත්සිංහල.
6. කැමරාකරණය නිලන්ත චූලරත්න.
7.හොඳම වේෂනිරූපනය වසන්ත විට්ටච්චි.
8.හොඳම කලා අධ්‍යක්ෂනය පැට්ට්‍රික් ඩේවිඩ්.
9. හොඳම නැගීඑන නළුවා සේනක විජේසිංහ.
10.හොඳම සහාය නළුවා කමල් අද්දර ආරච්චි.
11. හොඳම නළුවා බුද්ධදාස විතාන ආරච්චි.
රූපවාහිනීයටත් සිනමාවටත් මනා රසවින්දනයකින් යුත් විශිෂ්ට නිර්මාණ බිහිකරන 'ජයන්ත් චන්ද්‍රසිරි' මහතාගේ ඉතා අග්‍රගණ්‍ය නිර්මාණයකි 'දඬුබස්නාමානය'.ලංකා ඉතිහාසයේ වැඩිම සම්මාන ගනනකින් පිදුම් ලද රූපවාහිනී කතා මාලාව වන්නේද දඬුබස්නාමානය යි.හෙළ සටන් කලාවේ අභිමානය මනාව විදහා දැක්වෙන මෙම නිර්මාණය අංගම්පොර කලාව ගැන උනන්දුවක් දක්වන අයකු වේ නම් අනිවාර්යයෙන් නැරඹිය යුත්තකි. කමල් අද්දරආරච්චි,ශ්‍රියන්ත මෙන්ඩිස්,බුද්ධදාස විතානාරච්චි,දමිතා අබේරත්න වැනි අතිදක්ෂ රංගන ශිල්පීන්ගේ තාත්වික රංගනයන් මෙහි වටිනාකම තව තවත් ඔප්නංවා ඇත.

Watch on Youtube Playlist
Download All Episode Complete Zip
Akalasandya (අකාලසන්ධ්‍යා)
Watch on Youtube
Download All Episode Complete Zip
මහසෝනා කියන්නෙ werewolf කෙනෙක් ද?

Last edited:

