#AKD_තඹුත්තේගම

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෘෂිකර්මාන්තය#AKD_තඹුත්තේගම

    “අසූ දෙකේ ජනාධිපතිවරණෙදි මෙතැන රැස්වීමක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුලසුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරුතුමා වුණු පෙරේරා සර්. ඔහු අදත් මේ වේදිකාවෙ ඉන්වා. ඒ වගේම මේ වේදිකාවේ සිටිය යුතු තවත් බොහෝ දෙනෙක් අද දකින්න නැහැ. අපේ පරම්පරාව මුහුණ දුන්නු ඛේදවාචකයන් හමුවේ ඔවුන් අපිව අත්හැර ගිහින් තිබෙනවා. යාල්දේවී දුම්රියේ පිපිරීමත් එක්ක මගේ පන්තියට ඉහළ පන්තියේ හිටපු සහෝදරයෙක්ගෙ සිරුර පළවෙනි මළ සිරුර විදිහට අපේ ගමට ආවා. එතැන සිට බොහෝ පිරිසක් අපිව අතහැරල ගියා. අනෙක් පැත්තෙන් මත් ද්‍රව්‍ය, මත්පැන් සහ තවත් විවිධ හේතු නිසා අපිත් එක්ක හිටපු සමකාලීනයන් අපිව අතහැර ගොස් තියෙනවා. ඒ වගේම අසූ හත – අසූ නමය කාලයේ එවකට පැවති පාලනයට එරෙහිව කරපු අරගලයෙදි මගේ සොහොයුරා ඇතුළුව තවත් විශාල ප‍්‍රමාණයක් අපිට අහිමි වුණා. ඒ නිසා මට මගේ ගම කියන්නෙ දේශපාලනයේ අමිහිරි අත්දැකීම් වගේම උකහා ගත යුතු අත්දැකීම් රැසක් ඉතිරි කරපු ගමක්. ඒ අත්දැකීම් දුන්න මේ ගමට අපි ආවෙ එක්දහස් නමසිය හැත්තෑ දෙකේ, මාසෙකට රුපියල් විස්සක කුලියකට මැටි ගෙදරකට.
    එතැන සිට දශක ගණනාවක් මේ ප‍්‍රදේශයේ සෑම ගමකම, සෑම පාරකම අපි ඇවිදල තියෙනවා. ඒ පරම්පරාවන් මුහුණ දුන්නු අත්දැකීම් අපි ඇති තරම් අත්දැක තියෙනව. අපේ ගම්වල මිනිස්සු මිය ගියේ කොහොමද, අපේ දරුවන්ට අත් වුණු ඉරණම මොකක්ද කියන එක අපි දන්නවා. කවුද ඒ ජීවිතය අපිට උරුම කර දුන්නෙ?
    අපේ ඉස්පිරිතාලෙ දොස්තර මහත්තය දෙමළ. මගේ පියා වැඩ කරපු තැන මිනින්දෝරු මහත්තය දෙමළ. මේ ස්ටේෂන් එ‍කේ ස්ටේෂන් මාස්ටර් දෙමළ. ඔවුන් එක්ක අපි ඉතාම සමීපව වැඩ කළා. ඒත් මේ පාලකයො අපිට තිස් වසරක යුද්ධයක් උරුම කරල දුන්නා. ගම්වල ඉදි වුණේ සොහොන් කොත්. බස් නැවතුම්පොළවල් හැදුණෙ මිය ගිය අය වෙනුවෙන්. සොහොන් කොත්, බස්නැවතුම්පොළවල් අපිට ඉතිරි වෙද්දි, අපිත් එක්ක ජීවත් විය යුතුව හිටපු මිනිස්සු අපිට අහිමි කළා. මේක වෙනස් කරන්න ඕනෙ නැද්ද? අපි එදා මේක වෙනස් කළානම්, අද ඒ බොහෝ දෙනෙක් මෙතැන ඉන්න තිබුණා. ඒත් එදා අපි අසමත් වුණා. අද අපි මේ ගමන ආරම්භ කර තියෙන්නේ අද ජීවත් වෙන කිසිවෙකුට එවැනි අනියත මරණයක් උරුම නොවිය යුතුයි කියන අරමුණ ඇතිවයි. ඒ වගේම මේ රටේ හැම කෙනෙක්ටම ආර්ථික සමෘද්ධියත්, නිදහසත්, විමුක්තියත් ළඟා කර දීමේ අරමුණ ඇතිවයි.
    අපි ඒක පටන් ගන්නෙ කොතැනින්ද? දේශපාලනයේ විවිධ නායකයන් එන්න පුළුවන්. විවිධ අය විවිධ කතා කියන්න පුළුවන්. විවිධ ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ හැම දේටම කලින් මේ රට හදන්නනම් හොරකම නරත කරන්න ඕනෙ. කාටද හොරකම නතර කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිට විතරයි. අපි ඒක භාවිතාවෙන් ඔප්පු කර තියෙනවා. මේ වේදිකාවෙ ඉන්න කවුරුත් මහජනයගෙ සතයක් හොරකම් කර නැහැ. ඒත් අනිත් පක්ෂ දෙකේ? වැලිකඩ බන්ධනාගාරයෙ ඉන්න ඕනෙ වැඩි දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව. ඔවුන්ගෙන් හොරකම නතර කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපි ආණ්ඩුව ගත්තට පස්සෙ මාස දෙකක් ප‍්‍රකාශයට පත් කරනවා. ඒ මාස දෙක ඇතුළෙ තමන් හොරකම් කරපු දේපොළ බාර දෙන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙනකොට බාර දුන්නෙ නැත්නම්, සහතික වශයෙන්ම ඒ දේපොළ පවරා ගන්නවා.
    දෙවෙනි එක තමයි, අපි පාලකයන්ගෙ නාස්තිය අඩු කරනවා. ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න මොන තරම් වියදමක් කරනවද? ජනතාව මොන තරම් ප‍්‍රශ්න එක්කද ජීවත් වෙන්නෙ? ඒත් ජනාධිපතිවරයාට රට පුරාම මාළිගා. මොකටද මේ මාළිගා? සමහර මාළිගා තියෙනව, ජනාධිපතිවරයා අවුරුද්දටම එක දවසක්වත් ඉඳල නැහැ. ඒත් ඒ මාළිගාවලට විශාල මුදලක් වියදම් කරනවා. අපි බලයට ආවම ඒ මාළිගා රටට ආදායම් ගේන දේවල් බවට පත් කරනවා. ජනාධිපතිවරයගෙ කාර්ය මණ්ඩලය එක්දහස් දෙසීයක්. ඒ වියදම සියයට අනූවකින් අපි අඩු කරනවා. අපි අහල තියෙනව, මුදුනට හෙණ ගැහුවම පොල් ගහෙන් වැඩක් නැහැ කියලා. අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒක. ඒ නිසා අපි මේ රට ගොඩනගන්න පටන් ගන්නෙ මුදුණෙන්.
    ඊළඟට රාජ්‍ය ආයතන ගොඩ නගන්න ඕනෙ. ඥාති හිතවතුන්ගෙන් රාජ්‍ය ආයතන පුරවන එක, දේශපාලන හිතවතුන්ගෙන් රාජ්‍ය ආයතන පුරවන එක නතර කරනවා. මුළු සමෘද්ධියටම රුපියල් කෝටි එක්දහස් නවසීයක් යනකොට එයාර් ලංකා එකට විතරක් අවුරුද්දකට රුපියල් කෝටි හාර දාහක් වියදම් කරන්න වෙන්නෙ ඒ නිසා. ඒ නාස්තිය වෙනුවට අපි රාජ්‍ය ආයතන ප‍්‍රතිසංවිධානය කරනවා. ඒක කරන්න පුළුවන්. අපි අපේ අමාත්‍යාංශයට යනකොට මිල්කෝ ආයතනයට රුපියල් මිලියන පනහක බැංකු අයිරාවක් තිබුණා. ඒත් අපි එළියට එනකොට මාස දහ හතරක් ඇතුළත රුපියල් මිලියන දෙසීයක ස්ථාවර තැන්පතුවක් හදන්න පුළුවන් වුණා. කිරි ගොවියන්ට අපි බෝනස් එකකුත් දුන්නා. ඒත් දැන් නැවතත් ගොවියන්ට විකුණපු කිරිවලට මුදල් ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා. අද වී අලෙවි මණ්ඩලයට මොකක්ද අද වෙලා තියෙන්නෙ? කෝටි ප‍්‍රකෝටි ගණන් පාඩු ලබනවා. ඇයි ඒ? ගොවීන්ගෙන් වී ටික ගන්නවා, අවුරුද්දක් විතර ගබඩා කරල තියනව, ගත්තු මිලටත් වඩා අඩුවෙන් වී මෝල් හිමියන්ට විකුණනවා. එහෙම ලාබ ලබන්න පුළුවන්ද? අනෙක් පැත්තට වී අලෙවි මණ්ඩලය කියන්නෙ පාඩු ලබන්න ඕනෙ එකක්ද? අමුතු වැඩක් කරන්න නැහැ. වී ටික අරගෙන ගබඩා කරල විකුණන්න තියෙන්නෙ. ඒ වැඩේවත් හරියට කර ගන්න බැරි ආණ්ඩු රටක් හදයිද? මහා භාණ්ඩාගාරයෙන් අනූ හතරෙ ඉඳලම වී අලෙවි මණ්ඩලයට මුදල් දානවා. අපේ ගමේ ඉස්කෝලෙ හදන්න තියෙන සල්ලි, අපේ ගමේ ඉස්පිරිතාලෙය බෙහෙත් පෙත්ත ගේන්න තියෙන සල්ලි, අපේ ගමේ පාර හදන්න තියෙන සල්ලි, ගමට වතුර ටිකක් දෙන්න තියෙන සල්ලි තමයි මේ නිකරුණේ නාස්ති වෙන්නෙ. ඒ නාස්තිය වෙනුවට සියලෙු රාජ්‍ය ආයතන ජනතාවට බරක් නොවෙන, නිකරුණේ සල්ලි නාස්ති නොකරන තැන් බවට අපි පත් කරනවා.
    අද අපි මුහුණ දීල තියෙන ප‍්‍රධානම ගැටලුවක් තමයි ග‍්‍රාමීය දුප්පත්කම. මෙතන ඉන්නවද කවරුහරි, කොතෙන්ටවත් ණය නැති කෙනෙක්? බැංකුවලට ණයයි. ගමේ පොලී මුදලාලිට ණයයි. වී කඩේට ණයයි. බඩු ගන්න කඩේට ණයයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ණයයි. ඒ විතරක් නෙමෙයි, ගමේ මරණාධාර සමිතියටත් ණයයි. අපි අපේ පාලනයක් ඇතුළෙ, ගමේ තියෙන ඒ දුප්පත්භාවය නැති කරන්න ප‍්‍රමුඛ සැලස්මක් ක‍්‍රියාත්මක කරනවා.
    ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ප‍්‍රධාන මාර්ගය වෙන්නෙ කෘෂිකර්මාන්තය දියුණු කිරීම. ඒ දවස්වල මේ ප‍්‍රදේශයෙ තිබුණු කෘෂිකර්මාන්තයත් අද කඩාගෙන වැටිලා. ඒ කඩාවැටුණු කෘෂිකර්මාන්තය දියුණු කරන්න අපි විශාල අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයේ ප‍්‍රධාන අවශ්‍යතාවය වෙන්නෙ බීජ. අද අපේ බීජවලට මොකද වෙලා තියෙන්නෙ? අපේ බීජ අද අපිට නැහැ. ඇමෙරිකාවේ මොන්සැන්ටෝ සමාගම දෙන බීජ ටින් එක තමයි අද ගෙනත් හිටවන්නෙ. එදා කිසිම වියදමක් නැතුව හදා ගත්ත බීජ වෙනුවට ගොවියෙකුට කෘෂිකර්මාන්තයෙ වියදමෙන් සියයට විස්සක් විතර බීජ වෙනුවෙන් වැය කරන්න වෙලා. ඉස්සර ස්වභාවිකව හැදුණු තුඹ කරවිල බීජ පවා කඩෙන් ගේන්න වෙලා තියෙනවා. බීජ ගේන්න විතරක් නෙමෙයි, තුඹ කරවිල වැල්වල මල් හැදෙනකොට පාන්දර හතරට නැගිටල ගිහින් පිනි හිඳෙන්න කලින් ඒව පරාගණය කරන්නත් වෙලා. ඒ කියන්නෙ ස්වභාවික පරාගණයත් අර අහිමි වෙලා.
    අපිට හොඳම මිරිස් ඇට දුන්නෙ මහඉල්ප්පල්ලම ගොවිපොල. දිගම මිරිස් කරල් වලට ඕනෙ බීජ දුන්නෙ මහඉලුප්පල්ලම ගොවිපොලෙන්. කෝ අද තියෙනවද ඒ දිග මිරිස් කරල්? මිරිස් කරල් නෙමෙයි අද මිරිස් වගාවත් නැහැ. ගොවිපොලවල් ටිකත් අද වෙනකොට විකුණලා. චීන ගොවිපොල සීඅයිසී සමාගමට විකුණුවා. ගල්නෑව ගොවිපොලත් සීඅයිසී සමාගමට විකුණුවා. අක්කර දෙදහස් අටසීයක කුඹුරු යායක් එක්ක හිඟුරක්ගොඩ වී ගොවිපොල තිබුණා. ඒකෙන් තමයි වී වගාවට ඕනෙ කරන බීජ ටික ලැබුණෙ. ඒකත් සීඅයිසී එකට විකුණුවා. අපේ බීජ ගොවිපොලවල්, අපේ බීජ පර්යේෂණායතන මේ විදිහට විකුණල, ගොවීන්ට ඔවුන්ගේ බීජ මත යැපෙන්න වෙන තත්ත්වයක් ඇති කළා. ඒ තත්ත්වය අපි වෙනස් කරනවා. ගොවීන්ට නැවතත් අපේ පාරම්පරික බීජ සම්පත නැවත ලබා දීල, ඉතාමත් සහනදායී ක‍්‍රමයකට ගොවීන්ට බීජ ලබා දෙන වැඩපිළිවෙළක් අපි ඇති කරනවා.
    ඊළඟ ප‍්‍රශ්නය තමයි වතුර. මහවැලි ව්‍යාපාරය හදනකොට අපිට කිවුවෙ කන්න තුනක් වගා කරන්න පුළුවන් කියල. මහවැලි ව්‍යාපාරය කියල මේ රටේ වැව් ටික විනාශ කළා. මේක වැව් බැඳ රාජ්‍යය. වැව් තිස් දෙදාහක් තිබුණා. ඒකෙන් අද ඉතිරි වෙලා තියෙන්නෙ වැව් දා හතර දාහයි. ඒකෙනුත් වැව් දොළොස් දාහක් අභාවයට යමින් තියෙනවා. කන්න තුනක් වගා කරන්න පුළුවන් කියල තියෙන වැව් ටිකත් විනාශ කරල, අද වෙනකොට එක කන්නයක්වත් හරියට වගා කර ගන්න බැරි වෙලා තියෙනවා.
    රට මැද ඉඳල ගලන ගංගා එකසිය තුනක් තියනෙ, මෝසම් දෙකක වර්ෂාපතනයක් තියෙන රටක වැව් බැඳ රාජ්‍යයේ අපි කවදාවත් හිතුවද සල්ලිවලට වතුර බොන්න වෙයි කියල? බඹයක් පොළව කපනකොට අඩි තුනක් වතුර පිරුණ පළාතක් මේක. අද මොකද වෙලා තියෙන්නෙ? ඒත් අද වැඩිපුරම වතුර කඩ තියෙන්නෙ රජරට. බොන්න වතුර ටික ගේන්න කඩවල් ගානෙ යන්න වෙලා. එහෙම නැත්තනම් වතුර ලොරිය එනකම් බලන් ඉන්න වෙලා. වගා කරන්න වතුර ටික නැතුව, බොන්න වතුර ටික නැතුව බලන් ඉන්න එක වෙනුවට මේ ජනතාවට ගැටලුවක් නැතුව වතුර ටික ලබා දෙන වැඩපිළිවෙලක් අපි ක‍්‍රියාත්මක කරනවා. මේ වැව් පද්ධතිය අපි නැවත පුරවනවා.
    අනෙක් පැත්තෙන් ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණය අපි එකතු කරනවා. ශ‍්‍රමිකයන් නැති ප‍්‍රශ්නය වෙනුවට තාක්ෂණයෙන් ඒකට විසඳුම් හොයා ගන්න ඕනෙ. ඒ තාක්ෂණයට ගැලපෙන විදිහට වගා බිම් ඒකාබද්ධ කරන්න ඕනෙ. එක සැලැස්මකට වගා කරන්න ඕනෙ. තනි තනි ගොවියා අසීරුවෙන් කරන වගාව වෙනුවට ඒකාබද්ධ වගා ක‍්‍රමයක් ඇතුළෙ තාක්ෂණය හැමෝටම වගා කටයුතු පහසු කරන ක‍්‍රමයක් බවට පත් කරන්න ඕනෙ.
    ඒ විතරක් නෙමෙයි, අනෙක් සියලුම නිෂ්පාදනවල මිල නිෂ්පාදකයන් විසින් තීරණය කරද්දි කෘෂිකාර්මික නිෂ්පාදනවල විතරක් වෙළෙන්දා විසින් තීරණය කරන තත්ත්වයත් අද තියෙන්නෙ. ඒ වෙනුවට නිෂ්පාද අලෙවි කිරීමේ බලයත්, මිල කේවල් කිරීමේ බලයත් ගොවියා අතට පත් කිරීමේ සැලැස්මක් අපි හදනවා.”
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    71844099_1176492465870241_5349577321323954176_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කෘෂිකර්මාන්තය නගා සිටවන්නේ ඉබ්‍රහිම් නානා එක්ක වෙන්න ඇති

    ගම්බිරිස් වලට ඉහල මිලක් අරන් දෙන්න ව්‍යාපාරිකයන් ට දේශපාලන රැකවරණ ලබා දුන්නාට උබට ගොඩක් නන්රි
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    බොරු කියන්න එපා අයිය :angry: ඔයා 82 ඉපදිලාවත් නෑ. :angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආ නාත පොන්සි ආවද නනාට කඩේ යන්න කොහොමද ලපේට චන්දේ නේද හම්බුනේ 3යි ඇති යන්තම් 3 බේරගෙන ඉන්නව ඇපත් නෑ ලපත් නෑ අලුත් නායකයෙක් ඕන හොද දැක්මක් තියන උවිදු විජේවීර වගේ :P:P:P