Akilath Onna President Wenna

Lansalaral

Member
Jun 20, 2011
1,213
212
0
Kurunegala
අකිලට දුර ගමනක් යන්න ඡායාරූපය සහිත ලිපියක් පෙළපොත්වල දමන්න කීවා- හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් කියයි


fShare

පාසල් පෙළපොත් වලට අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් ඇතුළත් කිරීම සදහා රුපියල් කෝටි 16 ක මුදලක් අමතරව වියදම් කිරීමට සිදුවී ඇති බව ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ දී ඊයේ (24දා) හෙළිවිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේ කොමිෂන් සභාව රැුස්වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශය පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇතැයි සැලකෙත වංචා දුෂණ සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති පැමිණිල්ල පිළිබ`දව වැඩිදුරටත් විභාගය සිදුවූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් සහ වත්මන් අධ්‍යක්ෂ අධ්‍යාපන සැලසුම් අයි . එම් .කේ .බී ඉලංගසිංහ මහතා සක්ෂි ලබාදුන්හ.

කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඉලංගසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේ දී පෙළපොත් කෝටි 4 ක් මුද්‍රණය කළ බවත් අධ්‍යපන ඇමතිවරයාගේ ඡුායාරුපය සහ පණිවුඩය සහිත පිටු 4 ස`දහා එක් පිටුවකට රුපියල බැගින් වැයවූ බවත්ය .

එම කොමිෂන් සභාව හමුවේ සක්ෂි ලබාදෙමින් ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ , තමාට දිගු ගමනක් යාමට අවශ්‍ය බැවින් සහ ඉදිරි බලාපොරොත්තු සලකා තමාගේ වර්ණ ඡුායාරූපයක් සහ අත්සන සහිත ලිපියක් පෙළපොත් වලට ඇතුළත් කරන ලෙසට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තමාගෙන් කෙලින්ම ඉල්ලා සිටිය බවයි.

ඒ පිළිබ`දව තවදුරටත් අදහස් දක්වමින් ඉලංගසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ , අධ්‍යාපන ඇමතිවරයාගේ වර්ණ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් පෙළපොත් වලට ඇතුළත් කීරීම නීතියට සහ ප‍්‍රතිපත්ති වලට පටහැනි බැවින් ඒ පිළිබ`දව තවදුරටත් සිතා බලන ලෙස සහ සොයා බලා කටයුතු කරන ලෙස තමන් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත්ය . එසේ වුව ද අධ්‍යාපන ඇමතිවරයා තදින්ම ඉල්ලා සිටිය බැවින් තමාගේ නිදහස සහ රාජකාරියේ ආරක්ෂාව පිළිබ`දව සලකා ඇමතිවරයාගේ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා අවශ්‍ය නියෝග ලබාගෙන අධ්‍යාපන ඇමතිවරයාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපිය පෙළපොත් වලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ ජුලි 01 වන දිනත් කොමිෂන් සභාව හමුවේ ජුලි 08 වන දිනත් පෙනී සිටින ලෙස කොමිෂන් සභාව නියෝග කළේය.