AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස

    දිගු කලක් තිස්සේ පැවති බාලගිරි දෝශය නිමා කරමින් ඊයේ රාත්‍රියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ බව වාර්තා වූයේ සුවහසක් සිසු සිසුවියන්ගේ හිත් වලට යන්තම් අස්වැසිල්ලක් උදාකරමින්. ඒ වුනත් ඒ හීන සුණු විසුනු වුනේ ප්‍රතිඵල හරිම හාස්යජනක මෙන්ම පිළිගත නොනොහැකි මට්ටමේ ඒවා වීම නිසයි.:eek:

    උසස්පෙළ තමන් හදාරපු විෂය මාලාව වෙනුවට වෙනත් විෂයන් වල ප්‍රතිඵල ඇවිත් තිබුනා මදිවට ලබා දී තිබුනු Rank උඩු යටිකුරු වුනු බවක් කාටත් පෙනෙන්න තිබුනා.පෙන්නන්න පුලුවන් උදාහරණ ගොඩක් තිබුනත් මේ අමුතුම විෂය සංකලනයක් තියෙන ප්‍රතිඵලය , විභාග ප්‍රතිඵල වල තත්වය හොඳින් කාටත් පැහැදිලි කරනවා.:lol::lol:
    result.jpg

    පහුවදාම විභාග දෙපාර්තුමේන්තුවට සිද්ද වුනේ සියලුම ජාතික සහ දිස්ත්රික් Rank අහෝසි කරන්න .
    ඊට පස්සෙ තමයි හොඳම හරිය.රටක වැදගත්ම මෙන්ම තරඟකාරිම විභාගයක කිසි ලෙසකින් වත් නොසිදු විය යුතු නමුත් සිදුවී ඇති මෙම වරද පිලිගනීම වෙනුවට බලධාරීන් අමුතු විහිලු ප්‍රකාශ කරන්නට පටන් ගත්තා.

    ***2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වා තිබුනා.

    "අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්රය ,නව ජ්යාමිතික සුත්‍රරය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..
    ඉතින් ඒ සුත්රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රරතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."

    :-)lol:අපි දන්නා වීදියට නම් Z ලකුණු ගණනය කරන්නේ සංඛ්යාන සූත්රයක් ඇසුරෙන් මිස ජ්යාමිතිය ඇසුරෙන් නොවේ:lol:)

    (එක අතකට එතුමට දොස් කියන්ඩත් බෑ. මොකද ජනවාරි වෙනකොට පුද්ගලික විශ්ව විද්යාල ටික ලංකාවෙ අටවන්න මේ දවස් වල ගොඩක් වැඩ නේ. මේව ගැන හොයන්න වෙලාවක් කොහෙද?
    :lol::lol::lol:)

    විභාග කොමසාරිස්වරයාත් මීට සමාන ප්‍රකාශයක් කර ඇති අතර දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ශ්‍රේණි පමණක් නැවත නිකුත් කරන බව පවසනවා.

    මොවුන් මේ නොකිය කියන්නේ වෙනත් සංශොධනයක් නොකරන බවයි. තවත් විදියකින් කිව්වොත් මේ කියන්නෙ වාණිජ ඉංග්‍රීසි මධ්‍යයෙන් හැදෑරූ සිසුවාට කලා විෂයන්ගෙ ප්‍රතිඵල භාර ගන්න කියලා. තවත් සිසුන් රැසකට තමන් නොලියපු අමුතු විශය සංකලන වල ප්‍රතිඵල භාර ගන්න කියලා.

    මේ වගකීම් විරහිත ප්‍රකාශ කරන්නේ රටක අනාගතය විහිලුවට ලක් කරමින්. සරසවියට යන්න හීන දැක්ක, ඒ හීන වෙනුවෙන් දිවා රෑ දුක් විඳපු දක්ෂ උත්සහවන්ත නංගිල මල්ලිලාව හෑල්ලුවට ලක් කරමින්.
    වෙලා තියෙන්නෙ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන විදියෙ පොඩි අවුලක් නම් නෙවෙයි කියන එක බලධාරීන්ට කෙසේ වෙතත් ඔලු ගෙඩිය ඇතුලෙ මොළගෙඩියක් තියෙන කාටත් තේරෙනව.

    ඉතින් තවදුරත් මේ විහිලුව නොකර නිහතමානීව මහත්මා විදියට උන වරද පිළිගෙන මුලු විභාගයෙම ප්‍රතිඵල අත් හිටවන්න කටයුතු කරන්න දැන්මම. (කැමති නම් ඉල්ල අස්වෙලා තානාපති තනතුරක් ලබාගන්නත් පුලුවන්:lol::lol:) සියලු ප්‍රතිඵල නැවත සකසා නිකුත් කරන්න.අපේ රටේ අනාගතය වෙන නංගිලා මල්ලිලාගෙ අහිංසක හීන වලට මල් ඵල දරන්න ඉඩ දෙන්න. දෙවියන්ගෙ නාමයට. :frown::frown:
     
    Last edited:

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මේ පාර 1st Shy කරපු අයගේ Z-Score හදපු විදිය අසාධාරණයි. මෙන්න උදාහරණයක්,

    මාතර BIO District Rank 48 - ABB (Second Shy කරපු කෙනෙක්)
    BIO District 94 - AAB (First Shy කරපු කෙනෙක්) :angry: :angry:
    48 එක්කෙනා මෙඩිසින් යයි ඒත් අනිත් එක්කෙනා:shocked: :shocked: (මේ මට දැනට ආරංචි වුණ ටික තව ගොඩත් ඇති) කවුද මේවට වගකියන්නෙ.

    මේ පාර 1st Shy කරපු ගොඩක් දක්ෂ ළමයින්ට හොඳ රිසාල්ට් තිබුණත් හොඳ රෑන්ක් නෑ. එස්.බී ගේ කෙහෙල් මල් ජ්‍යාමිතික සූත්‍රය :angry::angry::angry:

    ප්‍රතිඵල අත්හිටුවීම අනිවාර්යයි
     
    :yes::yes::yes::yes::yes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mage mallitath A 3k tiyenawa habai ewa nikan A 3k wenna behe...mama(past year island 39) hodata eya karapu papers check kala.....ewa physics ehema perfect but island rank 790 eyata wada aduwen karala tiyena aya godak eyata wad itsarahin innawa....meka maha wikarayak ne mage malli medicine select wei eth meka asadaranyak.......sudussata sudusu tana labiya yutui...ayeth AL papers balanna meyala marks dila waradi.....eka balapu kenekma mata kiwwa me para 1st time ayage papers wenas nisa lesiyen ewa baluwa.....lakunu denakota anek ayage ewata hodin dunna eyalata tawa shy nati nisa kiyala....mama kiyanne nehe e manussaya kiyapu katawa hari kiyala habai hamotama sadaranayak wiya yutui...eka 1st...2nd ,,,3rd shy kiyana eka mata nemei...lankawe igena ganna api hemadenama wenuwen..............
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මේ පාර 1st Shy කරපු අයගේ Z-Score හදපු විදිය අසාධාරණයි. මෙන්න උදාහරණයක්,

    මාතර BIO District Rank 48 - ABB (Second Shy කරපු කෙනෙක්)
    BIO District 94 - AAB (First Shy කරපු කෙනෙක්) :angry: :angry:
    48 එක්කෙනා මෙඩිසින් යයි ඒත් අනිත් එක්කෙනා:shocked: :shocked: (මේ මට දැනට ආරංචි වුණ ටික තව ගොඩත් ඇති) කවුද මේවට වගකියන්නෙ.

    මේ පාර 1st Shy කරපු ගොඩක් දක්ෂ ළමයින්ට හොඳ රිසාල්ට් තිබුණත් හොඳ රෑන්ක් නෑ. එස්.බී ගේ කෙහෙල් මල් ජ්‍යාමිතික සූත්‍රය :angry::angry::angry:

    ප්‍රතිඵල අත්හිටුවීම අනිවාර්යයි

    Anuradapura
    bio AAA(1st shy) 11
    ita uda(mul rank 10) ABB(2nd shy) innawalu
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    "අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්රය ,නව ජ්යාමිතික සුත්‍රරය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..
    ඉතින් ඒ සුත්රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රරතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."
    0002068A.gif

    0002068A.gif
     
    Last edited:

    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    උසස්පෙළ විද්‍යා විෂයන් කරපු කෙනෙක්ගෙ ප්‍රතිඵල මෙන්න..
    (උපුටා ගැනීම සිරස News 1st )

    Untitled.png
     
    Last edited: