All must read this............

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
දේශද්‍රෝහී චීවරධාරීන් දෙනමගේ මහා සංඝසම්මේලනය.


අඩව්ව -කස්තිරමට සහ සීරුමාරුවට පෙර



ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් විසින් පාර්ලිමේන්තුවේ සිට සිංහල-බෞද්ධ අතිබහුතරයට ඇසෙන්නට කුංචනාදයක් කළේය. ඒ අනුව එදා සිට ශ‍්‍රී ලංකාවේ තිබූ ත‍්‍රස්තවාදීන් සහ රණ විරුවන් යන දෙපාර්ශවය විසුරුවා හැර දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් යන දෙපාර්ශවය ස්ථාපිත විය. මෙලෙස බිහිවුණු දේශපේ‍්‍රමීන්ගේ පිළ ඒ අවස්ථාවේදී නියෝජන කළවුන් අතර ජවිපෙ සහෝදරවරු, හිටපු යුධ හමුදාපති සහ උභය විහාරික මහනායක හිමිවරුන් දෙනමද ඉහළින්ම වැජඹුණි.

යුද්ධය නිමවී මාස කිහිපයක් යන තැන දේශපාලනිකව ඍජු තීන්දු තීරණ ගන්නා ජවිපෙ සහෝදරවරු දේශද්‍රෝහීන්ගේ ගොන්නට තල්ලූ වී යන්නේය. යුද්ධය ආරම්භ කළ යුගයේ මහින්දගේ ආසන 106 අස්ථාවර ආණ්ඩුවට ශක්තියක් වෙමින්ද, තමන්ට පයින් ගසා එජාප මන්ත‍්‍රීවරුන් බදා ගත්තද හදිසි නීතියට සහ යුද්ධයට අවශ්‍ය සහයෝගය විපක්ෂයේ සිට වුවද නොමදව දෙමින්ද, හමුදාවේ ක‍්‍රියාකාරීත්වයට අවශ්‍යය මතවාදීමය පදනම රටේ ජනතාව අතර නිර්මාණය කර දෙමින්ද ජවිපෙ ගෙන ගිය මහින්ද හිතවාදී වැඩ පිළිවෙල කරන තාක් දේශපේ‍්‍රමීන් ගොඩට අයත් වූ සහෝදරවරු ටික බිමේ දේශපාලනය හඳුනාගෙන අවස්ථාවෝචිතව ගත් දේශපාලනික තීන්දුව නිසා දේශද්‍රෝහීන් ගොඩට විසිකර දමයි. එපමණක්ද නොව, ජවිපෙ සතු එකම ප‍්‍රාදේශීය සභාව වන තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව සීල් කරයි. ලංකා පත්තරය සීල් තබා චන්දන සිරිමල්වත්ත මාධ්‍යවේදීයාව කුදලාගෙන යයි. ලංකා ටෲත් වෙබ් අඩවිය විකාශනය නවතා දමයි. මේ තරම් කුහක වන මහින්දවාදීන් ජවිපෙ තමන් සමග සිටි යුගයේ අඩුම තරමින් විජය කුමාරතුංගගේ උපන්දිනයවත් සිහි නොකරන්නට වග බලාගත් බවත් අප දැනගත යුතුය.

හිටපු හමුදාපතිතුමන් සම්බන්ධයෙන් තත්වය මීටත් වඩා ඛේදනීයය. යුධ පිටියේදී.........

 
Last edited: