තම ධුරයේ පළමු කාර්යභාරය ලෙස මහනායක හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය දඹදිව වන්දනාමාන කරවීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.
මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් අද බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මල්වතු මහනායක හිමියන් පෙන්වා දුන්නේ ජාතීන් හා ආගම් අතර සබඳතා ගොඩනංවා සුහදතාවයෙන් යුතුව කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බවයි. වත්මන් රජය සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින බවත්, එය ආරක්ෂා කරගැනීම රජයේ වගකීම බවත්, මල්වතු මහනාහිමියන් මෙහිදී අවධාරණය කළා.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අස්ගිරි පාර්ශ්වයේ මහනායක පූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තා. සියලූ දෙනා ජාති, ආගම් පාට භේද දුරලා කි‍්‍රයා කිරීමෙන් රටේ දියුණුව සලසාගත හැකි බවයි අස්ගිරි මහනාහිමියන් පෙන්වා දුන්නේ.
Last edited:
