Allapu unta hena 7thama wadinwa

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    කෝටි 4 ක කේරළ ගංජා අත්අඩංගුවට

    ශ්‍රී ලංකාවට නීතිවිරෝධි අන්දමින් රැගෙන ඒමට තැත් කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 100ක් කල්පිටිය මුහුදු වෙරළේදී අද (31දා) අලුයම 12.40 ට අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

    මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර, මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකර ඇති බව කොළඹ සුරාබදු නිලධාරීහු පවසති.

    මෙම ගංජා ප්‍රමාණයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 4 ට වඩා වැඩි බවත්, මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය බවද සුරාබදු හදිසි වැටලීම් අංශයේ ස්ථානාධිපති ඒ.ආර්. ලැම්බර්ට් මහතා පැවසීය.

    එම මෙහෙයුමේදී සැකකරුවන් පැනගොස් ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    IMG_3462.jpg


    IMG_3470.jpg


    IMG_3471.jpg


    IMG_3473.jpg


    IMG_3474.jpg