මෑත කාලයේ අපේ රටේ ඉතාම ජනප්‍රිය modification එකක් තමයි වාහනයට alloy wheel එකතු කිරීම.එ්ක නිසා පොඩ්ඩක් එ් ගැන කතා කරන්න හිතුණා ...
ගොඩක් අය පෙනුම වැඩි කරගන්න තමයි alloy wheels එකතු කරන්නේ.
alloy wheel යෙදීම මගින් පෙනුම වගේම වාහනයෙ performance පවා වැඩිවෙන බව ගොඩක් අය නොදන්නා කරුණක්.
නමුත් නොගැලපෙන alloy wheel එකතු කිරීම මගින් තියන performance පවා අඩු වෙලා අලුත් දෝෂ පවා හටගැනීමට පුළුවන්.
එ් නිසා alloy wheel තෝරා ගැනීමේදී standard අගයෙන්ම තෝරා ගන්නවා නමි වඩාත් හොඳයි...
Alloy wheel වර්ග ප්‍රධාන වශයෙන් වර්ග 2 කි
1.මැග්නීසියම් ඇලෝ විල්(magnesium alloy wheel)
2.ඇලුමිනියම් ඇලෝ විල්(aluminium alloy wheel )
මැග්නීසියම් ඇලෝ විල් භාවිතා කලේ ප්‍රධාන වශයෙන් rancing car වලට.
නමුත් මේවායේ ඇති දුර්වලතා නිසා
( ඉරි තැලීම,වලට ගැසීම,අධික සීරිමි,ගිනි ගැනීමේ ප්‍රවනතාව වැඩි විම,නිෂ්පාදන පිරිවැය අධික වීම) ඇලුමිනියම් ඇලෝ විල්(aluminium alloy wheel )නිෂ්පාදනය සඳහා යොමු වුණා.
Magnesium alloy wheel classic වාහන වල දැකගන්න පුළුවන්.1960 පස්සෙ magnesium alloy wheel නිෂ්පාදනය සීමිත වුණා..
ඇලුමිනියම් ඇලෝ විල්(aluminium alloy wheel ) යෙදීම මගින් ලැබෙන වාසි මොනවාද ?
• වාහනයට නව පෙනුමක් ලැබීම.එ් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ..original alloy wheel
එන්නේ නැති වාහනේකට alloy wheel දාලා ගත්තම ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා.
• දීප්තිමත්
• Steel wheel වලට වඩා ශක්තිමත්
• Steel wheel වලට වඩා සැහැල්ලුයි.මේ නිසා
suspension වලට දෙන කරදරය පොඩ්ඩක් අඩු වෙනවා.(unsprung weight එක අඩු වෙනවා ).steering එක හැසිරවීම පහසු කරනවා.
• වාහනයෙ වටිනාකම ඉහළ යනවා
• Steel wheel වලට වඩා මලකෑම අඩුයි
• Brake කාර්යක්ෂමතාවය වැඩියි.
• ඇදවිමි ඉරිතැලිමි අඩුයි
• සාමාන්‍යායෙන් steel වලට වඩා පළල් නිසා පාර සහ රෝද අතර හොඳ සම්බන්ධයක් තියනවා
• ඉන්ධන පරිභෝජනයේ වෙනසක් වෙන්න පුළුවන්
Alloy Wheel එකෙ මලකෑමක් හෝ පොතු ගැලවී යාමක් දකින්නට ලැබුණොත් එ් සඳහා ඉක්මනින් ප්‍රතිකර්මයක් කිරිම වැදගත්..
පොතු ගැල්වීමි සීරිමි වලට නමි් buff කිරීම මගින් නැවත පෙනුම ලබා ගන්න පුළුවන්..
එ් වගේම alloy wheel ඇදවිමි පවා අලුත්වැඩියා කර ගත හැක.
wheel ඇදවිමි මගින් steering vibrations ,tire side wearing වෙන්න පුළුවන් .අලුත්වැඩියා කරයින් පස්සෙ wheel balance කරලා Wheel alignment එකකුත් කරගන්න .
හැබැයි ඉතිං ඇද වෙච්චි wheel දක්ෂ කාර්මික මහතෙකු ලවා කර ගත්තොත් තමයි වඩාත් හොඳ.
ගොඩක් අය කරන වැරැද්දක් තමයි නොගැලපෙන alloy wheel වාහනයට එකතු කරන එක..
උදාහරණයක් විදියට ඔයාගෙ car එකෙ rim size එක 12” නමි ඔයා එකටත් 14 size එක දානවා කියන්නේ brake,steering ,bearing මෙ හැමදේකටම බලපෑමක් ඇති වෙනවා.
එහෙම දානවානම් ලෝ ප්‍රොෆයිල් ටයර් එකක් දාන්න කලින් ටයර් එකේ විශ්කම්භයට සමාන වෙන්න. ඒ කියන්නේ සමස්ථ විශ්කම්භය කලින් අගයට සමාන වෙන්න.
( එතකොට වියදම වැඩිවෙන එක තමයි වෙන්නේ .ඊට වඩා නරකද standard size එකෙන්ම alloy wheel දාන එක)
එහෙම නැතිනම් මීටර් රීඩින් වෙනස් වෙන්න පුළුවන් නියම ස්පීඩ් පෙන්වන්නේ නැතිවෙන්න පුළුවන්.
කොහොම වුනත් නිතර යන්න එන්න තියන පාර ගැනත් සැලකිලිමත් වෙන්න.මොකද අධික ලෙස වළවල් සහිත මාර්ගයක් නමි wheel ඇද වෙන්න තියන ප්‍රතිශතය වැඩියි..
alloy wheel brand කිහිපයක්....
• 1. BBS
• 2. Volk
• 3. Vossen
• 4. Ronal
• 5. Konig
• 6. Enkei
• 7. Moto Metal
• 8. Fuel
• 9. Gram Lights
• 10. Rugged Ridge
මිෙ තොරතුරු වල යම් අඩුපාඩුවක් හෝ නිවැරැදි කිරීමක් තියනවා නමි..... මේ සම්බන්ධව මීට වඩා දැනුම තියන අය අය අනිත් අයටත් දැනගන්න comment එකක් දාගෙන යන්න...



Source:- Car Boys's FB Page
repost nam sorry wenna ona