ජොබ් එකේ වැඩ වලදි සෑහෙන්න මිස්ටේක් වෙනවා. මගෙ වගකීම් මග ඇරෙනවා. පවරපු වැඩ මග ඇරෙනවා. බැනුමුත් අහනවා. පඩිත් කැපෙනවා. සමහර වැඩ හිතලම කල් දැමෙනවා. අමාරු වැඩ, මගෙ කම්ෆටබල් සෝන් එකෙන් පිට වැඩ එහෙම. බොහොම සුළු දේවල් පවා. රූටින් එකෙන් පිට වැඩක් සෙට් වුනොත් ට්‍රැක පනිනව. ජොබ් එකේ වගේම පුද්ගලික ජීවිතෙත් කල යුතු වැදගත් වැඩ මග අරිනවා. ඒවට excuses මමම හදාගන්නවා. කල් දාන්න හේතු හොයාගන්නවා. ඒව මමම සාදාරනීකරනය කරගන්නවා. මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න බයයි. අකමැතියි. මගෙ කුටුම්භයෙ තනිවෙලා ඉන්න කැමති.
අනාගතේ ගැන බලාපොරොත්තු මුකුත් නෑ. ප්ලෑන් එකක් නෑ. කන්න බොන්න ඕන නිසා රස්සාව කරනවා. අලුතෙන් දෙයක් කරන්න, අඩියක් ඉස්සරහට තියන්න ඕන කියල හිතෙනවා. ඒත් කරන්න බෑ. කරන්න දෙයක් හිතාගන්න බෑ කිව්වොත් වඩා නිවැරදි. පිළිවෙලට අඳින්න පළඳින්න කිසි උවමනාවක් නෑ. අනේ මොකටද ඕව කියල හිතෙනවා.
අනිත් අයගෙ ඇචිව්මන්ට්ස් දැක්කම ඩිප්‍රෙස් වෙනවා. මට අනාගතේ මොනවා වෙයිද කියල හිතෙනවා. මොනාහරි කරන්න ඕන කියල හිතනවා. වඳුරා ගෙවල් හදනව වගේ තමයි. රැයක් එළි වෙනකොට ඒ ඔක්කොම යට ගිහින් පුරුදු ජීවන රටාවට යනවා.
ඉස්සර ඉඳලම මම එච්චර සෝශල් පුද්ගලයෙක් නෙමෙයි. මගෙ ලෝකෙට වෙලා ඉන්නයි කැමති. ඒත් ඒකෙන් මේ තරම් ජීවිතේට බලපෑමක් වෙලා නෑ මෙච්චර කාලෙකට. ජොබ් එකක් කරගන්නත් බැරි තත්වයක් තියෙන්නෙ දැන්. ඩොකියුමන්ට් වැඩ, record keeping එහෙම පට්ටම අමාරුයි.
මට ABCD ද? එහෙම miserable ජීවිතයක් ගත කරල වැඩක් නෑ.

Last edited: