Amarakeerthi Athukorala's bodyguard.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ කියන්නෙ මේක මිනිසුන් බලාපොරොත්තු වුන "සිස්ටම් චේන්ජ්" එකක් නෙමෙයි තවත් "රෙජීම් චේන්ජ්" එකක් විතරයි කියන එකද...

    නෑ එහෙම දෙයක් අදහස් කලේ නෑ මචං.

    ඕක එක සිද්ධියක් විතරයිනෙ. ඕක ඝාතනයක් උනත් මේ සමාජ පෙරලීම ගැන සමස්තයටම ජෙනරලි අදාල වෙන නිගමනයක් ගන්න හදිස්සි නොවී ඉමු. මේක බොහෝ දුරට සිස්ටම් චේන්ජ් එකක් තමයි මං හිතන්නෙ. ඕනෙ නම් සිස්ටම් රීසෙට් එකක් කියල හිතමුකො. ඊයෙ සිද්ධ උන බොහෝමයක් දේවල් කාටවත් ජීවිත හානි නොවුන මට්ටමෙ ක්‍රියා. හිතන තරම් හෝප්ලස් නෑ සියල්ලන්ම.

    ඒත් ලාංකීය සමාජෙට සාපයක් උන සමූහ ප්‍රචන්ඩත්ව රෝග ලක්ෂණේ පැහැදිලිව මෙතනත් පේන්න තියනව. ඒව නැති කරගැනීම මේ අරගලයෙ කොටසක් නොවුනොත් ඉතින් ඒක සම්පූර්ණ නෑ තමයි. ඒත් ඒ කෑල්ල අල්ලන්නවත් සූදානම් නෑ මිනිස්සු. සමහර අය කියන විදිහට නම් මේක ආර්ථික ගැටලුවක් විතරයි, වෙන සමාජීය කාරනා ගැන කතා කිරීම ජෝක් එකක්. නෑ අරගලයෙ මේ ඔක්කොම අඩ්‍රස් වෙන්න ඕනෙ. ඒව නොවෙද්දි මිනිස්සු හැසිරෙන හැටි පේනවනෙ.

    ඊයෙ මිතුරියක් එක්ක කතා කරද්දි එයා කිව්ව මුන්ව (ඒ කිව්වෙ දේශපාලඥයන්ව සහ පවුලෙ අයව) මරල දැම්මත් කමක් නෑ කියල. එයා මෑතකදි රාජපක්ෂ විරෝධියෙක් උන ex-බයියාවියක්. මම එයාටත් කිව්වෙ උඹලගෙ දේශපාලනෙ මාරු උනාට හිතේ තියන මරුමුස් ගතිය වෙනස් වෙලා නෑනෙ කියල. මේක ලොකු ගැටලුවක්. බයියො ටොයියො වෙනසක් නැතුව ෆේල් මෙතනදි.

    ඉතිහාසෙ පලවෙනි වතාවට 'තමන්ට'- ඒ කිව්වෙ සිංහලුන්ට- එලිපිට ගැහීම නිසා රාජපක්ෂල සතුරෙක් විදිහට දකින්න පටන් ගත්තට ඒ කාලෙ රාජපක්ෂල රජවරු විදිහට සැලකුවෙත් අපේ මිනිස්සුන්ගෙ ලේ ඉල්ලන ආසාවන් වලට කේටර් කරපු නිසාම තමයි. ඕක අඳුනගන්න කෙනෙක්ට මෙතන සෙන්ට්‍රල් දුර්වලතාවය මොකක්ද කියන එක තේරෙනවනෙ.
     
    Last edited: