මට දැනගන්න ලැබෙන විදිහට මේ මනුස්සය සුයිසයිඩ් කරගෙන නෙමේ මරල. රිලයබල් මූලාශ්‍ර. අපි ඇත්තටම දන්නෙ නැහැ කොහොමද මනුස්සය මැරුනෙ කියල, කොච්චර රිලයබල් තොරතුරු ආවත්. ඒත් කියන විදිහට ඝාතනයක් නම් ඒක අප්සට් පැත්තකට සිද්ධිය ඇදන් යනව.
මිනිහ මැරෙන්නෙ අහේතුකවත් නෙමේ එයා වටේ මිනිස්සුන්ට හානියක් කරන්න හැදුවයින් පස්සෙ. ඒත් මිනිස්සු ගහල මැරුව නම් ඒක මරන්න සාධාරණ හේතුවක් නෙමේ.
මෙයාල කොච්චර අප්‍රසන්න මිනිස්සු උනත් මිනිහෙක්ගෙ අවසානය මෙහෙම විසඳිය යුතු නැහැනෙ. මෙතන තියන අවුල ඒක මාධ්‍ය වාර්තා කරන්නෙ සියදිවි හානි කිරීමක් විදිහට. හැමෝම තමන්ටම බොරු කරගන්නව. ඉතින් මේවම නෙමේද මහින්දලත් කලේ මන් අහන්නෙ. එයාලත් මිනිස්සුන්ව එලිපිට මැරුව, ඊට පස්සෙ මිනිස්සු තමන්ටම බොරු කරගත්තා ආ ඒ මැරුනෙ රටට හානිකර මනුස්සයෙක් වෙන්න ඇති කියල.