Amarican Drone යානාවෙන් සෙල්ලම් බඩුවක් සාදයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    Amarican Drone යානාවෙන් සෙල්ලම් බඩුවක් සාදයි

    පසුගිය දෙසැම්බර් මස ඉරානය තුළ ඔත්තු බලමින් සිට ඉරාන ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකානු ඩ්‍රෝන යානාව නැවතත් ඇමෙරිකාව වෙත භාරදෙන ලෙස ඔබාමා පරිපාලනය විසින් ඉරානයෙන් ඉල්ලීමක් කර තිබින.:rolleyes::rolleyes:

    එහෙත්, එම යානාව ඉරාන ගුවන් හමුදාව සතු දේපලක් බැවින් නැවතත් ඇමෙරිකාව වෙත භාරදිය නොහැකි බව ඉරානය විසින් එයට පිළිතුරු වශයෙන් ඇමෙරිකාවට ප්‍රකාශ කර තිබින.:D:D

    මෙම ඇමෙරිකානු ඩ්‍රෝන යානාව සම්බන්ධ අපුරු පුවතක් දැන් ඉරානයෙන් ලෝක මාධ්‍ය වෙත වාර්තා වෙමින් පවතී.
    එම ඉරාන‍යෙන් වාර්තා වන නවතම වාර්තා වලට අනුව ඉරාන ව්‍යාපාරිකයින් පිරිසක් විසින් එම ඇමෙරිකානු ඩ්‍රෝන යානාවේ 1/8 කට කුඩා කර සාදන ලද කුඩා සෙල්ලම් ඩ්‍රෝනයක් ලබන මස ඇමෙරිකානු වොෂින්ටන් පරිපාලනයට ත්‍යාගයක් වශයෙන් ලබා දීමට සැර‍සෙන බව සඳහන් වේ.:eek::eek:

    එම ඇමෙරිකානු සෙල්ලම් ඩ්‍රෝනාවන් ඉරානයේ ටෙහෙරාන් වෙළඳ පොළේ ද, ජනප්‍රිය සෙල්ලම් බඩුවක් ලෙස විකිණීම එම ව්‍යාපාරිකයින්ගේ අපේක්‍ෂාව බව සඳහන් වන අතර ඔවුන් විසින් එක් ඇමෙරිකානු සෙල්ලම් ඩ්‍රෝනාවක් අලෙවි කිරීමට අපේක්‍ෂිත මුදල ඉරාන රියාල් 70,000 කි. එනම් ඇ. ඩො. 4 කි.:dull::dull::baffled::baffled::rolleyes::rolleyes:

    කෙසේ හෝ ඉරාන වාර්තාවලට අනුව ඉරාන ගුවන් හමුදාව විසින් අල්ලා ගනු ලැබූ ඇමෙරිකානු US RQ-170 Sentinel stealth නම් ඩ්‍රෝන යානාව ඉරාන ජනතාවට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කර තවත් වසර දෙකකින් ප්‍රසිද්ධියේ වෙන්දේසී කිරීමට ඉරාන බලධාරීන් සැරසෙන බවට, එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.:baffled::baffled:



    Sources

    http://rt.com/news/iran-us-drone-toy-965/

    http://abcnews.go.com/Blotter/iran-give-us-drone-back-toy-form/story?id=15379182

    http://www.telegraph.co.uk/news/wor...romises-to-return-US-drone-as-a-pink-toy.html

    http://lankacnews.com/sinhala/foreign-news/43817/
     
    Last edited: