Amazing nilgala forest..!

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    සෑහෙන කාලෙකට පස්සෙ පොඩි thread එකක් දානව.ඒත් ඉතින් travelling එකක්ම තමයි.පොඩි පොඩි වැරදි ඇති,සමා වෙන්න ඕන ඒකට.වැඩි විස්තර නැතුව මම කෙලින්ම ගමනට යන්නං..

    හැමෝම අහල ඇති ගල්ඔය ජාතික වනෝද්‍යානය ගැන. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහත්මයගේ සංකල්පයක් වන ගල්ඔය ව්‍යාපාරයේ මුල් පියවර විදියට 1949දි හදපු සේනානායක සමුද්‍රය කියන ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය තමයි ගල්ඔය ජාතික වනෝද්‍යානය කියන්නෙ.ලංකාවේ තියෙන වැඩිම ජල ධාරිතාවක් සහිත ජලාශය තමයි සේනානායක සමුද්‍රය කියන්නෙ.එක හදනකොට තමන්ගේ වාසස්ථාන නැති උන සත්තුන්ට තමයි මේ වනෝද්‍යානය වෙන් කරලා තියෙන්නෙ.ලංකාවේ දැකගන්න පුළුවන් ගොඩක් සත්තු මෙහෙදී දැක ගන්න පුළුවන්.විශේෂයෙන් අලියා ,වලහා සහ කුරුළු වර්ග.ගල්ඔය වනෝද්‍යානය බලන්න යනවා නං පැති දෙකකින් යන්න පුළුවන්.නිල්ගල සහ ඉඟිනියාගල තමයි ඒ.නවතිනවනන් සංචාරක බංගලා(එක්ගල්ඔය බංගලාව) නං තියෙන්නෙ එකයි.එකත් තියෙන්නෙ park ඒකට 20km විතර දුරින්.ඒ උනාට camp site 5ක් තියෙනව.

    උඹල බලනවා ඇති මේ මොකටද මේවා කියවන්නෙ කියල. අපි මෙදා පාර ගියේ එහෙ.එකයි.මොකද අපි හැමෝටම ඔන වෙලා තිබුන පොඩි වෙනසක්.අපි ගොඩක් වෙලාවට යන්නේ කඳු නගින්න ,එහෙම නැත්තන් හීතල පලාත්වලනේ.ඒ නිසා පොඩි වෙනසක් කරන්න කියල හිතාගෙන ගියා වෙනස් කැලෑවකට.

    අපි මේ ගමන යන්න මුලින් හිතාගෙන හිටපු දවස් වෙනස් වෙලා කොහොමහරි හදිසියේම වගේ යන්න උනා එක යාලුවෙක් නිසා.අපි ගියේ September 12,13,14,15 .මුලින් යන්න 8 දෙනෙක් හිටියත් හැමදාම වගේ දෙන්නෙක් හැලුන.අපිට එච්චර plan කරන්න කාලෙකුත් තිබුනේ නෑ.ගමන ගියේ අපේ යාලුවෙක්ගේ ජීප් එකක.එකෙත් පොඩි අඩුපාඩු ටිකක් තිබුන එව හදගන්නත් කාලේ තිබුනේ නැති නිසා හොඳ හොඳ කටුත් කෑවා.

    අපේ ගමන් මාර්ගය උනේ මේක.අපි මුලින් නුවරින් යන්න හිතන් හිටියට වාහනේ ප්‍රශ්න ටිකක් ආපු නිසා අපි මේ පාරෙන් ගියේ.පට්ට දුරයි.


    ආවේ මේකෙන්.


    පාරවල් නං ඔක්කොම සුපිරියටම හදල තියෙනව.park එක ඇතුලෙ යන්න නං ටිකක් උස වාහනයක් තියෙනවනං හොඳයි.

    අපි ගමන පටන් ගන්න හිතන් හිටියේ උදේ 4ට.ඒත් පොඩි පොඩි වැරදි නිසා අම්බානක පරක්කු උනා.

    යන ගමන් තැඹිලි ගෙඩියක් බිව්වා.


    ටිකක් අමුතු දෙයක්..


    උඩ වලවේදී මෙයාව දැක්කෙ.කොච්චර කිවුවත් මිනිස්සු හැදෙන්නෙ නෑ ලංකාවෙ නං.අපි යද්දිත් set එකෙක් කෑම දෙනව.


    ඇත්තටම කිව්වොත් අපි කියන්න බැරි තරන් පරක්කු වෙලා හිටියෙ.උඩ වලවෙදිත් වෙලාව 5 පහු වෙලා.අපි බිබිලට යන්නත් ඕන.කීයට හරි යනවා කියල හිතාගෙන ඇද්ද..

    යන ගමන් බඩ ඉරිඟු කරලක් කාල බෙලි මල් එකක් බිව්වා.




    ආපහු ගමනෙම තමයි.වැල්ලවාය කිට්ටුවට වෙනකන් එක දිගටම ගියා.පාරෙ ගිය ice cream ලොරියක් දැකල නැවැත්තුව.

    පොඩි කාලෙ මතක් වෙලා..


    ඔක්කොම කාල ඉවර වෙලා පොඩි photo shoot එකක් කරනකොට ටයර් එකක හුළං නෑ කියහන්කො..

    ටයර් එක මාරු කරන ගමන්.


    කොහොමහරි town එකේ කඩයක් හොයාගෙන patch එක දාගන්න හැදුවත් හරි ගියේ නෑ.හිත හයිය කරගෙන යනවා කියල හිතාගෙන ගමන පටන් ගත්ත ආපහු.කොහොමහරි අපි බිබිලට එනකොට හරියටම 11.30යි..අපේ යාළුවගේ නිල නිවසටත් ගිහින් කතා කරලා තෙල් ටිකකුත් ගහගෙන පිටත් උනා නිල්ගලට.අපිට entrance එක හොයාගන්නත් සෑහෙන වෙලාවක් ගියා.එතනින් ඇතුල් වෙලා කිලෝමීටර් 8ක් විතර යන්න ඕන park office එක ළඟට.අහන්න කිසිම කෙනෙක් නෑ,ඒ උනාට හැරෙන්න පාරවල් ගොඩක් තිබුන.අනික අලි..දෙයියන්ගේ පිහිටෙන් අපිට කිසිම කරදරයක් උනේ නෑ..පාර වරදුනෙත් නෑ.1 විතර වෙනකොට අපි ආව park office එක ළඟට.ආපු ගමන් කිසි දෙයක් කලේ නෑ,මෙට්ට ටික අරගෙන නිදා ගත්ත හොඳ තැනක් හොයාගෙන.office එකේ එකෙක්වත් ආවේ නෑ මේ කවුද කියල බලන්නවත්..අපිට පොඩි බයකුත් තිබුන අලි ගැන.මොකද අපි එනකොට අලි බෙටි තිබුන අලුත් ඒවා office එක ළඟම.

    උදේ ඇහැරිලා බලනකොට අපි නිදාගෙන තියෙන්නෙ office එකේ වාහන park කරන තැනක.

    තවම නිදි,


    එහෙමම උදේට කාල පිටත් උනා camp site එකකට.

    අපි නිදා ගත්ත තැනට ඉස්සරහ.


    එතනට එන පාර

    (photo credit dileepa)

    උදේ කෑම.


    ඔය බල්ලෝ ටික මාර ආතල් එකක් දෙන්නේ වෙලාවකට.


    අලුත් job එකක් සෙට් වෙලා.


    park office එක ලඟම තියෙනවා වෙලක්.අපි එක බලන්නත් ගියා.යනකොට ගොයම් කපනවා.


    එතන පොඩි පැලක් තිබුන,කලින් ආව නං එකේ ඉන්නත් තිබුන.


    මේ තියෙන්නේ නිල්ගල range office එක.එහා පැත්තේ තියෙන්නේ අපි නිදා ගත්ත තැන.


    ඊට පස්සේ අපිට වෙන් කරලා තිබුන camp site එකට යන්න පිටත් උනා අපේ මග පෙන්වන්නත්(රණවීර) එක්ක.යන ගමන් මගදී හම්බුනා ලොකූ ගල් ගොඩක්.රණවීර අයිය කියපු විදියට නිල්ගල කැලේ හරහා ඉස්සර තිබිල තියෙනවා අනුරාධපුර ඉඳල කතරගමට පාරක්,එකේ ඉතුරු වෙච්ච දේවල් තමයි ඒ..


    Amazing nilgala!


    මේ තියෙන ගස් ගොඩක් තියෙන්නෙ ගොඩක් වටිනා ඖෂධ ශාක වර්ගලු.ගොඩක්ම තියෙනවා කිව්වේ අරළු ,බුළු ,නෙල්ලි කියන ඒව.


    ඊට පස්සේ අපි ආවේ නිල්ගල තියෙන එක camp site එකකට.කලින් දවසේ අපි කලින් ආව නං මෙතන තමයි ඉන්නේ.මෙතනට කියන්නෙ මහා දොරොව්ව කියල.


    එතනින් යන ගඟ.


    එතන ටිකක් වෙලා ඉඳල අපි පිටත් උනා මකරෙට.මකරේ කියන්නෙ ටිකක් අමුතු තැනක්.සේනානායක සමුද්‍රයට වැටෙන ප්‍රධාන ගංගාව තමයි ගල්ඔය කියන්නෙ.අන්න එක සේනානායක සමුද්‍රයට එකතු වෙන තැන තමයි මකරේ කියන්නේ.විශේෂත්වය තමයි එක කෙලින්ම එකතු වෙන්නේ නෑ.එක තැනකදී වතුර පාර ලොකු ගල් ගොඩක් යටින් යනවා.ඊට පස්සේ මතු වෙන්නේ ජලාශයේ මැද්දෙන්.අපිට ඒ තැන් දෙකම බලන්න අමාරුයි..වතුර පාර මතු වෙන එක නං බලන්න පුළුවන් බෝට්ටුවෙන් ගියොත්.මකරේ කියන්නේ ඉස්සර camp site එකක්.එත් දැන් දෙන්නේ නෑ සංචාරකයන්ගේ ආරක්ෂාවට.හේතුව තමයි මෙතන ගොඩක් ගල් ගුහා තියෙනව,ඒවා දිවියන්ගේ වාසස්ථාන.දවල්ට ඇවිල්ල නාල ආතල් එකක් අරන් යන්න පුළුවන් පරිස්සමින්.හැබැයි පරිස්සමින්.

    camp site එකට ගල්ඔය පෙන හැටි.


    මේ තියෙන්නේ මකරේ.මෙතනට ගිල්ම කියලත් කියනවලු.


    සේනානායක සමුද්‍රය.


    ඔය පේන ගල් යටින් තමයි වතුර පාර යන්නෙ.


    ඔය ගඟේ එහා ඉවුර.අපිට ඒ පැත්තට යන්න එපා කිව්ව හැම තැනම යටින් වතුර යන නිසා හිටපු ගමන් ගිලා බහිනවලු.


    ගෙවල් දෙක තුනක් හදන්න පුළුවන් වැලි නං තිබුන.


    එතන පොඩි චැට් එකක් එහෙම දාල ආව ටිකක් නාගන්න කියල.නාන්න නං නියම place එක මකරේ.

    අපි සෙට් එක.


    අපි නාපු තැන.


    චූටි දිය ඇල්ලක්.


    ඊට පස්සේ අපිට පිනා chance එකක් වැදුන.එතනට ඇවිල්ල හිටපු set එකක් අපිට දවල්ට කෑම දුන්න.එතන ලස්සන පොඩි නංගියෙකුත් හිටියලු..

    අපේ දවල් කෑම.


    අපි එතනින් හොඳට කාල ආව අපේ camp site එකට.එතනට කියන්නේ මඩුගස්පිටිය කියල.මෙතන තවම list කරල නෑ..නියම place එක.

    අපේ camp site එක.


    එතනින් යන ගඟ.


    ඊට පස්සේ අපි උයන්න ලෑස්ති උනා රෑට. ඇත්තටම අපි නෙමෙයි සජ්ජ විතරයි..ඌ නැත්තන් අපි හාමතේ. ගොඩක් ස්තුතියි මචං..!ඒ අතරේ අනික් අය අපිට නිදා ගන්න තැනට පොඩි වහලක් ගැහුව.අපි කොහෙවත් tent ගෙනියන්නෙ නැති නිසා.


    උයල ,කාල,පොඩි BBQ ආතල් එකක් දාල, පොඩ්ඩක් set වෙලා එහෙම කට්ටිය නිදා ගත්ත හොඳට.ඇත්තටම දිලීපගේ මෙට්ට ටිකට පින් සිද්ද වෙන්න හොඳට නිදා ගත්ත.

    BBQ එක..

    (photo credit shash)

    අපේ පුංචි ගෙදර.


    දිලීප special ..!

    (photo credit shash)

    Good Morning ....!


    අපිට රණවීර අයිය නං කිව්ව පුළුවන් තරන් උදෙන් පිටත් වෙන්න කියල අපේ ඊළඟ නවාතැන තියෙන්නේ ටිකක් දුර නිසා.ඒත් අපිට නාන්න ගොඩක් වෙලා ගිය නිසා එදත් පරක්කු තමයි.ඒත් අපේ fun එක ඔක්කොටම වඩා අපිට වටිනව.


    අපි නාපු තැන.


    එතනින් පටන් ගත්ත ගමන අපි ඉවර කලේ නාමල් ඔය හරහා ඉඟිනියාගල park office එකෙන්.එතනින් අපි කොස්සපොල කියන camp site එක වෙන් කරගෙන අපිව එතැනදී බලාගන්න කෙනා වන බණ්ඩාර මල්ලිවත් දාගෙන එතනට එන්න පිටත් උනා.එච්චර දුර නෑ.

    ආපු ගමන් වැඩ පටන් ගත්ත.ඒක අපිට ලේසියි රෑට.




    මේ තියෙන්නේ කොස්සපොල..මේක තමයි මම හිතන්නේ ගල් ඔය තියෙන හොඳම camp site එක.මාර view එක.


    එතනට පෙන සේනානායක සමුද්‍රය.




    ඉර බැහැගෙන යන වෙලාවට මාර ලස්සනයි.!




    ඒ අතරේ කට්ටිය වැඩ.


    වැවේ අනික් පැත්තෙන් මේ පළාතේ අයිතිකාරයෝ ටිකත් එලියට බැස්ස.අපි ළඟ ලොකු tele ලෙන්ස් එකක් තිබුනේ නෑ.නැත්තන් හොඳ photos ටිකක් ගන්න තිබුන.එතන මම හිතන්නේ 25ක් 30ක් විතර රංචුවක් හිටිය.හවස ඇවිල්ල නාල පීනලා යනවලු වැවේ.විශේෂයෙන් මේ වැවේ අලි පීනනවට ප්‍රසිද්දයි.

    (photo credit dileepa)


    (photo credit dileepa)





    ගිනි ගොඩත් පත්තු කරලා BBQ එකත් සෙට් කළා.


    අපේ BBQ එක.ඒකට ගිනි තියලද මන්ද අපි..

    (photo credit shash)


    (photo credit shash)

    ජීප් එකත් ගෙනාව..




    මෙතනට අහස පේනවා මාර ලස්සනට.!වලාකුළු තිබ්බෙම නෑ වගේ.night photo shoot එකක්..


    හොඳට ගහල එහෙමම කාල නිදා ගත්ත.සමහර අයට නං වැඩිත් උනාලු..කැමරාවකුත් පොලවේ ගැහුවලු.අයියෝ සල්ලි..!ඒ අතරේ අලි පීනල ඇවිල්ල තියෙනවා අපේ පැත්තට අපේ බණ්ඩාර මල්ලි කියපු විදියට.නරි set එකක් හිටිය අපේ ලඟින්ම.BBQ එකට ආස හිතිලා.තව හඳුන් දිවියෙකුත් ඇවිල්ල ගියාලු..

    උදේම ඇහැරිලා ගෙදර එන්න ලෑස්ති උනා.උදේට කාල දවාලට කෑම එක ready කරගත්ත අරන් ඇවිත් මගදී කන්න.

    අපිට කලින් ඇහැරිලා කෑම හොයන කෙනෙක්.

    (photo credit dileepa)

    අපේ දවල් බත් එක.


    ඊට පස්සේ සෙට් උනා group photo එකට.

    Nice!!


    මුන්ට පිස්සු..අමිල ඔය කැමරාව දීපන් ළමයෙකුට.!


    අපි..

    (photo credit shash)

    එතන photo shoot එක කරලා ඉවර වෙලා පිටත් උනා ගම් රටවල් වලට එන්න.

    good bye..!

     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    එන ගමන් කඩේකට ගියා තේ එකක් බොන්න.හරි හොඳ මනුස්සකම් දන්න මාමා කෙනෙක් හම්බුනා එතැනදී.ඒ කඩේ අයිතිකාරයා.අපිට ගල්ඔය ගැන ගොඩක් දේවල් කියල දුන්න මිනිහ.


    ඇත්තටම අපිට photo එකක් මහා දෙයක් නොවුනට මේ මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්.අපෙන් අහනවා කොහොමද කියල ගත්ත photo එක එවන්නෙ.එක print කරලා යවන්න ඕන බන්..

    මේ ඉන්නේ ඒ මාම.අව්‍යාජ ගැමි කම.


    එතැනදී දැක්කෙ.ආදරය, ජීවිතය සහ රැකවරණය.

    (photo credit dileepa)

    ඊට පස්සේ කෙලින්ම බිබිලට එන්න පිටත් උනා.

    සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම.


    මට කවුරු හරි එකෙක් කියපල්ලකෝ මේකෙන් මොකක්ද කියන්නේ කියල.


    එන ගමන් දැකපු නාමල් ඔය ජලාශය.


    වැව් බැම්ම දිගේ.


    බිබිලට ඇවිල්ල වාහනේ පොඩි checkup එකකුත් දාගෙන පිටත් උනා නුවරට එන්න.අපේ කොල්ලෙක්ගෙ වෙන්ඩ වයිෆ් මග බලාගෙන හිටපු නිසා අපි පොඩ්ඩක් ඉක්මන් කළා.

    මගදී දැකපු ලොග්ගල් ඔය ජලාශය.

    (photo credit shash)

    මගදී නැවතුනා මොනා හරි කාල යන්න.


    ඊට පස්සේ අපි ආවේ අපේ යාළුවගේ ගෑනු ළමයාගේ ගමට.එහෙ තියෙන ගඟකින් නාල දවල්ට කෑවා බඩ පිරෙන්න.

    අපි නාපු තැන.


    දවල් කෑම කනවා.


    ඊට පස්සේ රජ මාවත දිගේ නුවරට එන්න පිටත් උනා.එන ගමන් මිණිපේ අමුණ ගාව පොඩ්ඩක් නැවතුනා.ඒ හරිය වෙනකොට කළුවර වැටෙන්න පටන් අරන් තිබුන නිසා හොඳ photo එකක් ගන්න බැරි උනා.


    ඊට පස්සේ නැවතුනේ රන්දෙනිගල dam එක ළඟ..එතැනදී කැමරාවේ බැටරිත් බැස්ස කියහන්කෝ.

    dam එක.


    මෙතනින් පස්සේ ෆොටෝ ගැහුවෙත් නෑ.තෙල් ටිකක් ගහගෙන ආව ගෙදර.හැමෝම ගෙවල් වලට යනකොට 2 විතර උනා මගේ හිතේ..

    ඉතින් මේක මෙච්චර වෙලා උඹලගේ කාලය වෙන් කරගෙන කියෙව්වට ගොඩක් ස්තුතියි.කව්රුහරි මොනවා හරි දැනගත්ත නං එච්චරයි මට.

    අපි මේ ට්‍රිප් එකේදී ගත්ත ආතල් නං එමටයි.!කියල වැඩක් නෑ.ඒ හැමදේටම ගොඩක් අය උදව් කළා.විශේෂයෙන් මතක් කරන්න ඕන බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් මහතාවත් ,ගල් ඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බුද්ධික මහතාවත් ඒගොල්ලන්ව අපිට සම්බන්ධ කරලා දුන්න අපේ නාමල් අයියවත්..ඊට පස්සේ අපිව පරිස්සමින් කැලේ ඇතුලේ එක්කන් ගිහින් අපිට ගොඩක් දේවල් කියල දුන්න අපේ මග පෙන්වන්නෝ දෙන්න උන රණවීර අයිය සහ බණ්ඩාර මල්ලිව.. අපිට පලවෙනි දවසේ දවල්ට කෑම උයාගෙන අපි එනකන් බලන් හිටපු ඒ නංගිවත්.

    ඊට පස්සේ ඉතින් හැමදාම වගේ මොනවා උනත් කොහොමහරි මේ ගමනට සහභාගී උන අපේ set එක මතක් කරන්න ඕන..විශේෂයෙන් අපිව මේ ගමන එක්කන් යන්න දිවා රෑ නොබලා නිවාඩු දාගෙන වාහනේ වැඩ ටික ඉවර කරපු මාධව ,කිරි කැටියෙක් ගෙදර දාල ඇවිල්ල අපිට මුළු ගමනේදීම තමන්ගේ වැඩත් පාඩු කරගෙන උයල කන්න දීපු මගේ අතිජාත මිත්‍ර සජාන් සහ අපිට සැපට නිදා ගන්න මෙට්ට ටික ගෙනල්ල දීපු අපේ දිලීප සහෝදරය වගේම හැමදාම හැමදේටම ඉන්න අපේ ලක්ෂාන් මල්ලිටත් අලුතෙන් එකතු උන අමිලටත්.

    මේ ඉන්නේ අපේ ගමන් සගයා..

    (Photo credit Dillepa)

    Photography කරන අයට වැදගත් වෙයි.අපි පාවිච්චි කලේ මේ ටික තමයි.

    (Photo credit madhawa)

    Canon 70D with sigma 18-35mm f1.8 dc hsm
    Canon 1000d with Canon EF-S 18-55mm 1:3.5-5.6 IS & EF-S 55-250mm f/4-5.6 IS II
    Nikon D5100 with sigma 17-50mm f2.8 ex dc os hsm
    Samsung WB350F
    HTC m9

    මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවනං සමා වෙන්න ඒ වගේම කියල දෙන්න.

    ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා..

    මට කව්රු හරි කෙනෙක් කියපල්ලකො මගේ camera එක service කරගන්න තැනක්.

    අපි ගිය අනික් trip ටිකත් බලාගෙනම යන්න දැකපු නැති යාළුවො.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
    http://www.elakiri.lk/forum/showthread.php?t=1659130
    http://www.elakiri.lk/forum/showthread.php?t=1671463

    හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි..!
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචෝ නියමයි. ෆොටෝ ටිකත් පුදුම ලස්සනයි. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්ත එකට
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    patta pinthura tika,thankz machan ,nodanna dewal godak danagaththa


    ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා..

    මට කව්රු හරි කෙනෙක් කියපල්ලකො මගේ camera එක service කරගන්න තැනක්.



    owa gana katha karala wadak naha ban.apita pulu puluwan widiyata deyak karanawa misa
    owa kiyanna gihina jathiwadi board gahana eka thama anith un karanne



    camera eka service karanna me link deka balanna

    https://www.facebook.com/groups/cameradoctor

    https://www.facebook.com/pramitha.sooriyapperuma
     
    Last edited:

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    patta amchan......aasat umbala wagest ekaka ekka set wela oya wage fun ekaka ganna....kaalekin giye naha...mama '94....ritigala, nuckles harara..meemure(3days), thawa podi kandu tiaka giyaata passe dakkamai mewage aathal ekaka...mathaka una aa kaale gaththa fun eka...A/L 96 mama ..thanx malli a atheetheta ekkan giyaata.....!