Amazon Affiliate ගැන Thread එකක් දාන්න කියලා ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා. ඔන්න ඒ හැමෝම වෙනුවෙන් මේ ත්‍රේඩ් එක දානවා. A -Zකියලා දාලා තිබ්බට මම හැම එකකම Basic දාන්න යන්නේ නැහැ. මොකද ගොඩක් වැඩ අස්සේ මේක දාන්නේ. Basic දේවල් ගූගල් කරලා හොයා ගන්න.
Starting
Pocket Knife එක මතක තියාගන්න. මොකද සම්පූර්ණ Guide එකම යන්නේ මේ Proddcut එක Example එකක් කරගෙන.
මූලික වශයෙන්,
Domain Name - (Exact Match වෙන Domain එකක් ඕනි නැහැ. Brand Domain Name එකක් හරි Guide/Review වගේ Include වෙන
Domain Name එකක් ගන්න. Ex: bestpockeknife.com pocketknifeguide.com )
Hosting - ( ඕන Relailabel Hosting Package එකක්. Shared Hosting එකක් කමක් නැහැ. පස්සේ Upgrade කරගන්න පුලුවන්.)
Theme - (Very Simple Easy to Navigate Theme එකක් ගන්න. Premium එකක් ඕනි. Free ඒවා හරියන්නෙ නැහැ.)
Plugin - (Yoast/ TablePress / SEO Quake තව අවශ්‍ය වෙන ඒවා ඔබට අනුව)
Logo - (හොද Logo එකක් හදා ගන්න. නැතත් වැඩි අවුලක් නැහැ.)
Niche Selection
මුලින්ම ඕන කරන්නේ Niche එකක් නැත්තම් Product එකක්. පහල Chart එක බලලා ඔයාලගේ Niche එක Select කරගන්න.
මේකේ තියෙන්නෙ එක එක Niche එකට අදාලව හම්බ වෙන Commission Rate එක.Niche එක තොරගන්න කොට පුලුවන් තරම් යටට ගිහින් Micro Niche එකකට යන්න.හොදට විකිනෙන Products තියෙන Niche එකක් තෝරගන්න. $40-$200 අතරේ Sell වෙන Product එකක් තොරගන්න මතක තියාගන්න. මොකද ඊට වඩා අඩු එකක් කරන්න ගියොත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ඒක ඔයාගේ කැමැත්ත.
Keyword Research
Niche එක තොරගත්තට පස්සේ අපිට තියෙන්නේ Keyword Research එක කරන්න. ගොඩක් අය ඇන ගන්නේ නැත්තම් Confus වෙන්නේ මෙතනදි.
අපිට ඕන Long Tail Commercial Intent තියෙන Keywords කිහිපයක් හොයා ගන්න එක.මොකද අපිට අනික් Keywords වැඩක් නැහැ. High Competition, Informational Keywords අපි Skip කරනවා. මොකද අපිට SEO වලට යට කරන්න ලොකු සල්ලියක් නැහැ. අනික අපි Adsense ටාගට් කරන්නෙත් නැහැ. Exact Keyword එකකට රෑන්ක් වෙන්න ඕනිත් නැහැ. No Need to be #1 in Google (But if you can that's hell of money)
මතක තියාගන්න අපි හදන්නේ Guide or Review Web Site එකක් කියලා. Keyword Research එකට මම Recommend කරන්නේ ahrefs.com
, Google Keyword Planner, LSI Keywords, Google Trends.
දැන් මේ කියන්න යන ටික පොඩ්ඩක් Deep වැඩි වෙන්න පුලුවන්. ඒත් ගොඩක් දුරට පැහැදිලි කරන්න බෑ. දවසක් විතර යනව ඒම කරන්න ගියොත්. ඒ නිසා තේරෙන්නේ නෑ වගේ නම් ගූගල් කරන්න.
Example: “Best pocket knife”
මේක කියලා හිතන්න ඔයාගේ Keyword එක. Google Search කරන්න. මුලින් එන Site 10ට වගේ යන්න. Ahref Use කරලා ඒ Site Check කරන්න. ඒ සයිට් වල Organic Keyword Check කරන්න. Competitor Analysis කරන්න. Referring Domains & Backlink Quality Check කරන්න. Backlinks Site Check කරන්න ( මේ ටික SEO Part, ඒත් මෙතෙන්ට අදාලයි
ෆිල්ටර් කරලා ගන්න Long Tail Keywords. ඔන්න ඔය විදිහට දිගටම කරලා Low Competition/ Long Tail / Good Search Volume. Keyword ටිකක් හදාගන්න.
Some examples:
Best pocket knife under $100
best tactical folding knife 2018
best edc pocket knife 2018
best assisted opening knives
best switchblade knife
best fixed blade camping knife
best carry knife for self defense
දැන් Keywords ටික ලෑස්තියි. දැන් තියෙන්නේ Content ටික ලෑස්ති කරගන්න. ඒ ටික ඊලග පොස්ට් එකෙන් කතා කරමු



