Ambalangoda සිංහයාගේ කුංචනාදය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Ambalangoda සිංහයාගේ කුංචනාදය

    Fonseka-and-Gota.jpg


    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමෙන්තුවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළේය.දැන් මෛතී‍්‍ර - රනිල් රජයේ කැබිනට් අමාත්‍යවරයකුද වන ඔහු කියා සිටියේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය සැළසුම් කර එල්ල කෙරුණක් බවය.එහි අරමුණ වූයේ ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගැනීම බව ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේය.එදා ගෝඨාභය ගමන් කරමින් සිටි රිය හා බෝම්බ ඇටවූ තී‍්‍රරෝද රථයක් හප්පා එය පුපුරුවා හැර ඔහුව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයෝ උත්සාහ කළෝය.

    ෆොන්සේකා පාර්ලිමෙන්තුවේ පලකළ අදහස් ඬේලි නිව්ස් පුවත්පත වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
    ‘මිීට වසර 10 කට පෙර ගෝඨාභය රාජපක්ෂ ගමන් කරමින් සිටි රථය ඉලක්ක කර එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාරය පෙර සැළසුමකට අනුව සිදුවූවක් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය අගහරුවාදා පාර්ලිමෙන්තුවේදී පැවසුවේය.ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගනු වස් මෙවැනි ගෝඨාභය මෙවැනි සැළසුමක් කි‍්‍රයාවට නැංවූ බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.වත්මන් රජයේ ඇමැතිවරයකු වන සරත් ෆොන්සේකා මහතා අනතුරුව කියා සිටියේ ප‍්‍රහාරයේ වගකීම එල්.ටී.ටී.ඊ ය මත පැටවීමට රාජපක්ෂවරුන් කටයුතු කළ බවය.මේ සමයේ රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. මොන ත‍්‍රස්තවාදියෙක්වත් තමන්ගේ ඉලක්කයට මිීටර 25 ක් එහායින් ඉදන් බෝම්බය පුපුරුවන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වුණු පාර්ලිමෙන්තු විවාදයේදී අදහස් දැක්වූ ෆොන්සේකා පැවසුවේය.‘

    රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක අංශයෙන් හමුදා සාමාජිකයින් ඉවත් කරන බවත් ඒ වෙනුවට පොලිස් කොමාන්ඩෝ සාමාජිකයින් යොදවන බවත් රජය කියා තිබේ. මෙසේ සිදුකෙරෙනුයේ සිවිල් වැසියන්ටද වෙනම ආරක්ෂාව සැපයීමට සිදුව තිබීමේ අමතර බරින් හමුදාව නිදහස් කිරීමට බව සදහන්ය.

    2006 බෝම්බ ප‍්‍රහාරයෙන් ගෝඨාභය දිවි ගලවාගත් නමුත් ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකු මිය ගියහ.ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු වහාම නෝර්වේ රජය හා සම්බන්ධ වූ ශී‍්‍ර ලංකා රජය දෙමළ ඊළාම් විමුක්තිකාමිී කොටි සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. සටන් විරාමයෙන් රජය ඉවත්වූ අතර 2009 මැයි මාසය වන විට එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම පරාජය කැරිණ.

    ව්‍යාජ ඝාතන තැතක් සම්බන්ධව සරත් ෆොන්සේකා පලකළ අදහස් සහ හිටපු ජනපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට රජය පියවර ගනිමින් සිටීම හමුවේ ඒකාබද්ධ විපක්ෂය යැයි තමන්ව හදුන්වාගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායම කලබල කිරීමට ගත්හ. රජයේ පාර්ශවය නියෝජනය කළ මන්තී‍්‍ර පිරිස් සමග ඔවුන් ඉතාම දරුණු වාග් සංග‍්‍රාමයකද පැටලූනෝය. එය ක‍්‍රමයෙන් ගැටුමක් දක්වාම වර්ධනය විය. ගැටුමේ අවසානය සනිටුහන් වූයේ පහර කෑමට ලක්වූ මන්තී‍්‍රවරයකු රෝහල් ගතකිරීමට රැුගෙන යෑමට සිදුවීමෙන් පසුවය.ගුටිබැට හුවමාරු කරගත් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනකුට කතානායකවරයාගේ නියමයෙන් සතියක් යන තෙක් පාර්ලිමෙන්තු යනු තහනම් කලාපයකි.

    ෆොන්සේකාගේ හෙළිදරව්වෙන් දින කිහිපයකට පසු ගෝඨාභය රාජපක්ෂ බරපතල මූළ්‍ය වංචා හා අපරාධ පිළිබද ජනපති කොමිසම හමුවට පැමිණ සිටිනු දැකගත හැකිවිය. ඔහු එසේ පැමිණ සිටියේ රක්නා ආරක්ෂක ලංකා සමාගම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු වලට අවැසි ප‍්‍රකාශයක් ලබාදීම සදහාය.එය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් සිටි ගෝඨාභය වටකරගත් මාධ්‍යවේදීහු ෆොන්සේකාගේ ප‍්‍රකාශය පිිළිබද ඔහුගේ අදහස් විමසූහ.ඊට සිනාසී පිළිතුරු දුන් ගෝඨාභය “එයා යුදහමුදාපති කළාට මටයි ගහන්න ඕනේ” යැයි පැවසුවේය.
    හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉලක්කකර එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය ගැන මෙම ලිපිය ලියැවෙන්නේ එම ප‍්‍රහාරය ගැන රටේ නැවත වරක් කතාබහක් ඇතිව තිබෙන වාතාවරණයකය. මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයකු, නොඑසේනම් කලූ කොටියකු එල්ල කළ එම ප‍්‍රහාරය රටවැසි සියලූම ජනතාව තැතිගැන්මට පත් කළේය.දේශීයව මෙන්ම විදේශීයවද මාධ්‍ය වල අවධානය එයට යොමුවිය.ගෝඨාභයට එල්ල වූ ප‍්‍රහාරය ගැන ඒ අතීත මතකය අවදි කරන්නට මේ සැරසෙන්නේ වසර දහයකට පසුවය.

    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

    2005 වසරේදී මහින්ද රාජපක්ෂ ප‍්‍රථම වතාවට ජනපති ලෙස තේරීපත්විය.ඇමරිකාවේ සිට මෙරට බලා පැමිණි ගෝඨාභය තම සොහොයුරාගේ මැතිවරණ ව්‍යාපාරයේ සැළකිය යුතු මෙහෙයක් ඉටුකළේය.වසර විස්සක පමණ කාලයක් හමුදා සේවයේ නියුතුව සිටි ගෝඨාභය සියල්ල අතහැර 1991 වසරේදී විදෙස්ගත විය.ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයෝ එතැන් සිට ජීවත්වූයේ ඇමරිකාවේය.එරට පුරවැසිභාවය ඔවුනට හිමිය.ශී‍්‍ර ලංකා යුද හමුදාවට බදවාගත් සිව්වැනි කැඩෙට් භට කණ්ඩායමේ සාමාජිකයකුවූ ගෝඨාභය යුද පුහුණුව ලැබූයේ මෙරටදීමය.1949 දී උපත ලැබූ ඔහු හමුදාවට බැදුණේ 1971 දීය.1991 දී හමුදාවෙන් සමුගන්නා විට ලූතිනන් කර්නල්වරයකු ලෙස සේවය කරමින් සිටි ගෝඨාභය පළමු ගජබා රෙජිමෙන්තුවේ අණදෙන නිලධාරියාද විය.
    ජනපති ලෙස පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ තම බාල සොයුරු ගෝඨාභයව මහජන ආරක්ෂාව,නීතිය හා සාමය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත්කළේය.තම පාසල් සගයකුවූ සරත් ෆොන්සේකා හමුදාපති ලෙස පත්කරගැනීමට කටයුතු කළේද ගෝඨාභයයි.මේ සදහා අවස්ථාව ලබාගැනීමට, ඒ වන විට හිටපු හමුදාපති ශාන්ත කොටගොඩ මහතා බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත්කර යැවුණේද ගෝඨාභයගේ නියමයෙන්ය.මෙම සමයේ ඔස්ලෝ කපුකම යටතේ සටන් විරාමයක් කි‍්‍රයාත්මක වෙමින් පැවතියද එල්.ටී.ටී.ඊ ය හා යුද හමුදාව යන දෙපාර්ශවයේම කටයුතු නිසා රට ක‍්‍රමයෙන් යුද්දයක් කරා තල්ලූ වෙමින් පැවතිණ.එල්.ටී.ටී.ඊ යට එරෙහිව දියත් කෙරුණු යුද යාන්ත‍්‍රණයේ සකී‍්‍රය කි‍්‍රයාකාරීත්වයට අවැසි වූ දේශපාලන,පරිපාලන සහ යුදමය නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන තිදෙනාය.

    කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මේ තිදෙන ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීමට සැළසුම් සකස් කළේය.එහි ප‍්‍රතිඵලයක් ලෙස 2006 අපේ‍්‍රල් මාසයේ මරාගෙන මැරෙන බෝම්බකාරිනියක යුද හමුදාපති සරත් ෆොන්සේකා ගමන් කරමින් සිටි රථය ඉලක්ක කර බෝම්බයක් පුපුරුවා හැරියාය.අතිශය බරපතල ලෙස තුවාළ ලැබූවද ෆොන්සේකා දිවි ගලවාගැනීමට සමත්විය.ප‍්‍රතිකාර සදහා යොමුවීමට සිදුවූ හෙයින් මාස කිහිපයක් ගතවන තෙක් යුද සැළසුම් කටයුතු වලින් ඉවත්වීමට ඔහුට සිදුවිය.ෆොන්සේකා සුවය ලැබූයේ පුදුමාකාර වේගයකිනි.මෙම කාලයේ යුද සැළසුම් සකස් කිරීම,කි‍්‍රයාකාරකම් අධීක්ෂණය කිරීම ආදි සියල්ල සිදුවූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය යටතේය.සරත් ෆොන්සේකාගේ අඩුව පිරැවූයේ ඔහුය.ආරක්ෂක ලේකම් ලෙස හිමිව තිබූ බලතලත්, සොහොයුරා රටේ ජනපතිවරයා වීමත් නිසා ඉතාම කාර්යක්ෂම ලෙස යුද මෙහෙයුම් දියත් කිරීමට ගෝඨාභයට හැකිවිය.මේ නිසාම ඔහුව ඉක්මනින්ම අවසන් කර දැමීමේ අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ යට වැඩි වැඩියෙන් දැනිණ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ගෝඨාභය ඝාතනය කිරීමේ මෙහෙයුම තම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්ට භාර දුන්නේය.අනතුරුව සැළසුම් කිහිපයක් සකස් කැරිණ.

    අවසානයේ එක් සැළසුමක් තෝරා ගැනිණ.එය කි‍්‍රයාත්මක කිරීමට නියමිතවූයේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදාය.ඔත්තු බැලීම් වලින් තම නිල නිවසේ සිට කාර්යාලය දක්වා ගෝඨාභය ගමන් කරන්නේ කිසියම් නිශ්චිත රටාවකට අනුව බව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෝ සොයාගෙන තිබිණ.නිල නිවසේ සිට කාර්යාලය බලා යෑමට ගෝඨාභය මාර්ග දෙකක් භාවිතා කළේය.කාර්යාලයට යෑම සදහා එම මාර්ග දෙක මාරුවෙන් මාරුවට යොදාගැනීම ඔහුගේ පුරුද්ද විය.ගෝඨාභය කාර්යාලයට යන සෑම අවස්ථාවකම මාර්ගයේ මංසන්ධි අසළ ආරක්ෂක අංශ ස්ථාන ගතවිය.රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටැවිණ.මේ සියල්ල සිදුකෙරුණේ සුමට සහ ආරක්ෂාකාරීව කාර්යාලය බලා යෑමට ගෝඨාභයට අවකාශ සැළසීමටය.ලහිලහියේ ආරක්ෂක අංශ මාර්ගයේ ස්ථානගත වන දකින ඕනෑම කෙනෙකුට අති සුවිශේෂී පුද්ගලයකු නොබෝ වේලාවකින්ම එම ස්ථානයෙන් ගමන් කරන බව වටහාගැනීමට අපහසු නොවීය.එය ගෝඨාභයගේ ආරක්ෂක සැළසුමෙහි දුර්වලතාවයක් විය.නමුත් මෙම ආරක්ෂක විධිවිධානයේ බරපතලම දුර්වලතාවය වූයේ එය නොවේ.ගෝඨාභයගේ රථ පෙළට ගමන් කිරීම සදහා රථවාහන ගමනාගමනය අත්හිටැවුණද එසේ කෙරුණේ මාර්ගයේ එක් පසෙක පමණකි.ඔහුගේ රථ පෙළ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනයට අවස්ථාව සළසාදී තිබිණ.එහි ඇති අවදානම ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව නොතිබිණ.

    මෙම දුර්වලතාව හදුනාගත් එල්.ටී.ටී.ඊ ය ඒ අනුව සකස් කළ සැළසුම 2006 දෙසැම්බර් පළමුවැනිදා කි‍්‍රයාත්මක කළේය.කිලෝග්?ම් 25 කට ආසන්න බෝම්බයක් තී‍්‍රරෝද රථයකට සවිකෙරුණු අතර එහි රියදුරු වූ කලූ කොටි සාමාජිකයා ගෝඨාභය පැමිණීමට නියමිතවූ මාර්ගයේ අනෙක් පස තී‍්‍රරෝද රථය ස්ථානගත කළේය.

    අනගාරික ධර්මපාල මාවත

    එදින උදෑසන ගෝඨාභයගේ ගමනාන්තය වූයේ අරලියගහ මන්දිරයයි.ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකට සහභාගීවීම සදහා ඔහු යමින් සිටියේය.ගෝඨාභයගේ සොයුරු මහින්ද ඊට පෙර දින ඉන්දියාවේ සිට නැවත ශී‍්‍ර ලංකාව බලා පැමිණ තිබුණේය.ඩිෆෙන්ඩර් රථ,යතුරුපැදි ඇතුලූ නවයකින් සමන්විත ගෝඨාභයගේ ආරක්ෂක පිරිවර ගාලූ පාරට පිවිසීමට අනගාරික ධර්මපාල මාවත ඔස්සේ පැමිණෙමින් සිටියහ. ගාලූ පාරට පිවසීම සදහා යා යුතුවූ ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මාවතේ පිත්තල හන්දියට ආරක්ෂක රථපෙළ ළගාවිය. පිත්තල වලින් තැනූ නොයෙක් අරුමෝසම් භාණ්ඩ පදික වේදිකාවේ තබාගෙන අලෙවි කරන වෙළදුන් මෙම ස්ථානයේ සුලභ දසුනකි.ගෝඨාභයගේ ආරක්ෂාව හා සම්බන්ධ විශේෂ කාර්යබලකා භටයෝ මාර්ගයේ ගමන් කරමින් තිබූ රථවාහන තාවකාලිකව නවතා ගත්හ. ඩබ්ලියු පී - ජීඑච් 0617 අංක දැරූ රතුපැහැති තී‍්‍රරෝද රථයක් මාර්ගයේ අනෙක් පස සිට ආරක්ෂක රථපෙල ඉදිරියට එන්නට ගත්තේ මේ අවස්ථාවේදීය.නමුත් අධික රථවාහන තදබදය නිසා ත‍්‍රී‍්‍රරෝද රථයේ රියදුරුට ආරක්ෂක රථපෙල ආසන්නයටම පැමිණීම දුෂ්කර විය.

    කෙලින්ම රථ පෙල ඉදිරියට පැමිණීමට නොහැකි බව වටහාගත් ඔහු සිවිල් මෝටර් රථ දෙකක් අතරින් තී‍්‍රරෝද රථය ධාවනය කරමින් ආරක්ෂක රථපෙල සමිීපයටම පැමිණියේය.ගෝඨාභය ගමන් කරමින් සිටි වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් රැගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථය ඉදිරියට පැමිණෙමින් තිබූ තී‍්‍රරෝද රථයේ ගැටුණේය.මහා හඩ නගමින් බෝම්බය පුපුරා ගියේය.වේලාව පෙරවරු 10.39 විය.ඩිෆෙන්ඩර් රියේ ගැටීම නිසා බෝම්බය පුපුරා ගියේද යන්න හෝ කලූ කොටි සාමාජිකයා එය පුපුරුවා හැරියේද යන්න පැහැදිලි නැත.ප‍්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේම පාසලක්ද පිහිටා තිබිණ.එමෙන්ම මෙම ස්ථානය ප‍්‍රභූන්ගේ ගමන් බිමන් සදහා නිතර භාවිතයට ගැනුනු මංසන්ධියක්ද විය.

    ගෝඨාභයගේ මෝටර් රථය පසෙකින් ගමන් කරමින් තිබූ ටේ‍්‍රල් වර්ගයට අයත් යතුරුපැදිය මිීටර 20ක් පමණ ඈතට විසිවිය.එය පැදවූ ලාන්ස් කෝප‍්‍රල් විජේරත්න සහ ඩිෆෙන්ඩර් රිය පැදවූ ලාන්ස් කෝප‍්‍රල් පියසිරි යන දෙදෙනාම බෝම්බයට හසුව මියගියහ.බෝම්බයේ සම්පූර්ණ බලය එල්ලවූයේ ඩිෆෙන්ඩර් රියට සහ මෙම යතුරුපැදියටය.එය දේව බැල්මකට හා සමවිය.ගෝඨාභයගේ රථයට එල්ල වීමට තිබූ බලය මේ නිසා යම්තාක් දුරට අඩුවිය.

    මෝටර් රථයේ බොනට්ටුවට, ඉදිරි පස විදුලි පහන් වලට සහ ඉදිරිපස වීදුරුවට ප‍්‍රහාරයෙන් හානි සිදුව තිබිණ.රථයේ රියදුරා සුලූ තුවාළ ලබා සිටියේය.නමුත් ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි ගෝඨාභයගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට සහ පසුපස වම් අසුනේ ගමන් කරමින් සිටි ගෝඨාභයට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත.ප‍්‍රහාරයේ බලයට හසුව මෝටර් රථය විසිවීමේදී හිස වැදීමෙන් ඇතිව තිබූ බමන ගතියක් සහ වීදුරු කැබැල්ලක් වැදීමෙන් ඇතිව තිබූ කැපුමක් හැරෙන්නට ගෝඨාභය නිරුපද්‍රිතව සිටියේය.ඔහුගේ වම් ඇසිබැමේ ඇතිව තිබූ කැපුමෙන් ගලා ආ ලේ බිදු කිහිපයක් කමිස අතේ සහ කොලරයේ ගැවී තිබිණ.
    මෝටර් රථය මාර්ගයේ ඇදීගෙන ගොස් නතර වෙද්දී ගෝඨාභය “මොකද වුනේ” යැයි ඇසුවේය.ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ එච්.ඩී.කපුහේන මහතා “අපිට පහර දෙනවා” කියමින් ගෝඨාභය සිටි පසුපස ආසනයට පැන්නේය.වහාම තම වෙඩි නොවදින කබායෙන් ආරක්ෂක ලේකම්වරයාව ආවරණය කළ කපුහේන, ගෝඨාභයගේ හිසට ගෑස් හිස්වැසුමක්ද පැළදවූයේය.පිපිරීම නිසා මෝටර් රථයේ දොරවල් අගුලූ වැටී තිබිණ.දොරවල් විවෘත කරන්නැයි කපුහේන කෑගසා කීවේය.ආරක්ෂක රථ පෙළහි සිටි අනෙක් නිලධරයෝ වහ වහා ගෝඨාභයගේ මෝටර් රථය වෙත දිව ආහ.

    යකඩ පටියක් ආධාරයෙන් දොරවල් විවෘත කැරිණ.ආරක්ෂක ලේකම්වරයා වත්තන් කරගෙන පිටතට පැමිණි කපුහේන වෙනත් ජීප් රථයකට ඔහුව දමාගෙන ගාලූ පාර ඔස්සේ ඉගිලූනේය.ගමනාන්තය අරලියගහ මන්දිරය විය.ගමනේදී මාර්ගය නිදහස් කරගනු වස් අහසට වෙඩි තැබීමට කපුහේන ඇතුලූ ආරක්ෂක නිලධරයෝ කටයුතු කළහ.ආරක්ෂක අංශ සහ කොටි ත‍්‍රස්තයින් අතර ඇතිවන වෙඩි හුවමාරුවකැයි වේගයෙන් යන ජීප් රිය සහ එහි සිට වෙඩි තබන පුද්ගලයෝ දුටු බියපත් සාමාන්‍ය ජනතාව වැරදි වැටහීමක් ඇති කරගත්හ.ඇතැම් දෙමව්පියෝ තම දරුවන්ව පාසලේ සිට නිවෙස් බලා වහාම රැගෙන ගියහ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    පිපිරීමක් සමග ගිනි ජාලාවක්

    පිපිරීම ඇසින් දුටුවන් 20 කට වැඩි පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම සිදුවිය.මාර්ග අංක 122 කොටහේන - මහරගම බස් රථයක රියදුරු වූ විසිහත් හැවිරිදි අයි.එස්.වීරසේකර මහතා දී තිබුණු ප‍්‍රකාශය මෙවැනි විය.

    ‘‘ආරක්ෂක ලේකම්වරයාගේ රථ පෙළට ගමන් කරන්න ඉඩ හදලා දෙන්න මම මාර්ග සංඥා පුවරුව ළග බස් රථය නතර කළා.එහෙම නතර කරන්න කියලා උපදෙස් දුන්නේ විශේෂ කාර්යබලකායේ නිලධාරීන්.එකසැරේට මට මහා පිපිරීමක් ඇසුණා.ඒ ගමන්ම ඉස්සරහා තිබුණු අඹ ගහ ළගින් දුම් වළලූත් එක්ක ගිනි ජාලාවක් නැගෙනවා මම දැක්කා.එකසැරේට බස් එක ඉස්සරහට ඇදිලා ආවේ ගින්නෙන් දැවෙමින් තිබුණු යතුරුපැදියක්.ඒක වැදේවි කියලා බයෙන් මම පහත්වුනා.යතුරුපැදිය වැදිලා බස් රථයේ ඉදිරිපස වීදුරුව බිදිලා ගියා.”

    මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස පිපිරීම සිදුවූ ස්ථානයට මිීටර 25 ක් පමණ දුරකින් තිබූ කැබ් රථයක පසුපස කොටසේ වැටී තිබියදී සොයාගැනීමට හැකිවිය.බෝම්බකරු භාවිතා කළේ යැයි සැක කෙරෙන ජංගම දුරකතනයක්ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කීවේය.සිදුවීමෙන් පසු කොළඹ සිටි දෙමළ ජාතිකයින් 15 දෙනෙක් පමණ ප‍්‍රශ්න කිරීම් සදහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.තී‍්‍රරෝද රථයේ අංක තහඩුව භාවිතයෙන් එහි හිමිකරු සොයාගැනීමට හැකිවූ අතර නමින් ඇන්තනී බර්නාඞ් කි‍්‍රස්ටෝපර් වූ ඔහු වාසය කළේ කඩවතය.ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී සොයාගැනීමට හැකිවූයේ ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර මෙම තී‍්‍රරෝද රථය මෝදර පදිංචි බව කියා ඇති මොහොමඞ් ලතීෆ් මොහොමඞ් ෆරීඩ් නම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක මුදලකට විකුණා ඇති බවය.ඔහු ගැන කළ සොයාබැලීම් වලදී නවාතැන් සදහා මාස තුනක අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ෆරීඞ් නවාතැන් හිමිකරු වෙත ගෙවා ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේය.

    වැඩිදුර විමර්ෂණ වලින් හෙළිවූයේ එම්එල්එම් ෆරීඞ් ලෙස මුස්ලිම් නමකින් පෙනී සිට ඇත්තේ බාලසිංහම් විජයකුමාර් නම් දෙමළ ජාතිකයකු බවයි.ඔහු කුරුම්පුල්ලි හෙවත් කලූ කොටි සාමාජිකයකු බවත්,කොළඹ පැමිණ ඇත්තේ බෝම්බ ඇටවූ රථයක් භාවිතයෙන් ගෝඨාභය ඝාතනය කිරීමට බවත් බලධරයෝ ක‍්‍රමයෙන් අනාවරණය කරගත්හ.තී‍්‍රරෝද රිය පදවාගෙන පැමිණි තැනැත්තා අන් කිසිවකු නොව බාලසිංහම් විජයකුමාර් හෙවත් මොහොමඩ් ලතීෆ් මොහොමඩ් ෆරීඩ්ම විය.

    තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකරගෙන යාමේදී තී‍්‍රරෝද රථයේ සවිකර තිබූ කිලෝ 25 කට අධික බරකින් යුතු බෝම්බය කොළඹට ප‍්‍රවාහනය කිරීමට එල්.ටී.ටී.ඊ ය යොදාගෙන තිබෙන්නේ කෙයාර් නම් අන්තර්ජාතික තලයේ රාජ්‍ය නොවන සංවිධානයක කැබ් රථයක් බව අනාවරණය විය.විමර්ෂණ පැවැත්වූ බලධරයින්ට සොයාගත හැකිවූ ආකාරයට එම රථය පදවා ඇත්තේ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයකු වන තම්බිරාජා යෝගරාජා නම් පුද්ගලයෙකි.බෝම්බය රථයේ ඉන්ධන ටැංකියේ සගවාගෙන කොළඹට රැගෙනවිත් තිබෙන බවත්, වැල්ලවත්ත ප‍්‍රදේශයේදී එය පිටතට ගෙන මෝදර දක්වා ගෙනවිත් තී‍්‍රරෝද රියට සවිකර ඇති බවත් සොයාගැනීමට බලධාරීන් සමත්විය.

    2002 සටන්විරාම ගිවිසුමෙන් ලැබූ අවසරයෙන් කොළඹ,එනම් දිවයිනේ දකුණු දිග ප‍්‍රදේශය දක්වාම තම සංවිධානයේ සාමාජික හා ආධාරකරුවන්ගේ ජාලය ව්‍යාප්ත කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කර තිබෙන බව ගෝඨාභයට එල්ලවූ ප‍්‍රහාරය සම්බන්ධ විමර්ෂණ කටයුතු වලදී ක‍්‍රමයෙන් අනාවරණය විය.මෙම ජාලය බිද හෙළීමට බලධරයෝ කටයුතු කළත් ඔවුන්ගේ ඇස්වලට වැලි ගසා රජයේ ප‍්‍රබල සාමාජිකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තයෝ සමත්වූහ.ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනය එවැන්නකි.නමුත් ක‍්‍රමයෙන් මේ ශක්තිමත් ජාලය බිද හෙළීමට ශී‍්‍ර ලංකා ආරක්ෂක බලධරයෝ සමත්වූහ.එල්.ටී.ටී.ඊ යට ඔත්තු සැපයූයේයැයි චෝදනා මත යුද හමුදා කර්නල්වරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු අත්අඩංගුවට ගැනීමද සිදුවිය.දෙදෙනම සිංහල ජාතිකයෝය.

    මෙම කටයුතු සාර්ථකව සිදුවෙමින් පැවතියද වැදගත්ම ගොදුර දඩයම් කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.දකුණේ එල්.ටී.ටී.ඊ මෙහෙයුම් භාරව සිටින්නේ කවුද? පොට්ටු අම්මාන්,කපිල් අම්මාන් සහ වෙනත් එල්.ටී.ටී.ඊ නායකයින් ප‍්‍රහාර සැළසුම් කළද බිම් මට්ටමේ සිට ඒවා කි‍්‍රයාත්මක කරන්නේ තවත් පුද්ගලයෙක් බවට ඉගි ආරක්ෂක බලධරයින් වෙත ලැබී තිබිණ.දකුණේ මරාගෙන මැරෙන ප‍්‍රහාර දියත් වන්නේ මේ පුද්ගලයාගේ අධීක්ෂණය යටතේ බව බලධරයෝ දැන සිටියහ.මොහු කොටුකරගැනීමට කළ උත්සාහයන් වල නිමක් නොතිබිණ.නමුත් එල්.ටී.ටී.ඊ ය පරාජය කර මාස තුනක් ඉක්ම ගිය 2009 අගෝස්තු මස ආරක්ෂක බලධරයෝ වැදගත් සොයාගැනීමක් සිදුකළෝය.

    සෙල්වරාජා කිරුපකාරන් හෙවත් මොරිස්

    කොළඹ එල්.ටී.ටී.ඊ මහමොළකරු සෙල්වරාජා කිරුපාකරන් හෙවත් මොරිස් බව අනාවරණය කරගැනීමට ආරක්ෂක බලධරයෝ සමත්වූහ.මරාගෙන මැරෙන බෝම්බකරු මුස්ලිම් ජාතිකයකු ලෙස පෙනී සිටි අයුරින්ම මොරිස්ද පෙනී සිටියේ මොහොමඞ් නිසාර් යන නමින් මුස්ලිම් ජාතිකයකු ලෙසය.කුප්පියාවත්තේ සහ දෙමඩගොඩ යන ප‍්‍රදේශවල පිහිටි නිවාස දෙකක් ඔහුට තිබුණි.මොරිස්ගේ හැසිරීම් ගැන අවධානයෙන් සිටි පොලිසිය වරක් ඔහු තම ස්කූටරයෙන් දෙමටගොඩ සිට මරදාන බලා ගමන් කරමින් සිටියදී මොරිස්ව ලූහුබැද ගියහ.පොලිස් ජීප් රිය ස්කූටරයේ ගැටුණු අතර මොරිස් බිම පතිත විය.වහාම ඔහු තම සන්තකයේ තබාගෙන සිටි සයනයිඞ් කරල් දෙකක් ගිල්ලේය.

    මොරිස් වහාම කොළඹ ජාතික රෝහලය ඇතුළත් කැරිණ.දින දෙකක් දැඩි වෛද්‍ය අවධානය යටතේ සිටි ඔහු ක‍්‍රමයෙන් සුවය ලැබුවේය.මොරිස්ගෙන් දැඩිව ප‍්‍රශ්න කළ පොලිසිය ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන තැත පසුපස සිටින්නේද ඔහු බව අනාවරණය කරගත්තේය.එල්.ටී.ටී.ඊ ය පරාජය වී තිබූ නිසා මොරිස්ගෙන් ලබාගත් තොරතුරු වල ප‍්‍රායෝගික වටිනාකමක් නොතිබිණ.සිරිසේන - වික‍්‍රමසිංහ රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් යටතේ මොරිස්ටද නිදහස ලබාදීමට ගියද එයට දැඩි විරෝධයක් එල්ල විය.අදටත් මොරිස් පසුවන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේය.

    ගෝඨාභය රාජපක්ෂට එල්ලවූ ප‍්‍රහාරයේ තතු මෙවැනිය.බොහෝ කාලයක් මුලූල්ලේ සිටිම දේශීය මෙන්ම අන්තර්ජාතික ප‍්‍රජාව විශ්වාස කළේ එය එල්.ටී.ටී.ඊ සැළසුමක් බවය.එය තහවුරු කෙරෙන සාක්කි වුවමනා තරම් තිබුණි.සරත් ෆොන්සේකා පවා තම 2010 ජනපතිවරණ ව්‍යාපාරයේදී මෙයට එරෙහිව කිසිත් කියා සිටියේ නැත.නමුත් එක්සත් ජාතික පෙරමුණු රජයේ ඇමැතිකමක් ලබාගත්තායින් පසු ඔහු දැන් පවසන්නේ ප‍්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සැළසුමක් මත එල්ල කෙරුණු බවය.

    රාජපක්ෂ පාලන සමයේදී සරත් ෆොන්සේකාට ඉතාම පහත් ලෙස සැළකුණු බව කීමේ කිසිදු වරදක් නැත.ඔහුගේ තනතුරු හා නම්බු නාම සියල්ලද ඉවත් කැරිණ.නමුත් වත්මන් රජය ඒ සියල්ල නැවත ඔහු වෙත ලබාදීමටත්,යුද්දය ජයග‍්‍රහණය කළ හමුදාපතිවරයා වීමේ ගෞරවය ඔහුට හිමිකරදීමටත් කටයුතු කළේය.මේ හමුවේ මුලූ රටේම ජනතාව සතුටුවූහ.

    ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා

    තමන් කළ ප‍්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් සිදුකිරීම ෆොන්සේකාට දැන් පැවරී තිබෙන වගකීමයි.හිටපු ආරක්ෂක ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම අම්බලන්ගොඩ සිංහයාට තරම් නොවේ.පවසා සිටි දෙයට සාක්කි ඉදිරිපත් කිරීමට ෆොන්සේකා අපොහොසත් වුවහොත් පාර්ලිමෙන්තුව සහ රටේ ජනතාව නොමග යැවීමේ ප‍්‍රකාශයක් සිදුකළේයැයි අධිකරණය ඉදිරියේ ඔහු වරදකරුවකු වීමේ අවදානමක් තිබේ.



    lankadeepa-logo.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලවැද්ද කියුව නේද ඔක තමන්ටම පුපුර ගත්ත එකක් කියල , එහෙනම් ඌට් ගහපු එකත් මිනිහම සැලසුම් කරල පුපුරගත්ත එකක් වෙන්ඩ ඇති.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    කලවැද්ද කියුව නේද ඔක තමන්ටම පුපුර ගත්ත එකක් කියල , එහෙනම් ඌට් ගහපු එකත් මිනිහම සැලසුම් කරල පුපුරගත්ත එකක් වෙන්ඩ ඇති.

    මම නම් කියන්නේ මචන් මහින්ද ෆොන්සේකාව හිරේ දාපු එක වැරදියි.ඒක නිසා තමා ඔය ෆොන්සේකා දැන් ඒ පවුලෙන් පළි ගන්න හදන්නේ.ෆොන්සේකා චන්ද කාලේ කියපු කතා මෝඩයි තමා..ඒත් දේශපාලනය අතින් මහින්ද එයාට වඩා බුද්ධිමත් නේ..ඒක නිසා ෆොන්සේකාව හිරේ දැම්ම එක වැරදියි..කොහොමහරි ඒකෙන් උනේ ඉස්සර එක පවුලේ අය වගේ හිටිය තුන්දෙනා තරහ උන එක.මේකෙන්ම හිතාගන්න පුළුවන් අපේ සිංහල අයගේ එකමුතු කම.සිංහලයාගේ විනාසයට මුල එකමුතු කමක් නැති එක..
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    mama oya bombe pipirena welawe e langa paatha hitiye. sadde ahuna.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆිල්ඩ් මාර්ෂල් ගාර්දියහේවගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මේ කරන්නේ කුමක්දැයි ඔහු ම සිහි ණුවනින් වටහා ගත යුතුය. තමා හේත්තු වූ දේශපාලන ව්‍යාපාරයේ වුවමනා එපාකම් පිරිමැසීමට ඔහු මෙසේ නිරුවත් වන්නට හදනවා නම්........අපි කුමක් කරන්න ද?
    ඔහු ගැන තිබූ ගෞරවය අතිශයින් ම ඛේදනීය ලෙස පිරිහී ඇති බව පමණක් ලියමි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ෆිල්ඩ් මාර්ෂල් ගාර්දියහේවගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මේ කරන්නේ කුමක්දැයි ඔහු ම සිහි ණුවනින් වටහා ගත යුතුය. තමා හේත්තු වූ දේශපාලන ව්‍යාපාරයේ වුවමනා එපාකම් පිරිමැසීමට ඔහු මෙසේ නිරුවත් වන්නට හදනවා නම්........අපි කුමක් කරන්න ද?
    ඔහු ගැන තිබූ ගෞරවය අතිශයින් ම ඛේදනීය ලෙස පිරිහී ඇති බව පමණක් ලියමි.

    :yes:මම ෆොන්සේකා හරි කිව්වා නෙමේ.වැරදි තියෙනවා.මේ තුන් දෙනාව තරහ උනෙත් යටින් ගිය ලොකු ප්ලෑන් එකක් නිසා..මේ තුන්දෙනාගේ විරසකය රටට පාඩුවක්.:(
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    :yes:මම ෆොන්සේකා හරි කිව්වා නෙමේ.වැරදි තියෙනවා.මේ තුන් දෙනාව තරහ උනෙත් යටින් ගිය ලොකු ප්ලෑන් එකක් නිසා..මේ තුන්දෙනාගේ විරසකය රටට පාඩුවක්.:(

    thun dena tharaha une dan oya yahapalaneta muwa wela inna kumanthrana karayo nisa. mun tika 2015 janadhipathiwaraneta kalin lankawe minissunwa hondatama anduwa. okkotama hethuwa lankawe unta hema deyakma ikmanata amathaka wena eka. dan kattiyata chandrikage kaale wechcha dewal mathaka nehe. 87-91 kaale wechhca dewal mathaka nehe.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අපේ බාප්පා එයාගෙ වත්තට එන කලවැද්දන්ට කියන්නේ.. " පොන්සෙකලා" කියලා... මේ ලඟදි පොන්සෙකා කෙනෙක් බල්ලා හපලා මැරිලා හිටියා...
     

    Similar threads