Ambulance_අයිස්_ක්‍රීම්
ලෙඩා මළත් අයිස් ක්‍රීම් සැපයි..! ලෙඩ්ඩු සමග අඩිය ගහන රෝහල් සේවකයන්..!
යාපනයේ සිට වවුනියාව දක්වා හදිසි රෝගියෙකු රැගෙන එන ලද ගිලන් රථයක කාර්ය මණ්ඩලය පසුගිය සිකුරාදා 13දා ගිලන් රථය අතර මග ස්ථානයක නවතා අයිස් ක්‍රීම් කමින් විනෝද වූ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් උතුරේ ස්වේච්ඡා සංවිධානයක් උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය ලෙසින් හදුන් වා ඇති එම සංවිධානය කියා සිටින්නේ මෙම සිද්ධිය පමණක් නොව උතුරේ බොහෝ රෝහල් වල කාර්ය මණ්ඩලය රෝගීන් සමග මත්පැන් පානයටද හුරු වී ඇති බවයි. රෝගීන් විසින් එම සේවකයින්ට විවිධ ආහාර පාන හා මත් පැන් සපයා දෙමින් රාත්‍රී කාලයට රෝහල් තුළ සාද පවත්වන බවටද ඡායාරූප සහිතව පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.
මෙම චෝදනාවලින් වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ වවුනියාව මහ රෝහලේ කාර්ය මණ්ඩලයට එරෙහිවය.
මීට පෙර තම සංවිධානය විසින් ඉදිරිපත් කරණ ලද චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කෙරෙහි උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය සිය කණගාටුවද ප්‍රකාශ කොට තිබේ.

Last edited: