American Jet Story

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ජාතික නිදහස් පෙරමුනෙන් ඉංජිනේරු සංස්ථාවේ සෙකියුරිටි වැඩෙට දාපු මල්ලි කෙනෙක් උදේ වැඩට ඇවිත් පොත අත්සන් කරලා නායක තුමාගේ ගෙදර දර පලන්න යන්න පිටත් වුනා. ඔහොම යනකොට එයා දැක්කා පාරේ අයිනේ තිබුනු පොඩි පිට්ටනියක පිට රටකින් ආපු සුදු කොල්ලෙක් කඩදාසිවලින් හැදු ප්ලේන් එකක් යවනවා.


    කොල්ලාට අවුරුදු හතක් අටක් විතර ඇති. කොල්ලාගේ අම්මා එතනම බිම වාඩි වෙලා පොතක් කියවනවා ,අව්ව තපින ගමන්. අපේ දේශප්‍රේමි සෙකියුරිටි තුමාත් අව්ව තපින සුද්දි දිහා ටික වෙලාවක් බලන් ඉඳලා යන්ට ආපු ගමන ගියා.
    ගිහි දර පල පලා හිටියත් මිනිහාගේ හිතේ වැඩ කරන්නේ උදේ දැකපු සුද්දි. මිනිහට ඕනේ ඒක ගැන කවුරු හරි එක්ක කතා කරන්න. ඕන් ඔහොම ඉන්න කොට ඔතෙන්ට ආවා අපේ උපවාසවංශ ඇමති තුමාගේ ඩ්‍රයිවර් උන්නැහේ.


    අපේ යාලුවාට ඩ්‍රයිවර් එක්ක සුද්දි ගැන කත් විස්තරේ කියන්න ඕනෑ වුනත් එකපාරට කියන්න ලැජ්ජා නිසා මිනිහා මුලින්ම අර කොලු ගැටයා ගැන කියන්න ගත්තා.

    ” ඒකයැ, ඩ්‍රයිවර් උන්නැහේ, මම අද දැක්කානෙ සුදු කොලුවෙක් කඩදාසි ප්ලේන් එකක් අරිනවා”
    ඊට වැඩි කතාවක් කරන්න හම්බ වුනේ නැහැ , ආර්යාව ඇවිත් ඩ්‍රයිවර් අයියාට කතා කරා ෂොපින් යන්න.

    මේ ඩ්‍රයිවර් උන්නැහැ ගමන යන ගමන් ශිර්ජා නෝනාත් එක්ක කියනවා මෙහෙම
    ” නෝන මහත්තයෝ, අද බත්තරමුල්ලේ පිට්ටනියේ සුදු කොල්ලෙක් ප්ලේන් එකක් යව යවා හිටියා කියන්නේ”

    මේ නෝනා හාමුත් ඇමතිහාමුට වඩා දේශප්‍රේමි නිසා එයා කෝල් එකක් ගත්තා ඇමති හාමුට.

    ” අනේ ඔයාලා දේශප්‍රේමි කිය කිය හිටියට වැඩක් නැහැ, අන්න ඇමෙරිකන් කාරයෙක් ලංකාවට ප්ලේන් එකක් එවලලු”

    ඒ වෙලාවේ ඇමති හාමු සීට් එකේ හිටියේ නැහැ. එතැන හිටපු ප්‍රයිවට් සෙකට්‍රි උන්නැහේ තමා කෝල් එකට ආන්සර් කලේ. .

    මිනිහා ඇමති ආපු ගමන් කණේ තිබ්බා

    ” සර් සහෝදරයා, අන්න මැඩම් සහෝදරී කතා කරලා කිව්වා , ඇමෙරිකන් කාරයෝ ලංකාවට ගහන්න ජෙට් එකක් එවලා කියලා, අපි මොනවා හරි කරන්න වෙයි නේද?”
    හපොයි මේක අහපු ගමන් ඇමතිවංශ තුමාට කලිසමේ මල පහ නොවුනා විතරයි.
    එතුමා වහාම කෝල් එකක් ගත්තා මහරජානන්ට
    ” බුදු සර්, අන්න ඇමෙරිකන් කාරයෝ අපිට ගහන්න ජෙට් දහයක්ම එවලාලු”

    සටහන- ඔන්න ඔහොම තමා පහු ගිය දවස් වල ටෝක් ඔෆ් ද ටවුන් වුනු ඇමෙරිකන් ජෙට් දහයේ කතාව හැදුනේ.