Anarkali FM 97.95 - Down south

eranda

Member
Jul 28, 2006
1,076
1
0
අනර්කලීට පක්‍ෂ නීති විරෝධී ගුවන්විදුලි නාලිකාව වහා නවත්වනු
ඡන්ද කොමසාරිස්‌ට පැමිණිලි කරයි

පියසේන දිසානායක

මැතිවරණ නීති රීති උල්ලංනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන අනර්කලී ආකර්ෂා මෙනවියට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ගාල්ල ප්‍රදේශයේ විකාශනය කරන නීති විරෝධී ගුවන් විදුලි නාලිකාව වහා නතර කරන ලෙස දකුණු පළාත් සභා මැතිවරණයට ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් තරග වදින එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‌ෂක මනූෂ නානායක්‌කාර මහතා මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කොට ඇත.

රටේ නීතියට පටහැනිව ආරම්භකොට තිබෙන මෙම ගුවන්විදුලි නාලිකාව පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ද මනූෂ නානායක්‌කාර මහතා (04 දා) විදුලි සංදේශ කොමිෂන් සභාවටද පැමිණිලිකොට තිබේ.

අනර්කලී ආකාර්ෂා මෙනවියට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් එෆ්. එම්. තරංග 97.95 ඔස්‌සේ විකාශනය කෙරෙන මෙම නාලිකාවට නමක්‌ ගමක්‌ තබා බලපත්‍රයක්‌වත් නොමැති අතර මෙය මැතිවරණ නීතිය පමණක්‌ නොව රටේ සාමාන්‍ය නීතියද උල්ලංඝනය කිරීමක්‌ බව නානායක්‌කාර මහතා මැතිවරණ කොමසාරිස්‌වරයාට සහ විදුලි සංදේශ කොමිෂන් සභාවට පෙන්වා දී ඇත.

Source : http://www.divaina.com/2009/10/07/news16.html
 

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    adoo api school exibition ekakata 500m coverage thiyena transmeter ekakin radio channel ekak karannath balapathra ganna una.