Android අහසට පායපු අලුත්ම තරුව – OnePlus 5

OnePlus කියන්නේ ප්රමුඛ පෙළේ smart phone නිශ්පාදනය කරන චීන සමාගමක්. මේ සමාගම තමන්ගේ නිශ්පාදන කටයුතු ආරම්භ කළේ 2013 වසරේදී. හැබැයි OnePlus කියන්නේ තවත් Start-Up එකක් නම් නෙමේ. ලෝකේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිපදවන සමාගමක් සහ ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිපදවන සමාගම වන BBK සමාගමට අයත් අනු සමාගමක් තමයි OnePlus සමාගම. මේ නිසා OnePlus සමාගම ජංගම දුරකථන ක්ෂේත්රයට අලුත් අය නම් නෙමේ. 2016 වසරේදී එළි දැක්වූ හොඳම smart phones කීපයට අයිති වෙන OnePlus 3 සහ OnePlus 3T smart phone දෙකෙන් පස්සේ, OnePlus තමන්ගේ අලුත්ම smart phone එක එළිදක්වනවා පසුගිය ජූනි 20 වෙනිදා. ඒ smart phone එක නම් වෙන්නේ OnePlus 5 නමින්. ඔබ සමහර විට කල්පනා කරන්නට ඇති කෝ OnePlus 4 කියලා. චීන ජාතිකයන් අංක 4 අසුබ ඉලක්කමක් විදියට සළකන නිසා OnePlus 4 නමින් smart phone එකක් ඔවුන් එළිදැක්වූවේ නැහැ. චීන Smart Phone ගැන අපි පෙර ලිපියකිනුත් තවත් වැඩිදුර විස්තර ගෙන ආවා.
අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අලුත්ම OnePlus 5 smartphone එක පිළිබඳවයි.
සැලැස්ම
theverge.com
ලෝකයේ ප්‍රමුඛතම Smart Phone විශේෂඥයන්ට අනුව OnePlus 5 Smartphone එකේ නිර්මාණ සැලසුම විශිෂ්ඨයි. විශේෂයෙන්ම phone body එක නිර්මාණය කරන්න ඔවුන් භාවිතා කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න චීන ජංගම දුරකථන නිශ්පාදන අමුද්‍රව්‍ය වලින් නම් නෙමේ. ඔවුන් ඊට වඩා විශාල සැලකිල්ලක් ඒ වෙනුවෙන් දක්වලා තියෙනවා. මීට පෙර එළිදක්වපු OnePlus Smart Phone වලට වඩා මේ phone එකේ කෙළවරවල් වක්‍රව නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. මේ නිසා phone එක අතින් අල්ලගෙන ඉන්න වඩාත් පහසුයි කියලයි විශේෂඥයින් සඳහන් කරන්නේ. ඒ වගේම OnePlus 5 Smartphone එක තමයි දැනට OnePlus මඟින් ඉදිරිපත් කරලා තියෙන ඝනකමෙන් අඩුම Smart Phone එක. OnePlus 5 Smart Phone එකේ ඝනකම මිලි මීටර් 7.25ක් පමණයි. එය iPhone 7එකට වඩා ඝනකමෙන් වැඩි වෙන්නේ මිලි මීටර් 0.15ක් විතරයි. ඒ වගේම OnePlus 5 එකේ බර ග්‍රෑම් 153ක් විතරයි. මේ නිසා මේ phone එක වැඩිය බරත් නැති ඒ වගේම වැඩිය සැහැල්ලුත් නැති එකක් විදියට අර්ථ දැක්වෙනවා.
ඒ වගේම OnePlus 5 Smartphone එකේ තියෙන දුරකථනය Silent කිරීම සඳහාවූ හාඩ්වෙයා Switch එක ගැනත් මෙහිදී සටහන් කරන්නටම අවශ්‍යයි. මේ Silent Switch එක OnePlus 2 එකේ ඉඳන්ම ඔවුන් විසින් ඉදිරිපත් කරන දෙයක්. ඒ වගේම මේ ආකාරයට Phone එකට වෙනමම Silent Switch එකක් ඇතුලත් කරන එකම ප්‍රධාන පෙලේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන නිශ්පාදකයා OnePlus පමණයි. මීට අමතරව මේ ආකාරයේ සැකසුමක් දක්නට ලැබෙන්නේ ඇපල් Phone වල පමණයි.
Silent Switch – techradar.com
Phone එකේ යටින්ම USB-C පෝට් එකක්, 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එක වගේම එක ස්පීකර් එකකුත් දකින්නට පුළුවනි. බොහෝ දෙනෙක් විශ්වාස කෙරුවේ මේ වතාවෙදි OnePlusලා විසින් 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක ඉවත් කරාවි කියලයි. නමුත් ඒ බලාපොරොත්තුව නම් ඔවුන් ඉටුකෙරුවේ නැහැ. ඒ වගේම ඔබ සාම්ප්‍රදායික හෙඩ්ෆෝන් එක වෙනුවට Wireless හෙඩ්ෆෝන් භාවිතා කරන්නෙක් නම්, Bluetooth හරහා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නත් ඔබට පුළුවනි.
හෙඩ්ෆෝන් ජැක් එක, කනෙක්ටර් සහ ස්පීකර් – techradar.com
තමන්ගේ අනෙකුත් තරගකාරී Smart Phone මාදිලි වන iPhone 7, Samsung Galaxy S8, Sony Xperia XZ Smart Phone වගේ OnePlus 5 Smartphone එක ජලයට ඔරොත්තු දෙන්නේ (Waterproof) නැහැ. සාමාන්‍ය පින්න සහගත කාලගුණයකදී ඔබට OnePlus 5 එක පාවිච්චි කරන්න හැකි වුවත්, ඊට වඩා බැරෑරුම් වැසි ඇදවැටීමක් හමුවේ ෆෝන් එක පාවිච්චි නොකරන එක නුවණට හුරුයි කියන එකයි අපේ නිර්දේශය.
OnePlus 5 Smart Phone එක නිකුත් කරන්නේ වර්ණ දෙකකින් පමණයි. ඒ වගේම Smart Phone එකේ specification අනුව ඒ වර්ණ දෙක වෙනස් වෙනවා. තව දුරටත් පැහැදිලි කළොත්, 64GB ධාරිතාවයක් සහ 6GB RAM එකක් තියෙන මාදිලිය Slate Gray වර්ණයෙනුත්, 128GB ධාරිතාවය සහ 8GB RAM තියෙන මාදිලිය Midnight Black වර්ණයෙනුත් නිකුත් වෙනවා. මේ නිසා තමන්ට කැමති වර්ණය සහිත ෆෝන් එක මිලදී ගන්න එක පාරිභෝගිකයෙක්ට පහසු වෙන්නේ නැහැ. මේ කරුණ නම් එතරම් සුභවාදී දෙයක් විදියට නෙමෙයි අපි නම් දකින්නේ.
CPU, GPU සහ RAM
OnePlus 5 phone එකේ තියෙන්නේ 2.45 GHz Octa-core Qualcomm Snapdragon 835 ප්‍රොසෙසර් එකක්. අලුතෙන් අහන්න දෙයක් නැහැ, මේ processor එක වර්තමානයේදී තියෙන හොඳම High end processor එකක්. ඒ වගේම අපි මුලිනුත් සඳහන් කරපු විදියට ඔබට 6GB හෝ 8GB විදියට මාදිලි දෙකකින් OnePlus 5 මිලදී ගන්න පුළුවනි. වර්තමානයේදී බොහෝ Smart Phone පැමිණෙන්නේ 4GB RAM එකක් සහිතවයි. මේ නිසා 6GB කියන්නෙත් සාපේක්ෂව ඉහළ අගයක්. ඒ වගේම OnePlus 5 එකේ Graphic chip එක Adreno 540 එකක්. මේ graphic chip එක Snapdragon 835 ප්‍රොසෙසර් එකටම අන්තර්ගත කරලයි එන්නේ. විශේෂඥයන් අදහස් දක්වන ආකාරයට මේ graphic chip එකත් මේ වෙද්දි වෙළඳපොළේ තියෙන වේගවත්ම graphic chip කීපයෙන් එකක්. මේ අනුව ඉතා පැහැදිලියි, OnePlus 5 කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම ශක්තිමත් සහ වේගවත් Smart Phone එකක්.
Smart phone වල වේගය සහ ක්‍රියාකාරීත්වය ගැන අදහසක් ගන්න සිදුකරන පරීක්ෂණවලට කියන්නේ Benchmark Test කියලයි. Smartphone විශේෂඥයින් විසින් සිදුකරපු Benchmark Testවලදී පැහැදිලිවම OnePlus 5 අනිත් සියළු Smart Phones අභිභවා ඉදිරියෙන්ම සිටිනවා. නමුත් OnePlus 5 මේ Benchmark Test වලදී වංචාවක් සිදුකලා කියලත් විවිධ පාර්ශවයන්ගෙන් දැඩි චෝදනාත් එල්ලවෙනවා. ඒ ගැන නම් අපිටත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.
OnePlus 5 Phone එකේ තියෙන මේ High-end specification නිසාම, වීඩියෝ බලන්න වගේම ඕනෙම Game එකක් පාවිච්චි කරන්නත් මේ phone එක ඉතාම සුදුසුයි කියන එකයි විශේෂඥයින්ගේ අදහස. විශේෂයෙන්ම Real Racing 3 වගේ High end game එකක් බොහොම පහසුවෙන් සහ ආශ්වාදයෙන් යුතුව පාවිච්චි කරන්න OnePlus 5 එකේදි ඔබට හැකියාව ලැබෙනවා.
Gaming නම් OnePlus 5 තමයි – techradar.com
මෙහෙයුම් පද්ධතිය
ඔබ සමහර විට අහලා ඇති OxygenOS කියලා වචනයක්. ඒක තමයි OnePlus Smart Phone වල තියෙන OS එක. Android OS එක පාදක කරගෙනයි මේ OxygenOS එක නිර්මාණය කරලා තියෙන්නේ. OnePlus 5 එක්ක එන OS එක නිර්මාණය කරලා තියෙන්නේ Android 7.1.1 OS එක පාදක කරගෙනයි. මේ නිසා Android Nougat OS එකෙන් හඳුන්වා දුන්න සියළුම විශේෂාංග OnePlus 5 එක්කත් අත්විඳින්න ඔබට හැකියාව තියෙනවා. OnePlus සමාගම තමන්ගේ OxygenOS එක හදලා තියෙන්නේ Original Android OS එක අවම වශයෙන් වෙනස් කරලයි. මේක අනෙක් Smart Phone නිෂ්පාදන සමාගම්වලට සාපේක්ෂව ලොකු වෙනසක්. Android අලුත්ම OS version එක වෙන Android O එක OnePlus 5 smart Phone එකට සහය දක්වනවා කියලා ඔවුන් සහතික වෙනවා. Android Nougat ගැන අපේ පෙර ලිපියත් මෙතනින් කියවන්න.
Home Screen එකේ ඕනෑම තැනක් පහළට drag කළාම Notification bar එක ලබාගන්න පුළුවනි. මේ නිසා තව දුරටත් Notification ලබාගන්න ඔබට phone එකේ ඉහළ කෙළවරින්ම drag කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පහසුවක්.
ඒ වගේම Oxygen OS එකේ reading mode එකත් ඇසට බොහොම සුවපහසු ආකාරයට නිර්මාණය කරන්න OnePlus ලා කටයුතු කරලා තියෙනවා. මේ නිසා දැන් OnePlus 5 Smart Phone එක හරහා කින්ඩල් එකකින් කියවනවා හා සමාන අත්දැකීමක් ලබාගන්න පුළුවන් කියලයි විශේෂඥයන් අදහස් දක්වන්නේ.
Reading Mode එකේදි පේන විදිය – theverge.com
ඒ වගේම expanded screen shots පහසුකමත් OnePlus 5 සමඟ ඔබට අත්විඳින්නට පුළුවනි. මේ නිසා දැන් ඔබට සාමාන්‍ය තිරයේ පෙනෙන ප්‍රමාණයෙන් එහාට ගිහිං සම්පූර්ණ පිටුවක්ම උනත් screen shot එකක් විදියට ගන්න පුළුවනි.
OnePlus 5 එකේදි ඔබට phone එක vibrate වෙන ආකාරය ඔබට කැමති විදියකට වෙනස් කරගන්නත් පුළුවනි. ඒ වගේම ඔබට අවශ්‍ය සමහර Files සහ Apps පාස්වර්ඩ් යොදලා ආරක්ෂිතව තබාගන්නත් දැන් හැකියාව තියෙනවා.
තිරය
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුනේ QHD resolution තියෙන screen එකක් OnePlus 5 එකත් එක්ක ඒවි කියලා උනත් OnePlus 3T Smart Phone එකේදි තිබුණ අඟල් 5.5 Full HD AMOLED screen එකම තමයි මේ වතාවේදීත් තියෙන්නේ. ඒ ගැනත් බොහෝ දෙනාගේ දක්වන්නේ ඒ තරම් යහපත් අදහසක් නම් නෙමේ. නමුත් මේ screen එකේ resolution එක 1920×1080 වීම, පික්සෙල් අගය වර්ග අඟලකට 401ක් වීම, සහ screen එක Active-Matrix OLED (AMOLED) වීම නිසා ඉතාම සුපැහැදිලි දෘෂ්‍ය අත්දැකීමක් ගන්න පුළුවන් කියන එකයි විශේෂඥ අදහස. ඒ වගේම මේ screen එක Corning Gorilla Glass 5 එකක් වීම නිසා සීරීම්වලින් වගේම මීටර් 1.5ක් පමණ උසකින් බිමට වැටුනත් screen එකට හානියක් වීමේ සම්භාවීතාවය ඉතා අඩු වීම ලොකු වාසියක් බවත් සඳහන් කරන්නම අවශ්‍යයි.
Camera
Rear Camera – theverge.com
OnePlus 5 Smart Phone එකේ තියෙන විශේෂිතම දේ තමයි කැමරාව. ප්‍රථම වතාවට Dual Lens තාක්ෂණය ඔවුන් උපයෝගී කරගෙන තියෙනවා. OnePlus 5 සමඟ තිබෙන සියළුම කැමරාවන් නිෂ්පාදනය කරලා තියෙන්නේ Sony සමාගමෙන්. පසුපස කැමරාවේ ඇති lens දෙක මෙගා පික්සෙල් 16ක් ප්‍රධාන lens එකකින් සහ සහ මෙගාපික්සෙල් 20ක Telephoto lens එකකින් යුක්ත වෙනවා. මේ නිසා විවිධාකාර ආලෝක තත්ත්වයන් යටතේ වඩාත් සුපැහැදිලි ඡායාරූප ලබාගන්න පුළුවනි. ඒ වගේම අපි ඡායාරූපය ගන්න දේ කොපමණ Zoom කළත්, ඡායාරූපයේ image quality එක අඩු නොවෙන ආකාරයට එය සිදුකරන්නත් OnePlus 5ට හැකියාව තියෙනවා. ඒ වගේම camera එක සමඟ තියෙන අනිකුත් options හරහා ඉතා හොඳ ඡායාරූපකරණයක යෙදෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම OnePlus 5 එකෙන් 4K ආකාරයට වීඩියෝ රෙකෝඩ් කිරීම සිදුකරන්නත් පුළුවනි.
Front camera එකත් මෙගා පික්සෙල් 16ක අගයක් ගන්නවා. ඒ වගේම පසුපස කැමරාවේ තිබෙන බොහෝ විශේෂාංග සහ සැකසුම් ඒ ආකාරයටම ඉදිරිපස කැමරාව සමඟ ද භාවිතා කරන්නට පුළුවනි. ඉදිරිපස කැමරාවෙන් 1080p quality එකේ වීඩියෝ රෙකෝඩ් කරන්න හැකි බවත් සඳහන් කරන්නම අවශ්‍යයි.
මිල
මේ තමයි වැදගත්ම දේ. Phone එකේ specifications, නිර්මාණශීලීත්වය, වේගය සහ කාර්යක්ෂමතාවය, විශේෂාංග සහ අනෙකුත් පහසුකම් වගේ දේවල් තමන්ගේ සියළුම තරගකාරීන් සමඟ සම මට්ටමේ හෝ ඊටත් වඩා ඉහළින් තිබුණත්, OnePlus හැම Smart Phoneඑකක්ම වගේ OnePlus 5 Smart Phone එකත් තමන්ගේ තරගකරුවන්ට වඩා මිලෙන් විශාල වශයෙන් අඩුයි. උදාහරණයක් විදියට High end Smart Phonesවෙන Samsung Galaxy S8 – $750, iPhone 7 Plus – $769, HTC U11 – $649, LG G6 – $650 වගේ ඉහළ මිල ගණන් වලට අලෙවි වෙද්දි OnePlus 5 8GB/128GB Smart Phone එකේ මිල සඳහන් වෙන්නේ $539ක් ලෙසටයි. OnePlus 5 6GB/64GB Smart Phone එක ඔබට $479ක් වගේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවනි. මේ අනුව අවම වශයෙන් OnePlus 5 phone එකක් අනෙකුත් High end Smart Phoneවලට වඩා ඇමරිකානු ඩොලර් 100 – 250 අතර පමණ මිලෙන් අඩුයි. මේ තරම් ශක්තිමත්, වේගවත්, විශේෂාංගයන්ගෙන් පොහොසත් සහ නමක් තියෙන Smart Phone එකක් එතරම් අඩු මුදලකට මිලදී ගන්නට හැකිවීම ම ඉතා වැදගත් සහ විශේෂ දෙයක් විදියටයි අපි දකින්නේ.
OnePlus 5 ගැන ඔබගේ අදහස් කමෙන්ට් තීරුව හරහා අපිත් එක්ක බෙදාගන්න පුළුවනි. ඒ වගේම ඔබට වෙනස්ම ආකාරයේ අධිවේගවත් Android අත්දැකීමක් ලබාගන්න නම්, OnePlus 5 ඒ සඳහා හොඳම option ඒකක් බවත් අවසාන වශයෙන් සඳහන් කළ හැකියි.
SUMMARY
performance Octa core
display 5.5" (13.97 cm)
storage 64 GB
camera 16 MP
battery 3300 mAh
ram 6 GB
SPECIAL FEATURES
fingerprint sensor position Front
other sensors Light sensor, Proximity sensor, Accelerometer, Compass, Gyroscope
fingerprint sensor Yes
GENERAL
quick charging Yes
operating system Android v7.1.1 (Nougat)
sim slots Dual SIM, GSM+GSM
model 5
launch date June 22, 2017 (Official)
brand OnePlus
sim size SIM1: Nano SIM2: Nano
network 4G: Available (supports Indian bands) 3G: Available, 2G: Available
fingerprint sensor Yes
MULTIMEDIA
loudspeaker Yes
fm radio No
audio jack 3.5 mm
PERFORMANCE
chipset Qualcomm Snapdragon 835 MSM8998
graphics Adreno 540
processor Octa core (2.45 GHz, Quad core, Kryo 280 + 1.9 GHz, Quad core, Kryo 280)
architecture 64 bit
ram 6 GB
DESIGN
build material Case: AluminiumBack: Aluminium
thickness 7.2 mm
width 74.1 mm
weight 153 grams
height 154.2 mm
colours Slate Gray
DISPLAY
display type Optic AMOLED
screen to body ratio 72.81 %
pixel density 401 ppi
screen protection Corning Gorilla Glass v5
screen size 5.5 inches (13.97 cm)
screen resolution Full HD (1080 x 1920 pixels)
touch screen Yes Capacitive Touchscreen, Multi-touch
STORAGE
internal memory 64 GB
expandable memory No
CAMERA
settings Exposure compensation, ISO control
aperture 2.0 F
camera features Fixed Focus
image resolution 4616 x 3464 Pixels
sensor Exmor RS
autofocus No
shooting modes Continuos Shooting, High Dynamic Range mode (HDR)
resolution 16 MP Front Camera
optical image stabilisation No
flash Yes Screen flash
video recording 1920x1080 @ 30 fps, 1280x720 @ 30 fps
BATTERY
user replaceable No
quick charging Yes Dash charge
type Li-Polymer
capacity 3300 mAh
NETWORK CONNECTIVITY
wifi Yes Wi-Fi 802.11, a/ac/b/g/n/n 5GHz, MIMO
wifi features Wi-Fi Direct, Mobile Hotspot
bluetooth Yes v5.0
usb typec Yes (Doesn't support micro-USB)
nfc Yes
network support 4G (supports Indian bands), 3G, 2G
gps Yes with A-GPS, Glonass
sim 1 4G Bands:TD-LTE 2600(band 38) / 2300(band 40) / 2500(band 41) / 1900(band 39) FD-LTE 2100(band 1) / 1800(band 3) / 2600(band 7) / 900(band 8) / 700(band 28) / 1900(band 2) / 1700(band 4) / 850(band 5) / 700(band 17) / 850(band 18) / 850(band 19) / 800(band 20) / 1900(band 25) / 850(band 26) / 700(band 29)3G Bands: UMTS 1900 / 2100 / 850 / 900 MHz2G Bands: GSM 1800 / 1900 / 850 / 900 MHz GPRS:Available EDGE:Available
sim size SIM1: Nano, SIM2: Nano
sim 2 4G Bands: TD-LTE 2600(band 38) / 2300(band 40) / 2500(band 41) / 1900(band 39) FD-LTE 2100(band 1) / 1800(band 3) / 2600(band 7) / 900(band 8) / 700(band 28) / 1900(band 2) / 1700(band 4) / 850(band 5) / 700(band 17) / 850(band 18) / 850(band 19) / 800(band 20) / 1900(band 25) / 850(band 26) / 700(band 29)3G Bands: UMTS 1900 / 2100 / 850 / 900 MHz 2G Bands: GSM 1800 / 1900 / 850 / 900 MHz GPRS:Available EDGE:Available

Last edited: