ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Android ෆොනේ එකේ power button එක press කරලම screen එක Off වෙන Style එක වෙනස් කරන්නේ කොහොමද?
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    SONY Xperia SOLA Bootloader Unloking and Rooting

    මාත් ගත්තා නොවෑ අලුතෙන් ආව SONY Xperia SOLA එකක්. ඒකත් නරකම නැහැ. ;);)
    ඉතිං ඕක ගෙනාව ගමන් කලේ බූට්ලෝඩරේ අන්ලොක් කරගන්න විදිහකුයි රූට් කරගන්න විදිහකුත් හොයපු එක. අන්තිමේදි හොයාගත්තා ඉතිං. හොයාගෙන කරලත් බැලුවා. වැඩේ ගොඩ. ඉතිං දැනගත්ත දේ අනිත් අයත් එක්ක බෙදාගන්නත් එපැයි ඒක නිසා මේ නූලෙම දාන්න හිතුවා ඒකත්.

    ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමු.

    බූට්ලොඩරේ අන්ලොක් කරගන්න එක නම් මහ ලොකු දෙයක් නැහැ අනිත් Xperia ඒවා අන්ලොක් කරනවා වගේම තමයි. මං මේ කියන්නේ ඔෆිෂියල් මෙතඩ් එක හොදේ. ඒක මං වෙන නූලකත් දැම්මා. දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් හරි මෙතනින් හරි ඒක බලලා වැඩේ කරගන්නකෝ. :D:D

    ඒක එහෙම කරගත්තා ම් අපි දැන් රූට් කරගන්නේ කොහොමද කියලා බලමු.

    මේක කරගන්න මුලින්ම ඔයාට මෙන්න මේ ෆයිල් එක බාගන්න වෙනවා. ඒක ගන්න පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම.

    ඊලගට ඕනා වෙනවා Fastboot.exe කියන එකත් ගන්ඩ. ඒක ගන්න පුලුවන් මෙතනින්.

    ඔය ටික ගත්ත නම් වැඩේට බහිමු.

    දැන් ඔයා මුල්ම ලින්ක් එකෙන් බාගත්තානේ Kernel එකක්. ඒකේ නම ඇත්තේ Sola-DooMLoRD-AdvStkKernel-v01-test1.elf ඔය විදිහට. ඕක දිග වැඩි නිසා අපි ඕක රීනේම් කරගමු kernel කියලා. (රීනේම් කරන්න දන්නවනේ කවුරුත්, දන්නේ නැත්තම් ඒකත් කියන්නම්කෝ. ඒ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා යන්න රිනේම් කියන තැනට. එතනට ගිහින් ප්රෙස් කලාම අර නේම් එක නිල් පාටින් සිලෙක්ට් වෙයි. එහෙම උනාම kernel කියලා ටයිප් කොරන්නකෝ. ;);) )

    හරි දැන් එහෙනම් ඔයා ඒ kernel කියන ෆයිල් එක කොපි කරගන්න, මං දෙවනියට බාගන්න කිවුවේ Fastboot.exe කියලා එකක්. ඒක ඇත්තේ rar ෆයිල් එකක් විදිහට, ඔයා ඒක Extract කර ගන්න ඩෙස්ක්ටොප් එකට.

    Extract කලාට පස්සේ ෆොල්ඩර් එකක් එයි ඩෙක්ස්ටොප් එකට. ඒක ඕපන් කරලා අර kernel කියන ෆයිල් එක ඒක ඇතුලට කොපි කරගන්න.

    කොපි කරගත්තට පස්සේ. ඔයා ඔයාගේ ෆොන් එක ඔෆ් කරලා තත්පර පහක් විතර ඉදලා. Volume UP බටන් එක ඔබාගෙන ෆෝන් එක කනෙක්ට් කරන්න කම්පියුටරේට. Volume UP එක හොදේ. එතකොට ඔයාට පෙනෙයි නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තුවෙනවා.

    ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ මැෂින් එකේ ස්ටාර්ට් මෙනු එකට ඒකේ All Programmes > Accessories > Command Prompt ගිහින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඔපන් කරගන්න.

    දැන් යන්න ආයෙමත් Fastboot ෆොල්ඩර් එකට. ගිහින් ඒක ඕපන් කරගන්න. ඔපන් කරගෙන ඔයා ඒකේ පාත් එක ගන්න ඕනා. (වින්ඩෝස් XP වල නම් උඩ තියෙන ඇඩ්රස් බාර් එකේ පාත් එක පෙන්නනවා ඔයාට තියෙන්නේ ඒ ටික සිලෙක්ට් කරලා කොපි කරගන්න එක, නමුත් වින්ඩෝස් 7 වල එහෙම පෙන්නන්නේ නැහැ, ඔයා පාත් එක ගන්න උඩ ඇති ඇඩ්‍රස් බාර් එකක් XP වල වගේම. ඔයා එතනට එක ක්ලික් එකක් දෙන්න ඕනා. එතකොට පෙන්නයි පාත් එක සිලෙක්ට් කරලම. එතකොට ඔයා ඒක කොපි කරගන්න. :rolleyes::rolleyes: )

    ඊලගට යන්න කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහින් මං මේ දෙන විදිහට ගහන්නකෝ.

    මුලින්ම ගහන්න CD කියලා, ඊලගට තියන්න ස්පේස් එකක් (හිස්තැනක්), ඊලගට ඔයා අර කලින් පියවරේ කොපි කරගත්තු පාත් එක එතනට පේස්ට් කරන්න, (මවුස් රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න) ඊලගට එන්ටර් කී එක ඔබන්න.

    එතකොට ඔයාට යටින් එයි තනි පේලියක් මෙන්න මේ විදිහට
    C:\Users\DT Lakmal\Desktop\Fastboot
    ඔයාගේ ඔය මැද තියෙන DT Lakmal කියන එක විතරක් වෙනස් වෙයි.

    එහෙම ආවනම් ඔයා මෙන්න මේ ලයින් එක මේ විදිහටම කොපි කරගෙන, පේස්ට් කරලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට එන්ටර් කී එක ඔබන්න හොදද.
    fastboot flash boot kernel.elf

    අකුරු වෙනස් කරන්න එපා.

    චුට්ට වෙලාවක් යයි, ඊට පස්සේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න.
    වැඩේ හරියට උනාද බලන්න, යන්න මෙනු එකට ගිහින් බලන්න Super User කියලා ඇප් එකක් තියෙනවද කියලා.
    එහෙම තියෙනවා නම් වැඩේ ගොඩ. :rofl::rofl:

    තව එකක් මේවා කරාම වොරන්ටි ඉවරයි. අනික හරියටම කියවලා ඒ විදිහට කරන්න. වැරදියට කරලා මොනා හරි උනොත් ඕන් මං එහෙම නැහැ හොදේ. :angry::angry:

    (එහෙම මොකක් හරි අවුලක් ආවොත් කියන්නකෝ දන්න විදිහට හෙල්ප් එකක් දෙන්නම්..

    මේකෙන් සෙට් උනේ නැත්තම් මේකට ඇවිත් කමෙන්ට් එකක් දාලා අහන්ඩ.:yes:)
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Android ෆොනේ එකේ power button එක press කරලම screen එක Off වෙන Style එක වෙනස් කරන්නේ කොහොමද?

    මේක තියෙන්නේ AndroidPolicy.jar එකේ. මට නම් කිසිම දැනුමක් නෑ ඕක edit කරන්න. හොඳම දේ තමා ඕක තියෙන mod එකක් ෆ්ලෑෂ් කරන එක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මාත් ගත්තා නොවෑ අලුතෙන් ආව SONY Xperia SOLA එකක්. ඒකත් නරකම නැහැ. ;);)
    ඉතිං ඕක ගෙනාව ගමන් කලේ බූට්ලෝඩරේ අන්ලොක් කරගන්න විදිහකුයි රූට් කරගන්න විදිහකුත් හොයපු එක. අන්තිමේදි හොයාගත්තා ඉතිං. හොයාගෙන කරලත් බැලුවා. වැඩේ ගොඩ. ඉතිං දැනගත්ත දේ අනිත් අයත් එක්ක බෙදාගන්නත් එපැයි ඒක නිසා මේ නූලෙම දාන්න හිතුවා ඒකත්.

    ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමු.
    .....................

    නියමයි මචන් :yes::yes: rep added
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Android ෆොනේ එකේ power button එක press කරලම screen එක Off වෙන Style එක වෙනස් කරන්නේ කොහොමද?

    CRT off ගැන වෙන්නැති මේ අහන්නේ ... ?
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    ane machan mage 4n eke message karanakota characters 80i type karanna puluwan
    mama 4n eka aluthin gatte mata meke characters gana wadi karaganna widiyak kiyannako:(
    samsung galaxy s anycall :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ane machan mage 4n eke message karanakota characters 80i type karanna puluwan
    mama 4n eka aluthin gatte mata meke characters gana wadi karaganna widiyak kiyannako:(
    samsung galaxy s anycall :dull:

    sorry.com Korean ඒවා ගත්තම ඔහොම තමා කොල්ලෝ ඕක නවත්තන්න ඉතින් රූට්‌ කරලා custom rom එකක් දාගන්න වෙනවා. එත් anycall එකට custom rom තියෙනවද කියන එක තමා සැක
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    sorry.com Korean ඒවා ගත්තම ඔහොම තමා කොල්ලෝ ඕක නවත්තන්න ඉතින් රූට්‌ කරලා custom rom එකක් දාගන්න වෙනවා. එත් anycall එකට custom rom තියෙනවද කියන එක තමා සැක
    wena widiyak nadda machan:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    wena widiyak nadda machan:(

    දන්න තරමින් නෑ මොකද ඕක localise කරලා තියෙන්නේ Korea වලට. උන්ගේ Characters 80 කියන්නේ 160. මේක තමා මම කට කැඩෙනකන් කියන්නේ ගන්න මගුලක් international version එක ගනිල්ලා කියල. කොහෙද ඉතින් අහන එකක්යැ දුවල ගිහිල්ලා specs පට්ට මචන් කියල උස්සගෙන එනවා Korean ඒවා
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    දන්න තරමින් නෑ මොකද ඕක localise කරලා තියෙන්නේ Korea වලට. උන්ගේ Characters 80 කියන්නේ 160. මේක තමා මම කට කැඩෙනකන් කියන්නේ ගන්න මගුලක් international version එක ගනිල්ලා කියල. කොහෙද ඉතින් අහන එකක්යැ දුවල ගිහිල්ලා specs පට්ට මචන් කියල උස්සගෙන එනවා Korean ඒවා
    hehe ekanam atta machan:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දන්න තරමින් නෑ මොකද ඕක localise කරලා තියෙන්නේ Korea වලට. උන්ගේ Characters 80 කියන්නේ 160. මේක තමා මම කට කැඩෙනකන් කියන්නේ ගන්න මගුලක් international version එක ගනිල්ලා කියල. කොහෙද ඉතින් අහන එකක්යැ දුවල ගිහිල්ලා specs පට්ට මචන් කියල උස්සගෙන එනවා Korean ඒවා
    :yes::yes: eka nm aththa.thawa tiken matath kela wnawa :nerd:
     
    Status
    Not open for further replies.