ANDROID 9.0 P: අලුතින්_එන දේවල්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,505
    16,260
    113
    ANDROID 9.0 P: අලුතින්_එන දේවල්

    Android-P.jpg



    Google සමාගමෙන් එයාලගේ වාර්ශික developer conference එක වන, Google I/O එක මෙම වසරේ (2018) මැයි 8 සිට මැයි 10 දක්වා පැවැත්වීමට නියමිතයි.ඉතිං ඊට කලින් සුපුරුදු පරිදි එයාලා මාර්තු මාසයේදී එයාලගේ අලුත්ම Android version එකේ පළවෙනි developer preview එක ඊයේ දිනයේදී (මාර්තු 07, 2018) රිලීස් කරා. දැනට Android P ලෙස හඳුන්වන එය ඉදිරියේදී සුපුරුදු පරිදි රසකැවිල්ලක නමකින් නම් කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා.

    ඉතිං නම කොහොම වෙයිද?

    *Pie
    *Pop Art
    *Peppermint
    *Popsical
    *Pineapple

    නෑ, P stands for Privacy.​

    ඒ ඇයි එහෙම වෙන්නේ? අලුතෙන් එකතුවෙන දේවල් ගැන කියෙව්වම ඔයාටම තේරෙයි ඇයි එහෙම කිව්වේ කියන එක.පහුගිය ටිකේම Android 9.0 ගැන එක එක ජාතියේ ලීක්ස් ආව XDA-Developers, Android Authority, Android Police, Android Headlines වගේ සයිට්ස් වලින්. ඒවයින් කියවුන දේවල් වලින් අපිට දැනගන්න ලැබුන දේවල තමයි සමස්ථයක් විදිහට ගත්තම ඇන්ඩ්‍රොයිඩ් වල නවතම සංස්කරණය වන 9.0 එකේදී ගූගල් සමාගම වැඩිවශයෙන් අවධානය යොමු කරල තියෙන්නේ තම මෙහෙයුම් පද්ධතියේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකදෙන පහසුකම් ඉලක්ක කරගෙන කියන එක. ඉතිං වැඩිය කතා නොකර අපි බලමු මොනවද මේ අලුතින් එකතුවෙන දේවල් කියන එක.

    BACKGROUND APPS සඳහා සීමිත අවසරය

    IdyOidc.jpg



    ඇන්ඩ්‍රොයිඩ් 9.0 වලදී background running apps වලට ජංගම දුරකථනයේ කැමරාව සහ මයික්‍රෆෝනය සඳහා ලැබෙන අවසරය සීමා වෙනවා. මේ සඳහා SELinux module එක වැඩිදියුණු කරල තියෙනවා කිසියම් මෘදුකාංගයක් බාවිතා කිරීම නැවැත්වූ පසු යම්කිසි කාලසීමවකින් ඒ අදාල මෘදුකාංගයට කැමරාව සහ මයික්‍රෆෝනය හැසිරවීමේ හැකියාව ඉබේම වැළැක්වෙන ආකාරයට. මේ හේතුව නිසා මොනයම් හෝ ආකාරයක පෞද්ගලිකත්වයට හානිවන ආකාරයේ මෘදුකාංගයක් ඇති නම් ඒ සඳහා ඇති හැකියාව මෙහෙයුම් පද්ධතිය මඟින්ම අවහිර කිරීම සිදු කරනවා.


    රහසින් කෝල් රෙකෝඩ් කරන්නත් බෑ.​

    ඇන්ඩ්‍රොයිඩ් 9.0 සමඟින් එන තව අලුත්ම පහසුකම තමයි ජංගම දුරකථන පරිශීලකයා දුරකථන ඇමතුමක යෙදී සිටින අවස්ථාවක එම ඇමතුම යම් පාර්ශවයක් විසින් රහසේ පටිගත කරනවා නම් ඒ පිළිබඳව ඔහුට දැනුම් දීමක් කරනවා. මෙම පහසුකම හරහා සිදුවන්නේ අදාල කෝල් රෙකෝඩිං ඇප් එකේ පැකේජ් නාමය හඳුනාගෙන සෑම තත්පර 15කට වතාවක්ම 1,400MHz නාදයකින් ඔහුගේ ඇමතුම පටිගත කෙරන බව ඔහුට දැනුම් දීමයි. නමුත් විවිධ රටවල ඇති නීති රීති සහ රෙගුලාසිවලට අනුව ඇමතුම් පටිගත කිරීම අනිවාර්‍ය කර ඇති නම් එවැනි අවස්ථාවලදී මෙම පහසුකම ක්‍රියාත්මක නොවේ. නමුත් නීතිවිරෝධී ආකාරයට කිසිඳු දැනුම් දීමකින් තොරව සිදුකරන ඇමතුම් පටිගත කිරීම් වලට මෙමඟින් වැට බැඳෙනු ඇත.

    IRIS SCANNER සඳහා සහය…

    G9SbhdM.jpg

    දැනට සැම්සුන් සමාගමේ high end devices එක්ක එන මෙම පහසුකම සඳහා අවශ්‍ය වන drivers සහ අනෙකුත් පහසුකම් සියල්ලම ඇන්ඩ්‍රොයිඩ් 9.0 සමඟ ඇතුලත් කර නිකුත් කිරීමට ගූගල් සමාගම කටයුතු කරගෙන යනවා. ඒ අනුව ඕනෑම ජංගම දුරකථන නිෂ්පාදකයෙකුට තම නවතම ජංගම දුරකථන සඳහා IRIS scanner පහසුකම ආයාසයකින් තොරව ඇතුලත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් 9.0 සංස්කරණය IRIS scanner සදහා පහසුකම් සලසන drivers ඇතුලත් කරමින් නිකුත් වෙන පළමු සංස්කරණය වේ.


    HID BLUETOOTH REMOTE SUPPORT​

    මේ පහසුකමත් එක්ක අපිට අපේ ජංගම දුරකථනය බ්ලූටූත් කීබෝඩ් එකක් හෝ මවුස් එකක් ආකාරයට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

    OLED තිර සඳහා DARK MODE

    ZQDoVUv.jpg


    මීට වසර කිහිපයකටත් පෙර සිටම මෙම පහසුකම Stock Android සමඟ ලැබෙන බව මත පල වුනත් අවාසනාවකට වගේ එය සිදු උනේ නෑ. නමුත් විවිධ ජංගම දුරකථන නිශ්පාදකයන්, ඔවුන් විසින් සිදු කරන මොඩිෆිකේශන්ස් හරහා Dark Mode ඇතුලත් කර එවුවත් දැන් Stock Android පරිශීලකයන් සඳහා ගූගල් සමාගම විසින්ම Dark Mode ඇන්ඩ්‍රොයිඩ් 9.0 තුල ඇතුලත් කර ඇත. ඒ අනුව තවදුරටත් ජංගම දුරකථන නිෂ්පාදකයන්ට Dark Mode නිර්මාණය සඳහා ආයාසයක් දැරීමට සිදුනොවනු ඇත. මෙය ඇන්ඩ්‍රොයිඩ් 9.0 stable version එක සමඟින් නිකුත් වේවිද යන්න අප බලා සිටිමු.


    NOTCH SUPPORT


    5yGICQA.jpg

    MWC 2018 දී ගොඩක් ෆෝන්ස් ඩිස්ප්ලෙ නොච් එකත් එක්ක එනවුන්ස් කරා. මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් 9.0 සමඟ නොච් සපෝට් සහ වෙනස් ආකාරයේ ඩිස්ප්ලේ සඳහා මෙහෙයුම් පද්ධතිය තුලින්ම සහය දක්වන ආකාරයට නිර්මාණය කර තිබෙනව. පසුගිය මාර්තු 7 වන දින රිලීස් උන Android 9.0 Developer Preview 1 සමඟ නොච් එක ඇක්ටිව් කරගත හැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා.


    නිකුත් වන දිනය​

    මේ වන විට Android 9.0 Developer Preview 1 එක රිලීස් කරල තියෙන්නෙ. ගූගල් සමාගම සුපුරුදු පරිදි මේ වතාවෙත් එයාලගේ අලුත්ම සංසකරණයේ Developer Preview එක මේ වසරේ මාර්තු මාසයේ නිකුත් කරා Google I/O එකට මාස දෙකක් තියල. ඒ අනුව, ගූගල් සමාගම පසුගිය වසර දෙකක කාලය තුල පවත්වත්වාගෙන ආපු රටාව මෙම වසරේදීද වෙනස් නොකර Android 9.0 P එහි නමත් එක්ක 2018 අගෝස්තු මාසය මැද බාගය වන විට නිකුත් කරාවිය යන්න මත පල වෙනවා.



    SOURCE​
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !

    You must spread some Reputation around before giving it to deanXX again. :sorry:


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්ද්රොයිඩ් 8 ඇවිල්ලද නැත්නම් වින්ඩෝස් 8.1 වලින් කෙලින්ම වින්ඩෝස් 10 වුනා වගේ 7.1වලින් පස්සේ 9 එනවද ? :confused::confused:

    රේප් +16
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මරුසිරා;22950003 said:
    අන්ද්රොයිඩ් 8 ඇවිල්ලද නැත්නම් වින්ඩෝස් 8.1 වලින් කෙලින්ම වින්ඩෝස් 10 වුනා වගේ 7.1වලින් පස්සේ 9 එනවද ? :confused::confused:

    රේප් +16

    8 තමයි ඔරියෝ කියන්නේ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර ජෙලිබීන් වල ඉඳන් එන මෙමෙරි ලීක් එක දැන්වත් හදලද දන්නෑ :baffled: