Android 9.0

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    Android P​

    android-storia-aggiornamenti-pr3.jpg

    ලොව පුරා ජංගම දුරකතන භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය සහ ඉහලින්ම තියෙන මෙහෙයුම් පද්දතියක් වන Android හි නවතම සංස්කරණය වන Android 9.0 මේ වෙද්දි වෙද්දි නිකුත් වෙලා තියෙනවා.​

    Google සමාගමේ වාර්ෂික developer conference එක වන Google I/O එකේදි නිකුත් කරපු අලුත්ම Android version එකේ අත් දැකීම මේ වෙද්දි ඔයාට විඳගන්න පුළුවන්. හැබැයි ‘’Android P’’ මේ වෙද්දි Google Pixsel Nokia 7 Plus / OnePlus 6 / Xiaomi Mi Mix 2S / Essential PH‑1 / Sony Xperia XZ2 / OPPO R15 Pro / Vivo X21 කියන දුරකතන වල පමණක් ක්‍රියාත්ම වෙනවා කියලා තමයි ගූගල් සමාගම කියන්නෙ.​

    android-p-beta-980x653.jpg
    ]
    කොහොම වුනත් මෙහෙයුම් පද්ධතියේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකදෙන පහසුකම් වැඩි වශයෙන් අන්තර්ගත කරමින් ‘’Android P’’ සංස්කරණය නිර්මාණය කරන්න ගූගල් සමාගම උත්සාහගෙන තිබෙනවා. ඒ නිසාම ‘’Android P’’ සංස්කරණයේදී හොර රහසේ කෝල් රෙකෝඩ් කරන්නම් අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.

    යම් අවස්ථාවකදී ඔයා තව කෙනෙක් එක්ක කතාකරන අවස්ථාවක එම දුරකතන ඇමතුම පටිගත කරන්න ගියොත් සෑම තත්පර 15කට වතාවක්ම 1,400MHz නාදයකින් එම අැමතුම පටිගත කරන බව අදාල පාර්ශවයට දැනුම් දෙනවා.

    ඒ වගේම ‘’Android P’’ වලදී background running apps වලට ජංගම දුරකථනයේ කැමරාව සහ මයික්‍රෆෝනය සඳහා ලැබෙන අවසරය සීමා කරලා තියෙනවා. එහිදී ඔබ යම්කිසි යෙදවුමක් භාවිතා කර එය නතර කල පසු මිනිත්තු කිහිපයක කාලයක් එම යෙදවුමට කැමරාව සහ මයික්‍රෆෝනය හැසිරවීමේ හැකියාව ස්වයංක්‍රීයව වැළකී යනවා.​

    android-p-easter-egg.jpg

    ඒ වගේම ‘’Android P’’ සංස්කරණයට HID BLUETOOTH REMOTE SUPPORT තාක්ෂණය ඇතුලත් කර තිබෙන නිසා ඔබගේ ජංගම දුරකථනය බ්ලූ ටූත් කීබෝඩ් එකක් හෝ මවුස් එකක් ආකාරයෙන්ද භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

    ‘’Android P’’ සංස්කරණයේදී දුරකතන තිරය සඳහාද අවධානය යොමු කර තිබෙනවා. එ අනුව Rounded corner menu මගින් දුරකතන තිරයට ඉහල පෙනුමක් වගේම transition animation භාවිතා කරන්නාට අපහසුවක් නොවන අයුරින් ඉතා සරල ලෙස නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම Dark mode පහසුකමද ‘’Android P’’ සංස්කරණයට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්​

    ‘’Android P’’ සංස්කරණයේ සියළු විශේෂාංග පහත වීඩියෝවෙන් බලන්න.​