Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !

    Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !​


    motorola-1024x682-790x526.jpg



    Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.



    Nexus-Family.jpg



    මේ නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.






    අලුත් දෘශ්‍ය මුහුණුවරට අමතරව අලුතින් APIs 5000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා විවිධ ප්‍රමාණ වලින් යුත් devices සඳහා Apps නිර්මාණය කිරීමට පහසුකම් සැපයෙනු ඇත. අලුත් Notification පහසුකම මඟින් ඔබට ලැබෙන notification සීමා කර ඇති අතර ඒ හරහා අනවශ්‍ය පරිදි ජංගම දුරකථනය බාධාවක් වීම අවමවනු ඇත. තවද අලුතෙන් හඳුන්වාදුන් බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකම මඟින් අමතර අත්‍යවශම වේලවෙකදී අමතර මිනිත්තු 90ක් දක්වා ජංගම දුරකථනය භාවිත කරන්නට ඔබට හැකියාව ලැබේවි. එකම උපරකණයක් කිහිප දෙනෙකු භාවිත කරන විට ඒ ඒ පුද්ගලයාට විවිධ profile සාදා භාවිත කරන්නට පුළුවන් ආකාරයේ පහසුකම් වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම අපහසු කිරීමත් විශේෂ හඳුන්වා දීමක්.

    මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව ඇත.


    devices.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්මේ ලොකුම ලොකු දෙයක්... මටත් එනවනේ Update එක එනකම් ඉන්නවා බලන්න..

    rep+
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දඩබ්බරයා;17261520 said:
    ithin ban kit kat eketh sinhala penawane. Galaxy note1,2,3 man use kara. Note 1 eke ice cream sandwich eketh sinhala penuna trype karannath puluwan key board eka da gahthtahama... ane manda mata therenne naddda kiyala ithin...
    android stock rom eke sinhala thibbe na mchn mama hithanne. samsung wala touchwiz eke thiyenawa. htc wage ewaye sinhala pennanne na.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    දඩබ්බරයා;17261520 said:
    ithin ban kit kat eketh sinhala penawane. Galaxy note1,2,3 man use kara. Note 1 eke ice cream sandwich eketh sinhala penuna trype karannath puluwan key board eka da gahthtahama... ane manda mata therenne naddda kiyala ithin...

    Samchung wala thibbata lokka istock android (AOSP) wala thibbe naha, ekane kattiya root karagena font file eka damme /system/font folder ekata. Athi yantham danwath damma :yes:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දඩබ්බරයා;17261520 said:
    ithin ban kit kat eketh sinhala penawane. Galaxy note1,2,3 man use kara. Note 1 eke ice cream sandwich eketh sinhala penuna trype karannath puluwan key board eka da gahthtahama... ane manda mata therenne naddda kiyala ithin...

    samsung series වල සිංහල fonts render වෙනවා. ඒකේ system fonts unicode support නිසා. ඒත් sony වගේ ඒවට root කරල system එකේ fonts වලට සිංහල unicode වෙනම දාන්න ඕන...:yes: