Android phone එක සැමදාටම ආරක්ෂා කරගමු.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Android phone එක සැමදාටම ආරක්ෂා කරගමු.

    සාමාන්‍යයෙන් android phone වලට anti-theif වැඩසටහන් android market එකේ ඕනි තරන් තියනවා. සමහරවිට ඔයා දැනටමත් දාගෙන ඇති එකක්. එත් ඒ ගොඩක් software වල අඩුපාඩු රැසක් තියනවා නේද, හොරා ටිකක් වැඩකාරයෙක් නම් එයාට පුළුවන් පහසුවෙම්ම ඒ programs වලින් ගැලවෙන්න. එත් මම දැන් කියලාදෙන ක්‍රමයෙන් නම් හොරා මාට්ටු වෙනවා නිසැකයි. මේ මම පහල දීලා තියන application එක ඔයාල direct බාලා හරි android market එකෙන් හරි install කරගන්න. ඒ තමා Avast Anti-theif එක.

    Direct Download

    Google Play


    මේකේ විශේෂත්වය තමා මේක තියෙන්නේ Update Agent කියලා නමකින්. Install කරගත්තාම ඔයාලට පෙනෙයි එහෙම නමකින් කොලපාට icon එකක්. දැන් ඔයාලා එක open කරලා Anti-theif on කරලා pin number එකක් එහෙම set කරලා නැති උනොත් massege යන්න වෙන phone number එකක් එහෙම දෙන්නකෝ.

    web.png


    web.png


    ඒ වැඩ ටික හමාර කරගත්තාම ඔයාලා ඒකෙන් අයින් වෙලා බලන්න. ආයේ phone එකේ කොහෙවත් ඔයාට Update Agent හෝ වෙන මොනවා හරි නමකින් ඔයාට icon එකක් දකින්න ලැබෙන්නේ නෑ. මේකේ වාසිය තමා කවුරුත් දන්නේ නෑ ඔයාගේ phone එකේ මෙහෙම දෙයක් install කරලා තියනවා කියලා. ඔයාට pin එක වෙනස් කරන්න හරි වෙන මොන වැඩකට හරි ඔයාට application එක open කරන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ pin එකට call එකක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ pin එක 2222 නම් ඔයා 2222 dial pad එකේ ගහලා call කරන්න. එතකොට ඒක open වෙයි. Number එක call log එකේ හිටින්නේ නෑ. ඒකට බයවෙන්න එපා.

    අනික මේක වැඩකරන්නේ Stealth mode එකේ. ඒ කියන්නේ හොරා දැනගන්නේ නෑ මෙහෙම දෙයක් තියන බව වත් එයාව track වෙන බව වත්. එයා sim එක වෙනස් කරත් එයාට වෙනස තේරෙන්නේ නෑ. එත් අලුත් sim එකෙන් ඔයා අර දීලා තියන යාළුවගේ number එකට දිගටම message එනවා phone එක තියන තැන කියල. එහෙම නැත්තම් ඔයාට පුළුවන් phone එක lock කරන්න. එකට ඔයාට කරන්න තියෙන්නේ phone එකේ තියන number එකට 2222 lock හරි 2222 lost හරි කියලා (2222 වෙනුවට ඔයාගේ pin එක ගහන්න) sms එකක් යවන්න. එතකොට ඒ phone එක lock වෙලා alarm එකක් වදිනවා. එයට pin එක ගහල මිසක් එක නවත්වන්න බෑ. අඩුම ගානේ off කරන්න මොකුත් කරන්න වත් බෑ.

    web.jpg


    Lock කරන්න විතරක් නෙවේ තව ගොඩක් වැඩ sms යවලා කරන්න පුළුවන්. පහල බලන්න
    .
    {your pin} CALL {phone number}
    ඒ phone එකෙන් ඔයා දෙන number එකට call එකක් එනවා.

    {your pin} FORWARD SMS {your phone no}
    ඒ phone එකට එන sms ඔයාගේ no එකට forward වෙනවා එයාට ලැබෙන්නේ නෑ.

    {your pin} CC SMS {your phone no}
    ඒ phone එකට එන sms වල copy එකක් ඔයාටත් ලැබෙනවා.

    {your pin} CC CALLS {your phone no}
    එයාට call එකක් එද්දී ඒ call එකම ඔයාටත් එනවා. ඔයාට එයා කථා කරනවා අහන්න පුළුවන්.

    ඒ වගේම එයාගේ call log එකේ copy එකක්, එයාගේ inbox එකේ සහ sent box එකේ තියන message ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් මෙහෙම sms වලින්. තව sms code ගොඩක් තියනවා. ඒ ඔක්කොම Help එකේ SMS Commands වල තියනවා.

    තවත් හොඳක් මේ application එකේ තියනවා. ඒ හොරා මේ application එක ගැන දැනගෙන හිටියත් එයාට මේක uninstall කරන්න බෑ. එකට ඔයා pin එක දැනගන්න ඕනි. අනික නිකන් apps අයින් කරනවා වගේ බෑ. ඔයා මේකේ root mode එක install කරන්න හිටියොත් (root phone එකක් නම්) හොරා phone එක hard reset කරත් මේක අයින් වෙන්නේ නෑ. අනික sim එක වෙනස් කරලා තියෙද්දී කාටවත් phone එකේ settings වලට යන්න බෑ. Auto disconnect වෙනවා.

    කොහොමද කියලා බලලා හොද නම් කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Avast ekath hodai machan.
    eth Avast anti-thief app ekata wada KMS(Kaspersky mobile security) 1000 gunayak hodai machn.
    eka uba dala balapan..

    ..................................................​
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,169
    876
    113
    ----- Hill City ----
    හැබැයි මචන් උස්සපු phone එක lock කරන එක එච්චර හොද දෙයක් නෙවෙය් ..බැරි වෙලාවත් හොරට phone එක unlock කරගන්න බැරි වුනොත් සදහටම phone එක ලොස්ට් තමයි ...:sorry: TRC එකෙන් IMEI track කරන්න නම් උස්සපු phone එක ගත්ත එකට use කරන්න දෙන්න ඕන...වටිනා කියන දේවල් phone එකේ තියෙනවනම් supiri app එකක්... 5++:yes::yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හැබැයි මචන් උස්සපු phone එක lock කරන එක එච්චර හොද දෙයක් නෙවෙය් ..බැරි වෙලාවත් හොරට phone එක unlock කරගන්න බැරි වුනොත් සදහටම phone එක ලොස්ට් තමයි ...:sorry: TRC එකෙන් IMEI track කරන්න නම් උස්සපු phone එක ගත්ත එකට use කරන්න දෙන්න ඕන...වටිනා කියන දේවල් phone එකේ තියෙනවනම් supiri app එකක්... 5++:yes::yes:
    2zyftpg.png

    unlock karanna one na bn.
    hora wena sim ekak dapu gaman hora danneth nathuwa msg ekak yawanawa me app eken api dila thiyena no ekata.
    ethakota hora kauda kiyala nikanma ahu wenawa.
    TRC baila one na. police ekata gihin horage no eka vithari denna one.

    ay horage mobile no eka enawa sms eke.
    habai salli nathi unoth thamai case eka horage sim eke.. :(:(
    eth kawada hari ahu wenava mokada eka sim ekak dala nikan inne nane.
    flash karoth thamai aul wenne.

    ..................................................​
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    හොරා ෆෝන් එක ෆ්ලෑෂ් කලොත් මේක අයින් වෙනවද? :confused:


    anyway nice thread. rep ++
    something is better than nothing

    :yes::yes: ethakota owa ekakwath wedak ne :D:D:D hebei policiyata imei number deela trc eke track karana system eken hoya ganna puluwan.