Android Programming 3

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔන්න තුන්වෙනි post එක


    පලවෙනි එක මෙතනින් - http://www.elakiri.com/forum/showthread.php?p=19014715#post19014715


    දෙවැනි එක මෙතනින් - http://www.elakiri.com/forum/showthread.php?p=19029631#post19029631


    කලින් ලියපු app එක run කලානේ..කොහොමද app එක run වෙද්දීම layout xml file එක පෙන්නුවේ..කොතනින්ද එක මුලින්ම පෙන්න ඕන කියල කිව්වේ..
    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියන්න ඕනේ මමත් මේ දේවල් ඉගෙන ගත්තේ තනියම හොයල සෑහෙන කට්ටක් කාල..තවත් කෙනෙක්ට මට වඩා ලේසියෙන් ඉගෙන ගන්න තමා මෙහෙම post දාන්නේ...වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න..


    main java class එක open කරන්න..එකේ oncreate method එක බලන්න..මම කලිනුත් කිව්වා වගේ oncreate method එකේ තමයි මේ java class එක run වෙන්න පටන් ගද්දි වෙන්න ඕනේ දේවල්..



    පහල code එකෙන් තමයි මේ java class එක run වෙන්න පටන් ගද්දි පෙන්නන්න ඕනේ layout xml file එක..




    දැන් අලුත් ප්‍රශ්නයක් එනවා..එතකොට මුලින්ම run වෙන්නේ මේ java class එකද?
    උත්තරේ ඔව්..


    එතකොට මේ class එක මුලින් run වෙන්න ඕනේ කියල කිව්වේ කොතනද?
    එකට උත්තරේ හොයාගන්න නම් manifest file එකට යන්න ඕනේ




    මේ උඩින්ම icon කියල define කරලා තියෙන්නේ app එකේ icon එක..ඊට පහලින් label කියල තියෙන්නේ app එකේ නම..ඒ කියන්නේ app එකේ action bar එකේ පෙන්නන නම..




    ඔය app1 කියල වැටිලා තියෙන්නේ..



    theme කියන්නේ app එකේ theme එක..කැමති theme එකක් අපිට app එකට දාගන්න පුළුවන්..layout xml එකේ design එකෙන් මේක මාරු කරගන්න පුළුවන්




    ඊළගට ඔය සෙට් එකට පහලින් <activity></activity> කියන ටැග් දෙක ඇතුලේ තියෙන්නේ අපේ activity එකට අදාළ තොරතුරු ටික..අපේ app එකේ තියෙන්නේ එක activity එකක් විතරක් නිසා මේකේ තියෙන්නේ <activity></activity> ටැග්එකයි..අපේ app එකේ තියෙන හැම activity එකකටම මෙතන ටැග් දාන්න ඕනේ..




    මේ name කියල තියෙන්නේ activity එකේ නම.
    ඒ activity එක run වෙද්දී action bar එකේ සෙට් වෙන්න ඕනේ නම තමයි label කියන්නේ..හිතමුකෝ අපේ app එකේ home කියලයි user කියලයි activity දෙකක් තියෙනවා කියල..home එක run වෙද්දී action bar එකේ Home කියලත් ,user එක run වෙද්දී action bar එකේ User කියලත් වැටෙන්න ඕනේ නම්..ඒ activity දෙකේ label විදියට නම් දෙක දුන්න නම් හරි..


    ඊළගට action ටැග් එක ඇතුලේ තියෙන්නේ එකට අදාල්ක action එක..
    category ටැග් එක ඇතුලේ තියෙන්නේ activity එකේ category එක..LAUNCHER දෙන්නේ main class එකට..එතකොට තමයි එක මුලින්ම run වෙන්නේ..අනිත් activity වල category ටැග් එක ඇතුලේ දාන්නේ DEFAULT කියල..default දැම්මම අපි කොතනින් හරි ඒ activity එක start කරන code ලියන්න ඕනේ..නිකන්ම ස්ටාර්ට් වෙන්නේ නැහැ..


    දැන් manifest file එක ගැන අදහසක් එන්න ඇති.මේකේ තමයි app එකේ main data ටික තියෙන්නේ..device එක මුලින්ම read කරන්නේ මේ file එක,,ඊට පස්සේ මේකට අනුව main class එක run කරන්නේ..


    දැන් මම ආයේ code එකට යනවා..මේකේ අපි onclick listner පාවිච්චි කලානේ button එක click කරන එක අල්ල ගන්න..අපි කලේ අපේ class එක onclicklistner class එකට implement කරලා එකේ onclick method එක override කරගත්ත එක..ඊටපස්සේ ඒ method එකේ අදාළ code ටික ලිව්වා..


    මම දැන් implement කරපු එක අයින් කරනවා
    පහළ තියෙන onclick method එක comment කරගන්නවා../* */






    දැන් button එකට onclicklistner එක සෙට් කරගත්තු code දෙක error පෙන්නයි..මම එක වෙනස් කරනවා
    b1.setOnclickListner( මෙතන )


    new කියන keyword එක use කරලා onclicklistner class එකේ object එකක් හදාගන්නවා


    b1.setOnclickListner(new OnClick කියල type කරල ctrl+space වලින් suggesion අරන් තෝරනවා )

    suggesion ගත්තම onclick listner දෙකක් පෙනේවි දාගන්න ඕනේ android view.View එක.

    enter කරපු ගමන් එතනම onclick method එක override වෙනවා..


    එක ඇතුලේ code එක ගහගන්න තියෙන්නේ දැන්..මෙතනට switch case ඕනේ නැහැ..මොකද මේ onclick method එක අදාළ මේ button එකට විතරයි..මේකෙන් අල්ලන්නේ මේ button එකේ click විතරයි..



    අනිත් button එකටත් මේ විදියටම දාගන්න ඕනේ listner එක..මෙතනදි ඒ layout එකේ තියෙන්නේ එක button එකනම් මේ විදියට දැම්මට අවුලක් නැහැ..එත් ගොඩක් තියෙනවනම්..implement කරන එක තමා ලේසි..ඒවගේම මේ ක්‍රමේදී button එකෙන් එකට listner එකේ object හැදෙනවා..එතකොට ඉතින් ram එක තමා පිරෙන්නේ..ඒ නිසා මේ ක්‍රමේට වඩා අනිත් දෙක තමා වඩා සුදුසු

    තව ක්‍රමයක් තියෙනවා.implement කරලා තියෙන ඒවා onclicklistner සෙට් කරල තියෙන ඒවා අයින් කරගන්න.එකට මුලින්ම අපිට අදාළ button එකේ වෙන්න ඕනේ දේ method එකක් හදල method එක ඇතුලේ ලියනවා.



    ඊට පස්සේ xml file එකේ show button එකේ ටැග් එකට යනවා.onclick කියන attribute එක දානවා


    android:onClick="මෙතෙන්ට අර method එකේ නම"



    දැන් ආයේ යන්න අර method එකට..එකට argument එකක් දානවා View object එකක්..




    දැන් ටෙස්ට් කරලා බලන්න..අවසානෙට code කරපු විදිය තමා ලේසිම...

    ඊලග post එකෙන් layouts ගැන කතා කරන්නම්...
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෂා උඹ පට්ටයිනේ. අද තමයි මම උඹේ මේ ත්‍රෙඩ් ටික දැක්කේ. නියමයි මචං :)
    මේ වගේ වටින ත්‍රෙඩ් දකින්නත් ආසයි.
    REP+15

     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    supiri machan


    patta :D 15+

    fatta bn...rep deelalu kalin




    ෂා උඹ පට්ටයිනේ. අද තමයි මම උඹේ මේ ත්‍රෙඩ් ටික දැක්කේ. නියමයි මචං :)
    මේ වගේ වටින ත්‍රෙඩ් දකින්නත් ආසයි.
    REP+15



    එල...තෑන්ක්ස් සේරටම...:):):)
     
    • Like
    Reactions: King_cobra